IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


’වාස් ඉල්ලා අස්වුණේ ක්‍රමවේදයට පිටින් ගෙවීම් කළ නොහැකි නිසයි’

(බන්ධුල ඉලේපෙරුම)
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‍පුහුණුකරුවන්ට ගෙවීම් සිදුකරන ක්‍රමවේදයක් ඇති බවත් ඊට පිටින් ගෙවීම් කළ නොහැකි නිසා චමින්ද වාස් සිය ඉල්ලා අස්වීම ලබාදී ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස බඳවාගත් චමින්ද වාස් ඉල්ලූ පරිදි ගෙවීමක් සිදුනොකළ නිසා ඔහු ඉවත්වීම ගැටලුවක් බවත් වෙනත් විදේශීය පුහුණුකරුවන්ට විශාල මුදලක් ගෙවද්දී ජාතික අනන්‍යතාවයකින් යුත් චමින්ද වාස් වැන්නකුට එසේ ගෙවීම් නොකරන්නේ මන්දැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමිනි.

“මේ සඳහා ක්‍රමවේදයක් තියෙනවා. අපිට ඕන විදයට ගෙවීම් කරන්න බෑ. පුහුණුකරුවාගේ දක්ෂතාවය මිසක් ජාතිය, ආගම, කුලය අපි බලන්නේ නෑ. ක්‍රිකට් ආයතනයට ඕනෑ විදියට ගෙවන්න බෑ. ඒ ක්‍රමවේදය සඳහා යා යුතුයි.” යැයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (32)

’වාස් ඉල්ලා අස්වුණේ ක්‍රමවේදයට පිටින් ගෙවීම් කළ නොහැකි නිසයි’

Donald Tuesday, 23 February 2021 06:58 AM

අනේ ඔව්...!!!  මෙච්චර කල් නාමල් සර් ගෙවීම් කරේ ක්‍රමවේද වලින්මයි...

:       15       166

Nuwan Tuesday, 23 February 2021 07:05 AM

ඒකනේ මැණික් මල්ලක් හම්බ වෙනවා වගේ ගෙවීම් කරන්න බැහැ...!

:       8       152

Bamunuarachchi Tuesday, 23 February 2021 07:11 AM

ඒ කියන්නේ වාස් කළදුටු කල වල ඉහගන්න ජාතියේ වගේ... ඔහොම අය කීයටවත් ගන්නෙපා...

:       281       24

මරියා Tuesday, 23 February 2021 09:51 AM

සාටක පවුල හරි රටේ කොහේ හරි වැඩක් වෙනවා නම් බමුණුආරච්චි ඒ පැත්තට හෝයියා. ඒ වෙලාවට රණවිරුවන් වැඩකුත් නැහැ... රටට සේවය කරපු අය වැඩකුත් නැහැ..

:       7       87

කපුරු හාමිTuesday, 23 February 2021 12:47 PM

නමින් බමුණු වුණාට ඉන්නේ මොලේ උඩ කියලා කාටත් නොතේරෙනවා නෙවෙයි .

:       1       75

PrasadTuesday, 23 February 2021 02:02 PM

බමුණු ඔබේ නෝනා වලව්වේ වළං හෝදන එකද කරන්නේ...? ඔයාද රෙදි හෝදන්නේ?

:       2       65

බද්රානි Tuesday, 23 February 2021 07:20 AM

රට විතරක් නෙමේ, ක්‍රිකට් ක්‍රීඩාවත් කාලා තමයි පස්ස බලන්නේ... කරන වැඩවල හැටියට, අනාගතයේදී ක්‍රිකට් පුහුණු කරුවන්ව යුක්රේනයෙන් ගෙනාවත් මම නම් පුදුම වෙන්නේ නැහැ. කොහොමත් ඉතින් මහත්වරුන්ගේ ක්‍රීඩාව මහත් හොරුන්ට ගැලපෙන්නේ නැහැ.

:       16       150

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 23 February 2021 09:54 AM

හරියටම හරි බද්රානි මහත්මිය.. රට විතරක් නෙමෙයි ක්‍රිකට් ක්‍රීඩාවත් කාලා තමයි පස්ස බලන්නේ... මහත්වරුන්ගේ ක්‍රීඩාව මහත්හොරුන්ට ගැලපෙන්නේ නැහැ..

:       3       51

Rata Perata Tuesday, 23 February 2021 07:56 AM

අනේ ඔව්.., ක්‍රමවේදයටම වඩා වැඩ කරලා වෙන්න ඇති තාත්තා, බාප්පලා කෝටිපතියන් වුණේ කොහොමද? නැතිනම් ඒකත් ඇමැති පඩියෙන් කියලා කියයිද දන්නේ නැහැ. මොකද බොහෝමයක් දේශපාලකයෝ හිතන් ඉන්නේ අපි කොණ්ඩේ බැඳපු චීන්නු කියලා. ඒකනේ චීනෙට මෙච්චර ආදරේ.

:       10       136

රොමේෂ් Tuesday, 23 February 2021 08:05 AM

"දක්ෂතාවය මිසක් ජාතිය, ආගම, කුලය අපි බලන්නේ නෑ" මේ වගේ රටම හිතන්න ගත්ත දවසට නාමල්ලා වගේ ගොඩක් අය ගෙදර. වාස්ලාත් තව මීට වඩා රට ගැන හිතලා තීරණ ගන්නවා නම් වටිනවා..

:       7       75

Nihal Tuesday, 23 February 2021 09:01 AM

වාස්ගෙ දහසෙන් එකක්වත් වටින්නේ නැත. එබැවින් ඔබේ කතා පිළිගැනීමට මා සූදානම් නැත...

:       1       42

Raveendra Tuesday, 23 February 2021 09:02 AM

ඉතින් සර්ට පුලුවන්නේ ඕකටත් බ්‍රිගේඩියර් හරි, ජෙනරාල් කෙනෙක් හරි පත්කරලා ප්‍රශ්නේ ඉවර කරන්න. දැන් ලොකු සර් එහෙම ප්‍රශ්න කීයක් ඉවර කළාද? එහෙම නැත්තන් මහේල, සංගා දෙන්නගෙන් උපදෙසක් අරන් වැඩේ ගොඩදාගන්න..

:       2       47

Buddika Tuesday, 23 February 2021 09:03 AM

අපෝයි ඔව්... ක්‍රමවේදවලටම මේ මිනිස්සු වැඩ කළේ.. ඔය ක්‍රමවේදයටමද දන්නේ නැහැ හොරකම් කරන්නේ? ඒවාට ඕනෑ තරම් ක්‍රම තියෙනවනේ නේද?

:       1       36

de silva Tuesday, 23 February 2021 09:16 AM

මේ වැඩේට නුවන් කුලසේකරව යොදාගන්න බැරිද? ඔහු කාලයක් ලෝක පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ අංක 01ට හිටියා. අත්දැකීම් සහිත නිහතමානී, මිත්‍රශීලී පුද්ගලයෙක්.. ඇහුවොත් බෑ කියන එකක් නැහැ.

:       22       11

maalaka Tuesday, 23 February 2021 09:17 AM

කොහෙන්ද හිනාවෙන්න ඕනෑ...?

:       3       55

සේනක Tuesday, 23 February 2021 09:28 AM

ඔව් දැන් ඉතින් ඔය කියන ක්‍රමවේදයට විදේශිය පුහුණුකරුවෙක් ගෙනැල්ලා කරන විදිහ බලන්න පුළුවන්. තාත්තලා, බාප්පලා, පුත්තු රටේ දක්ෂ ක්‍රීඩකයින්ට පල නොකියා පලා බෙදනවා. නාමල් ඔය කියන ක්‍රමවේදය හොඳයි රාජපක්ෂවරුන්ට තව පරම්පරා ගාණකට ගොඩ ⁣යන්න. තමුන්නාන්සේලා පටන් ගත්තා දවසේ සිට හරි ක්‍රමවේදයකට කළා නම් අද අපේ රට විකුණාගෙන කන්න ඕනෑ නැහැ මහත්තයෝ. තාත්තා කියන දේ නොකරන පුතා නොටිටිගෙ පුතා කියන්නේ නිකම් නෙවෙයි.

:       3       64

Praba Tuesday, 23 February 2021 09:28 AM

ශම්මි සිල්වා බැණ වැදුණු නිසා වාස් අස්වුණු බවත් එය වසා ගැනීමට වාස් මුදල් මත ඉල්ලා අස්වුණු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනය කරන බවත් මාධ්‍ය වාර්තා කරලා තිබ්බා.

:       1       77

Gayan Tuesday, 23 February 2021 09:51 AM

කණ්ඩායම ආයෙත් පෙර තිබුණු තත්වයට ගෙන ඒමට අවශ්‍ය දේශපාලන ශක්තිය ඔබතුමාට තියනවා. අපිට විශ්වාසයක් තියනවා. ඔබතුමා ඒක කරයි කියලා...

:       46       3

අමර Tuesday, 23 February 2021 09:51 AM

සුද්දාට ගෙවපු ගාන වාස්ට ගෙවන් නැත්තේ ඇයි? වාස් ඇහුවා ශම්මිට මාටියා ගහගන්න බැරිවුණා. එයා බැන්නා වාස් අයින් වුණා සරල කතාවක්නේ...

:       1       39

විපරමා Tuesday, 23 February 2021 09:54 AM

අද රටේ හැම දෙයක්ම සිද්ද වෙන්නේ පවුල් පාලනේ අයගේ ක්‍රමවේදයට කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

:       1       28

Puppa Tuesday, 23 February 2021 10:07 AM

අපි දැන් වාස් කියන්නේ මොකක්ද කියලා දැනගන්න කැමැතියි. මොකද දේශපාලකයින් කියන්නෙම ටොම් පචනේ...

:       1       32

Pradeep Tuesday, 23 February 2021 10:40 AM

අර එයාර් ලංකා එකේ කෙනෙකුට පඩි ගෙවලා තිබ්බේ ක්‍රමවේදය අනුවද?

:       2       48

Kumara Tuesday, 23 February 2021 10:45 AM

අශ්ව ගාලක ක්‍රිකට් ගහන්නේ කොහොමද?

:       1       34

kamal Tuesday, 23 February 2021 10:50 AM

මෙතැනදී වාස් කට ඇරියොත් අර රගර් ගහපු කෙනාට වුණු දේම තමයි වෙන්නේ...

:       2       43

Raveendra Tuesday, 23 February 2021 10:50 AM

අනේ අම්මපා නාමලුත්, අපේ සජී මලයා වගේම ඇට්ටි හැලෙන්න විහිළු සපයනවා නොවැ..

:       5       27

CITIZEN Tuesday, 23 February 2021 12:02 PM

මෙතන මොකක් ද අවුල මම දන්නේ නැහැ. හැබැයි ගෙවීම් ප‍්‍රශ්නයක් නම් තියෙන්නේ, පැති 02ක් තියෙනවා. එක, වාස් වැඩට ගන්නවා නම් ඔහු ඉල්ලන ගණන අනිවාර්යයෙන්ම ලබාදිය යුතුමයි. අපේ ලංකාවේ ගොඩක් අය කරන දෙයක් තමයි අඳුරනවනේ.. රටේනේ, පොඩ්ඩක් නිකන් කරලා දුන්නාම මොකද, කියලා හිතන එක. වෘත්තියකදී, ඒ දේවල් අදාළ නැහැ. ඒවා අදාළ කරගන්න ගිහින් තමයි අද මේ වගේ තැනකට අපි වැටිලා ඉන්නේ... දෙක, ඒ වගේම අනෙක් පැත්තෙන්, කණ්ඩායම රට යන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවක වාස් මේ වගේ එක සැරේ ඉල්ලා අස්නොවී ඉන්න තිබුණාය කියන එකයි මගේ හැඟීම... වරදක් වුණානම් එය නිහතමානීව බාරගෙන, වැඩේ හරියට කරලා පෙන්වලා, මහත්මයෙක් වගේ ඉවත් වෙන්න තිබුණා. ඒක අමාරු දෙයක්. නමුත් කළ හැකිව තිබුණා...

:       5       32

පිටරැටියා Tuesday, 23 February 2021 02:05 PM

ඔය කියන ක්‍රමවේදය අනුව වැඩ කරලා වෙන්න ඇති... තමුන් පෙරකදෝරු විභාගේ පාස් කරන්න ඇත්තේ... නේද?

:       1       33

Perera Tuesday, 23 February 2021 05:47 PM

මෙයා ඔහොම කිව්වාට වාස් අයින්වුණේ මොකද කියලා වාස් මොනවද කියලා තියෙන්නේ?

:       0       1

Kumara Tuesday, 23 February 2021 07:03 PM

හතුරුට කෝටි ගණන් තාමත් ගෙවනවා නම් වාස්ට ගෙවපුවාම අගුණයිද?

:       0       2

Kumara Wednesday, 24 February 2021 06:45 AM

ඇත්ත කතාව මෙන්න... වාස් ඉල්ලුවේ ඩේවිඩ් ශේකර්ට දීපු පඩිය එයාට දෙන්න කියලා. මේ දෙන්නගේ දක්ෂතාව මොකක්ද කියලා බලාගන්න පුළුවන් සයිට්වලට ගියාම. වාස්ටත්, ඕස්ට්‍රේලියානු පාස්පෝර්ට් එකකුයි, ඉංග්‍රීසි නමකුයි, සුදු හමකුයි තිබ්බා නම් සර් කියලා පිළිගන්නවා. වාස්ට වඩා නාමල් වේග පන්දු පුහුණු කරුවන් ගැන දන්නවා ඇති.

:       0       7

Bamunuarachchi Wednesday, 24 February 2021 12:52 PM

අන්න එහෙම සෘජුව ඉන්න. එයා හිතන්න ඇති අන්තිම මොහොතේ ඉල්ලීම දුන්නේ නැත්තම් අපිව බකල් කරන්න. දඬුවමක් වශයෙන් ලංකාව ඇතුළත කිසිම වැඩකට එයාව ගන්න එපා.

:       0       2

TW Wednesday, 24 February 2021 03:25 PM

චමින්ද වාස් ඔහුගේ සමීප හිතවතුන්ට දන්වා ඇත්තේ සිය දීමනාව සම්බන්ධ ගැටලුව සාධාරණ එකක් බවයි. ඔහුට එක්වරම අස්වෙන්නට හේතුවූ අප්‍රසන්න සංවාදය ගැනද ඔහු හිතවතුන්ට දන්වා ඇත. කළමනාකරණ අංශයේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පසුගිය කාලය පුරා සේවය කරන වාස්ට මේ කියන නව පත්වීම ලැබෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරය පිටත්ව යාමට පැය 11 ක් තිබියදී වන අතර ඔහු පැය 7 ක් (වරුවක් පමණ ) තිස්සේ තමන්ගේ වේතන සම්බන්ධ ගැටලුව නිරාකරණයට උත්සාහයක නිරත වී තමන්ට එකඟවන්නට නොහැකි තැන පත්වීම ප්‍රතික්ෂේප කළ බව කියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි ද සිල්වා තමන්ට බැනවැදීමක් කළ බව ඔහු හිතවතුන්ට පවසා තිබේ. මින් පෙර වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් ශේඛර් එකදු ටෙස්ට් හෝ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කළ අයෙක් නොවූ පසුබිමක ඔහු ක්‍රිකට් ආයතනය මගින් මාසිකව ඇමරිකානු ඩොලර් 10,000 ක වැටුපක් ලබා තිබුණි. මේ අතරවාරයේ කළමනාකරණ අංශයේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස වාස් සේවය කරමින් සිටියේ ඩොලර් 3000ක මාසික වැටුපකටය.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ධාවනය වූ ලොරියේ ටයරය ගැලවී කුඹුරේ
2025 අප්‍රේල් මස 27 54 0

භාවිතා කළ ටයර් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක නොසිතු ලෙස පිටුපස ටයරටක් ගැලවි යාමේන් කොට්ටුකච්චිය ආසන්නයෙදී එය පෙරළි ගොස් ටයර් තොගය අසල කුඹුරකට විසි


‘මහනුවර නගරය කුණු ⁣ගොඩක් වෙලා‘
2025 අප්‍රේල් මස 27 304 0

ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ම


විෂයන් තුනටම ‘ඒ’ ගත් සිසු සිසුවියන් 9,457 ක්
2025 අප්‍රේල් මස 27 434 0

මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.


‘නොවැම්බරයේ ආර්ථිකය වැටෙනවා‘
2025 අප්‍රේල් මස 27 862 0

ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.


නියාමක නිවසේ සාදයේදී මත් ජාවාරම්කරු මිය යයි
2025 අප්‍රේල් මස 27 1144 0

මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.


වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් අරඹනවා
2025 අප්‍රේල් මස 27 254 0

ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 911 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 398 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 555 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site