බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන හා දිමුතු ශ්‍රී මාල් හෙට්ටිආරච්චි ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඒ.එම් සහබ්දීන් මහතා නියෝග කළේය.
රහස් පොලීසිය අධිකරණයට දැන්වුයේ තවමත් පරීක්ෂණ අවසන් වී නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම යන්නේ මගුල් ගෙදරක යනවා වගේ.(නදී)
පොලිසිය ජනතාවගේ අප්‍රසාදයට පත්වෙන එක නවත්වන්න බැහැ.කෝ මහත්තයෝ, ඔබගේ අර පඬි වඳන්. (නි)
ස්වරණා, මොකද ඔය තරම් අනුකම්පාවක් දක්වන්නේ එයාට? (නි)
මේ දෙන්නට උපරිම දඩුවම දෙන්න . (ස)
මොනවා උනත් පිය,පුතු දෙපළ හරි සතුටින් වගේ ඉන්නේ !!! අර කට්ටියක් මුහුණ වහන් යන්නේ ඇයිද මන්දා..?(ස)
මෙතන සමහරු නඩු අහලා, තීන්දු දීලා, දඞුවමත් දීල ඉවරයි. බුදු බණේ හැටියට දෙයක් කවුරුවත් කිව්වට හෝ, ඇහින් දුටුවටවත් හෝ ,විශ්වාස කරන්ට බැහැ. ස්පර්ශයෙන් හදුනාගන්න.විනිශ්චය එනතුරු බලා ඉමු. (ස)
ෂහිල්, ඔබ හරියටම හරි. අපි හොඳ වැඩ හොඳ හැටියටත් අපරාධ නරක වැඩ හැටියටත් දකිනවා මිසක් නරක වැඩ සියල්ල හොඳ වැඩ කීපයෙන් වැහුවොත්, එහෙම නැත්නම් ඔබ කියනවා වගේ වැරැද්ද සාධාරණීකරණය කලොත්, අපි අගාධයටම තමයි යන්නේ. මේ අපරාධ සැලසුම් කරලා කරපු දේවල්. "හදිසියේ" තරහකට කල දේවල් නෙමෙයි. ඒකයි, අධිකරණයේදී වුනත් "හදිසි කෝපය" මත කරන මනුෂ්‍ය ඝාතනයට අඩු දඬුවමක් දෙන්නෙත්, කුමන්තනයකින් කරන මිනීමැරුම් වලට මරණ දඬුවම දෙන්නෙත්. (නදී)
අනේ අප්පයි පුතයි යන ලස්සන. පොලිසියේ ලොක්කෙක් වෙලා හිටිය කෙනෙක් මාංචු දාගන පුතත් එක්ක මෙහෙම යන්න සිදුවීම මොන පවක්ද? සල්ලි තන්හාව නිසා බලුවෙලා.(නදී)
ඕගොල්ලෝ මුකුත් නොදැන මිනිසුන්ට නිග්‍රහ කරන්න එපා. පළමුව අග මුල සොයන්න .ඇත්ත නැත්ත හොයන්න .මොලේ නැති මිනිස්සු වගේ මේවා ලියන්නේ ඕගොල්ලොත් මේවට සම්බන්ධයි.(නදී)
මෙයාලගේ වත්කම් ටික දැක්කම පීනවා මොන තරම් මිනි මරන්න කොන්ත්‍රත් අරන් තියෙනවද කියල.(අ)
ත්‍රස්තවාදී නායකයන් මරල එනව වගේ එන උජාරුව විතරක් (අ)
මේදෙන්න කිසිම දුකක් විදින්නේ නැතිව සැපසේ එන්නාව කියලි අන්තර්ජාලයේ වේද අඩවි වලින් කියන්නේ.එ(අ)
කව්රු මට බැන්නත් වාස් මගේ ලෝකේ වීරයෙක්. (අ)
අනේ අපේ වස් මහත්තය ටිකක් කෙට්ටු වෙල්වගේ,,, මෙහෙම තම හිනා වෙලා ඉන්න ඕනේ , ඒඅත් මේ අයගේ හිත්වල කොච්චර ගින්දරක් ඇත්ද ,, එක දන්නේ තුවාලේ තියෙන මිනිහා (අ)
වාස්ගේ පුතා නිකන් ජාතික වීරයෙක් වගේනෙ යන්නෙ එන්නෙ. (ස)
කරන කලට පවු මීරිය මී සේ. විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ. මේ දෙදෙනා හොද වැඩත් ටිකක් කලා. සාපරාදී වැඩ ඊටත් වැඩිය කලා. මම මා වගේම පීඩිතව ජීවත් වෙන මේ සියලු මහජනතාවගෙන් ඉල්ලන්නේ, නරක දේවල් හොද වැඩ කීපයකින් වැසෙන ලෙස කතා කරන්න එපා. අපිට මේ නරාවලෙන් ගොඩ එන්න බෑ කවදාවත් වැරැද්ද සාදාරනීකරණය කලොත්. (අ)
මුහුණු වසාගෙන දුවන්නේ කවුද? (නි)
පිය පුතු දෙපලගේ උජාරුව දුටුවිට මිනිසුන්ට මොනවා හිතෙනවා ඇද්ද? (නි)
මොනවා වුනත් රට වෙනුවෙන් ගොඩක් හොද රාජකාරියක් කරපු එඩිතර නිලධාරියෙක්. නීතියෙන් වැරදි කරුවෙක් වෙනකන් සැකකරුවෙක් විතරයි.සියල්ල නීතිය විසඳාවි. (ස)
නැව ගිලුණත් බෑන් චූන් කීවා වගේ තාත්තයි පුතයි ඉන්නෙ.බොහොම සැහැල්ලුවෙන්.මොකක්ද හොරේ. (ස)
ඉෂාර, දැන් කොහොමත් ඉන්නේ ඔය වගේ ජාතික වීරයෝ තමයි. (ස)
මිනි මරුවන්ට ඉක්මනට මරණ දඩුවම දෙන්න ... හක්කේ බුදුරැස් බඩේ දඩ මස් ....... (ස)
තාත්තා කෙනෙක් මේ වගේ වෙලාවක හිත කොහොම තියාගෙන ඉන්නවද දන්නේ නෑ..... මොනවා වුණත් තවම සැකකරුවෝ විතරයි. (ස)
මොකද එන්නේ මුණවල් වහගෙන කවුරුවත් මොනවා හරි කිව්වද? (ස)
අපිට මොකද? කොහොමද හිනාව ආආඅ (ස)
අපේ සම්පත්ල අවිශ්කල බණ්ඩාරලා මේවා ගැන මොනවද දන්නේ නැහැ කියන්නේ? (ස)
මිනී මැරුවටත් වඩා බරපතලයි ළමයින් නොමඟට යවා මිනීමරුවන් කරවීම. (ස)
හප්පේ මුණෙ තියන හිනාව. මිනීමරලා ඔහොම හිනාවෙලා ඉන්න පුලුවන්ද................. (ස)