IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වාස් ගුණවර්ධනයි පුතයි යළි රිමාන්ඩ්

බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික  මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන හා  දිමුතු ශ්‍රී මාල් හෙට්ටිආරච්චි ලබන 27 වැනිදා තෙක්  රිමාන්ඩ් කරන්නැයි කොළඹ  අතිරේක මහෙස්ත්‍රාත් ඒ.එම් සහබ්දීන් මහතා නියෝග කළේය.

රහස් පොලීසිය අධිකරණයට  දැන්වුයේ  තවමත් පරීක්ෂණ අවසන් වී නොමැති බවයි.



අදහස් (0)

වාස් ගුණවර්ධනයි පුතයි යළි රිමාන්ඩ්

නීල් කොස්තා Wednesday, 14 August 2013 07:25 PM

දෙන්නම යන්නේ මගුල් ගෙදරක යනවා වගේ.(නදී)

:       0       0

පද්මිණි Thursday, 15 August 2013 11:07 AM

මෙතන සමහරු නඩු අහලා, තීන්දු දීලා, දඞුවමත් දීල ඉවරයි. බුදු බණේ හැටියට දෙයක් කවුරුවත් කිව්වට හෝ, ඇහින් දුටුවටවත් හෝ ,විශ්වාස කරන්ට බැහැ. ස්පර්ශයෙන් හදුනාගන්න.විනිශ්චය එනතුරු බලා ඉමු. (ස)

:       0       0

චාරු Thursday, 15 August 2013 11:14 AM

මොනවා උනත් පිය,පුතු දෙපළ හරි සතුටින් වගේ ඉන්නේ !!! අර කට්ටියක් මුහුණ වහන් යන්නේ ඇයිද මන්දා..?(ස)

:       0       0

ප්‍රසන්න Thursday, 15 August 2013 11:15 AM

මේ දෙන්නට උපරිම දඩුවම දෙන්න . (ස)

:       0       0

දර්ශන Wednesday, 14 August 2013 09:00 PM

අනේ අපේ වස් මහත්තය ටිකක් කෙට්ටු වෙල්වගේ,,, මෙහෙම තම හිනා වෙලා ඉන්න ඕනේ , ඒඅත් මේ අයගේ හිත්වල කොච්චර ගින්දරක් ඇත්ද ,, එක දන්නේ තුවාලේ තියෙන මිනිහා (අ)

:       0       0

පිටිගල Wednesday, 14 August 2013 10:54 PM

කව්රු මට බැන්නත් වාස් මගේ ලෝකේ වීරයෙක්. (අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 14 August 2013 11:18 PM

මේදෙන්න කිසිම දුකක් විදින්නේ නැතිව සැපසේ එන්නාව කියලි අන්තර්ජාලයේ වේද අඩවි වලින් කියන්නේ.එ(අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 14 August 2013 11:19 PM

ත්‍රස්තවාදී නායකයන් මරල එනව වගේ එන උජාරුව විතරක් (අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 14 August 2013 11:21 PM

මෙයාලගේ වත්කම් ටික දැක්කම පීනවා මොන තරම් මිනි මරන්න කොන්ත්‍රත් අරන් තියෙනවද කියල.(අ)

:       0       0

ස්වර්ණා Thursday, 15 August 2013 01:22 AM

ඕගොල්ලෝ මුකුත් නොදැන මිනිසුන්ට නිග්‍රහ කරන්න එපා. පළමුව අග මුල සොයන්න .ඇත්ත නැත්ත හොයන්න .මොලේ නැති මිනිස්සු වගේ මේවා ලියන්නේ ඕගොල්ලොත් මේවට සම්බන්ධයි.(නදී)

:       0       0

ප්‍රදීපා Thursday, 15 August 2013 02:19 AM

අනේ අප්පයි පුතයි යන ලස්සන. පොලිසියේ ලොක්කෙක් වෙලා හිටිය කෙනෙක් මාංචු දාගන පුතත් එක්ක මෙහෙම යන්න සිදුවීම මොන පවක්ද? සල්ලි තන්හාව නිසා බලුවෙලා.(නදී)

:       0       0

ඉෂාර Wednesday, 14 August 2013 03:05 PM

වාස්ගේ පුතා නිකන් ජාතික වීරයෙක් වගේනෙ යන්නෙ එන්නෙ. (ස)

:       0       0

සුදත් Wednesday, 14 August 2013 03:06 PM

හප්පේ මුණෙ තියන හිනාව. මිනීමරලා ඔහොම හිනාවෙලා ඉන්න පුලුවන්ද................. (ස)

:       0       0

කමල් Wednesday, 14 August 2013 03:21 PM

මිනී මැරුවටත් වඩා බරපතලයි ළමයින් නොමඟට යවා මිනීමරුවන් කරවීම. (ස)

:       0       0

උපාලි Thursday, 15 August 2013 05:37 AM

ෂහිල්, ඔබ හරියටම හරි. අපි හොඳ වැඩ හොඳ හැටියටත් අපරාධ නරක වැඩ හැටියටත් දකිනවා මිසක් නරක වැඩ සියල්ල හොඳ වැඩ කීපයෙන් වැහුවොත්, එහෙම නැත්නම් ඔබ කියනවා වගේ වැරැද්ද සාධාරණීකරණය කලොත්, අපි අගාධයටම තමයි යන්නේ. මේ අපරාධ සැලසුම් කරලා කරපු දේවල්. "හදිසියේ" තරහකට කල දේවල් නෙමෙයි. ඒකයි, අධිකරණයේදී වුනත් "හදිසි කෝපය" මත කරන මනුෂ්‍ය ඝාතනයට අඩු දඬුවමක් දෙන්නෙත්, කුමන්තනයකින් කරන මිනීමැරුම් වලට මරණ දඬුවම දෙන්නෙත්. (නදී)

:       0       0

වරුණ Wednesday, 14 August 2013 03:27 PM

අපේ සම්පත්ල අවිශ්කල බණ්ඩාරලා මේවා ගැන මොනවද දන්නේ නැහැ කියන්නේ? (ස)

:       0       0

සමීර Wednesday, 14 August 2013 03:30 PM

අපිට මොකද? කොහොමද හිනාව ආආඅ (ස)

:       0       0

අනුර Wednesday, 14 August 2013 03:32 PM

මොකද එන්නේ මුණවල් වහගෙන කවුරුවත් මොනවා හරි කිව්වද? (ස)

:       0       0

මනෝජ් Wednesday, 14 August 2013 03:58 PM

තාත්තා කෙනෙක් මේ වගේ වෙලාවක හිත කොහොම තියාගෙන ඉන්නවද දන්නේ නෑ..... මොනවා වුණත් තවම සැකකරුවෝ විතරයි. (ස)

:       0       0

බණ්ඩාර Wednesday, 14 August 2013 04:01 PM

මිනි මරුවන්ට ඉක්මනට මරණ දඩුවම දෙන්න ... හක්කේ බුදුරැස් බඩේ දඩ මස් ....... (ස)

:       0       0

අචිනි Wednesday, 14 August 2013 04:16 PM

ඉෂාර, දැන් කොහොමත් ඉන්නේ ඔය වගේ ජාතික වීරයෝ තමයි. (ස)

:       0       0

දයා Wednesday, 14 August 2013 04:21 PM

නැව ගිලුණත් බෑන් චූන් කීවා වගේ තාත්තයි පුතයි ඉන්නෙ.බොහොම සැහැල්ලුවෙන්.මොකක්ද හොරේ. (ස)

:       0       0

අරුණ Wednesday, 14 August 2013 04:48 PM

මොනවා වුනත් රට වෙනුවෙන් ගොඩක් හොද රාජකාරියක් කරපු එඩිතර නිලධාරියෙක්. නීතියෙන් වැරදි කරුවෙක් වෙනකන් සැකකරුවෙක් විතරයි.සියල්ල නීතිය විසඳාවි. (ස)

:       0       0

අතුල Wednesday, 14 August 2013 05:40 PM

පිය පුතු දෙපලගේ උජාරුව දුටුවිට මිනිසුන්ට මොනවා හිතෙනවා ඇද්ද? (නි)

:       0       0

චාන් Wednesday, 14 August 2013 05:40 PM

මුහුණු වසාගෙන දුවන්නේ කවුද? (නි)

:       0       0

සමන්ත Friday, 16 August 2013 02:37 PM

පොලිසිය ජනතාවගේ අප්‍රසාදයට පත්වෙන එක නවත්වන්න බැහැ.කෝ මහත්තයෝ, ඔබගේ අර පඬි වඳන්. (නි)

:       0       0

ෂහිල් Wednesday, 14 August 2013 06:08 PM

කරන කලට පවු මීරිය මී සේ. විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ. මේ දෙදෙනා හොද වැඩත් ටිකක් කලා. සාපරාදී වැඩ ඊටත් වැඩිය කලා. මම මා වගේම පීඩිතව ජීවත් වෙන මේ සියලු මහජනතාවගෙන් ඉල්ලන්නේ, නරක දේවල් හොද වැඩ කීපයකින් වැසෙන ලෙස කතා කරන්න එපා. අපිට මේ නරාවලෙන් ගොඩ එන්න බෑ කවදාවත් වැරැද්ද සාදාරනීකරණය කලොත්. (අ)

:       0       0

රේණුක Friday, 16 August 2013 08:35 AM

ස්වරණා, මොකද ඔය තරම් අනුකම්පාවක් දක්වන්නේ එයාට? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3222 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2341 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3187 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3068 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1355 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site