IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


විශ්වකර්මයා අත්වාරුවෙන් මැතිසබයේ

කතානායක කරූ ජයසූරිය මහතාගේ ආරාධනයෙන් පාර්ලිමෙන්තුවට අද (06) විශේෂ ආරාධිත අමුත්තෙක් පැමිණ සිටියේය.ඒ 1982 වසරේ විවෘත වූ ශ්‍රීජයවර්ධනපුර පාර්ලිමෙන්තු සංකීර්ණයේ අභිමානවත් ලෝහ කැටයම් සමූහයේ නිර්මාතෘවූ කලාශූරී,කලාකීර්ති, විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතාය.අද ඔහු 79 වැනි වියෙහි පසුවේ.

ඔහු කතානායකවරයා සමග ගොස් තම දෑතින් නිමකළ පාර්ලිමෙන්තුවේ මහා රිදී දොර වසර 33 කට පසුව ස්පර්ශ කර බැලුවේ අත්වාරුවක සහයෙන් පියගැට කිහිපයක් තරණය කර ගොස්ය.දශක 3 කට පෙර ජවසම්පන්න ශිල්පියෙක් ලෙස තමා කළ නිර්මානය ඒ මහතා තම දරු මුණුබුරන්ට පෙන්වූයේ අභිමානයෙනි.

අඩි 12 ක් දිග සහ අඩි 12 ක් පළලින් යුතු මෙම ඓතිහාසික රිදී දොර පැරණි සෙල් ලිපියක ආකෘතියෙන් යුතුව නිම කිරීමට එදා වික්‍රමසුරේන්ද්‍ර මහතා කටයුතු කළේ ලොව කීර්තිමත් ගෘහ නිර්මාන ශිල්පියෙක් වූ ජෙෆ්රි බාවාගේ ඉල්ලීමකට අනුවය.

කොළඹ කොටුව ලංකා බැංකු මූලස්ථානයේ නිමවා ඇති ශ්‍රීලංකාවේ කාසි වල ඉතිහාසය විදහා දැක්වෙන ලෝහමය කාසි සංරචනයෙන් යුත් මූර්තිය ඔහුගේ තවත් නිමැවුමකි.අතීතයේ සිට වර්තමානය දක්වා භාවිතා වූ සියලුම කාසි වර්ග වල ආකෘති ඊට එක්කර ඇත.

එමෙන්ම කොමර්ෂල් බැංකු මූලස්ථානයේ ස්ථාපිත අඩි 25 ක් දිගැති මූර්ති ඵලකය,ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපනය කර ඇති ටොන් 2 ½ ක් බරැති ලෝකඩ සිංහ මූර්තිය,උපරිමාධිකරණයේ ඇති අඩි 16 ක් පමණ උසැති අෂ්ටමංගල සංකේත සහිත රිදී කොඩි සමූහය,පාප් වහන්සේගේ ශ්‍රීලංකා සම්ප්‍රාප්තිය වෙනුවෙන් මාළිගාවත්ත ශුද්ධවු මරියතුමියගේ දේවස්ථානයේ නිමකරන ලස ජේසු සමිඳාණන් නිරූපිත අඩි 17 ක් උසැති ලෝහ මූර්තිය,බස්නාහිර පළාත් සභා සෙංකෝල යුගළය ආදියද ඔහුගේ නිමැවුම්ය.

PARWEB-1106-01 PARWEB-1106-02 PARWEB-1106-03 PARWEB-1106-04 PARWEB-1106-05 PARWEB-1106-06 PARWEB-1106-07



අදහස් (0)

විශ්වකර්මයා අත්වාරුවෙන් මැතිසබයේ

ලාල් අරන්දරගේ Sunday, 08 November 2015 01:20 PM

ජාතික වස්තුවක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4638 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බිංගිරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


ගල්ගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 2 0


නිකවැරටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 11 0


පණ්ඩුවස්නුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 13 0


රුවන්වැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 17 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 14968 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 246 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site