(රෝෂන් තුෂාර)
විශ්‍රාම වැටුප සහ පාරිතෝෂිත දීමනා ලබාගැනීමේ කටයුතු සලසා දීම සඳහා රුපියල් 30000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායක හා සහායිකාව ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනා කරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (05)නියෝග කළේය.
තිලකාවතී අබේසිංහ හා ප්‍රදීප් සමන්ත පෙරේරා යන සැකකරුවන් මෙසේ බන්ධනාගාර ගත කළේය.
සැකකරුවන් පෙරේදා දින අත්අඩංගුවට ගත් බවත් ,ලබාගත් මුදල අධිකරණයට ඉදිරිපත් කරන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
පැමිණිලිකාර තැනැත්තිය මියගිය සැමියාගේ විශ්‍රාම සහ පාරිතෝෂිත දීමනා ලබා ගැනීමට එම දෙපාර්තමේන්තුවට ගොස් ඇති බවත්,එහිදී කටයුතු කරදීමට රුපියල් 35000 මුදලක් ඉල්ලා ඇති සැකකරුවන් රුපියල් හාරදහසක මුදලක් ලබාගෙන ඉතිරි රුපියල් තිස්දහස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් බව ද පැවසීය.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රෝහණ සේනාරත්න මහතා පෙනී සිටි අතර පළමු සැකකාරිය පැමිණිලිකාරියගේ සැමියාව හොඳින් දන්නා කෙනෙකු බවත්,අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් පැවසීය. කෙසේ වෙතත් විමර්ශන අවසන් නොමැති බැවින් ඇප ඉල්ලීමක් නොකරන බවද නීතිඥවරයා පැවසීය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත
දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විශ්‍රාම වැටුප දෙන්න අල්ලස් ගත් පියන්ලා රිමාන්ඩ්
රංබොඩ Friday, 05 July 2024 07:35 PM
රජයේ බොහෝ ආයතනවල බොහෝ සේවකයින් උසස් හෝ කා.කා.ස. වැනි රැකියා කරන අයද අල්ලස් ගැනීමට හුරු වී ඇති වග පෙනේ. ඉතා හොඳ ගෞරවණීය සේවකයින් ද ඇත.
විපරමා Friday, 05 July 2024 08:00 PM
මා ඉතා හොන්දින් දන්නා කෙනෙකුගේ විස්‍රාම වැටුප් පාරිතෝසිකය හදාගත්තේ 2009 වසරේදී රු.10,000ක පගාවක් දීලා. 2016 දී අනතුරකට ලක්වී ඇවිදින්ඩ බැරුව ගියා..එ නිසා ග්‍රාම සේවකගේ සහතිකය ඉද්‍රිරිපත් කරන්ඩ බැරිවූ නිසා විස්‍රාම වැටුප් ගෙවීම් නැවැත්වූවා.මා දන්න විදියට ඔහු ඉතාම හොන්දින් අවන්කව තම රාජකාරිය කරපු කෙනෙක්.දැනට .විදෙස් රටක හොදින් ජීවත්වෙනවා.
samare Saturday, 06 July 2024 04:21 AM
අපි කතාකරන්නේ AI ගැන ඕනෑම අති බහුතරයක් අතේ ස්මාර්ට් ෆෝන් තියෙනවා. තරුණ පිරිසගෙන් බහුතරයක් කොයි වෙලේ බැලුවත් FB හෝ YouTube එකේ... නමුත් ඉතාම සරල පරිගණක ක්‍රියාවලියක් හරහා කළ හැකි විශ්‍රාම වැටුප් වාර්තාවක් සැකසීම වගේ දෙයක් කරගන්න එම දෙපාර්තමේන්තුවට බැරි වීම කණගාටුවට කරුණක්. යම් සේවකයෙක් රජයේ සේවයට ඇතුලත්වෙනකොටම එය විශ්‍රාම යන දවස දන්නවා. ඉතින් අඩුම ගණනේ වසරින් වසරවත් එක එක සේවකයාගේ විශ්‍රාම වැටුප් විස්තර එම දෙපාර්තමේන්තුවට තම දත්ත පද්ධතියට ඇතුළත් කරගන්න බැරි නම් අපි ලැජ්ජා විය යුතුයි. නිකරුනේ මිනිස්සු රස්තියාදු කරවනවා. මේවා හොර ගුහාවල්. අකාර්යක්ෂම බවින් අංක එකට කිට්ටුයි. හැම මගුලකටම දේශපාලකයින්ටම බැන බැන ඉඳිමු..