බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු පස් දෙනකු තවත් මාස තුනකට රිමාන්ඩ් කිරීමට විශේෂ මහාධිකරණය අද තීන්දු කළේය.
විශේෂ මහාධිකරණ සභාපති රෝහිනී වල්ගම විනිසුරුවරිය, ලලිත් ජයසූරිය හා ලියෝන් සෙනවිරත්න විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ප්‍රකාශ කළේ වසරක් රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවකුගේ ඇප යළි දීර්ඝ කිරීම සඳහා නීතිපති පෞද්ගලිකවම පෙනී සිටිය යුතුයැයි විත්තියේ නීතීඥවරුන් ඉදිරිපත් කළ තර්ක පිළිගත කළ නොහැකි බවයි.
වාස් ඇතුළු පස් දෙනාගේ රිමාන්ඩ් කාල සීමාව ලබන සතියේ අවසන් වීමට නියමිතය. මහාධිකරණ තීරණය අනුව ඔවුහු මාස තුනක් යළිත් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
එහෙත් වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳුගේ රිමාන්ඩ් කාලය තවමත් බලපැවැත්වෙන හෙයින් අධිකරණය ඔහුගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කළේ නැත.
නඩු විභාගය ලබන 16 වැනි දා ඇරැඹීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාස් කියන්නේ කලක් පොලිසියේ සිටි නීතිගරුක නිලධාරියෙක්.පසුව යම් යම් හේතු මත ඔහු වෙනස් වෙන්න ඇති.ඕක තමයි අපේ රටේ ස්වභාවය. (නි)
ශ්‍රී ලංකා පොලිසිය බැබලවූ දක්ෂ පොලිස් නිලධාරියෙක්. ඔහුට වු දෙය නම් අපරාධයක්. (නදී)
පිටිගල,ගොඩක්ම වැරදි කරන අය තමයි සමාජයේ බැබළීමෙන් වැරදි වහගන්න හදන්නේ (නි)
පිටිගල , නිල්මිණි, දිළිසෙන සියල්ල රන් නොවේ (නි)
මම නම් හිතන්නේ උසස්වීමේ නල දත ආවිට බලය උරගා බලන්නට හිතෙනවා. එතකොට අතට පයට නොලැබෙන දෙයක් නැහැ. නීතිගරුක පුද්ගලයන් නීතිය හසුරුවන්නන් බවට පත්වෙන්නේත් ඉන් පසුවයි. මෙතුමා කළ අමිල සේවාවන් අපි නොයෙක්වර අසා තිබෙනවා. එතුමා කලෙක වීරයෙක් වුණා වගේම සතුරන්ද හදා ගනු ලැබුවා.බලය නිසා ළං වන උඩඟුව විසින් නිහතමානීකම පන්නා දමනවා. අතීතයත් අමතක කරවනවා. කෙසේ වෙතත් මේ අන්දරය ශෝකාන්තයක් නොවේවායි පතමු. (නි)
අෂ්ට ලෝක දර්මය අනුව කල පව් පලදෙන බව කොයි අප්පුහාමිත් දැන ගන්න ඕනා. තොප්පිය හරි නම් දාගන්න.(නදී)
කිරි කළේට ගොම බින්දුවක් වැටුනා වගේ දෙයක් ඔහුටත් සිදු උනේ. මුදල් වලට තිබෙන කෑදර කමට තමයි තමන්ගේ පුතාවත් ඇදගන මෙවැනි අපරාදයක් කලේ. කොපමණ උසස් වීම් ලද කෙනකු උවත් දැන් ඔහු නීතියෙන් අපරාද කාරයෙකි. මිනී මරන්න බලය යොදවන කාටත් මෙය හොද පාඩමකි. ඔහුන්ව නීතියට කොටු කරගත් නිලදාරින්ට අපේ ස්තුතිය (නදී)
මේ නිලධාරියා කොටකෙතන ස්ත්‍රී මිනි මැරුම් ඉවර කරපු දක්ෂ නිලධාරියෙක්. මගේ නම් අදහස නිතිය හරියට කෙරෙනවද යන්නයි. (දිල්)
අහිංසා.... කන්නේ පිදුරුද?(දී)
අනේ ,වාසනාවන් .තව ටිකක් විවේක ගන්න. (ස)
කරන කලට පව් මිහිරිය පැණි සේ, විදින කලට දුක් මිහිරිය දැඩි සේ. වාස් ගුණවර්ධන කියන්නේ බලය අනිසි ලෙස භාවිත කරලා මිනි මරපු කෙනෙක්. ඔහොම යන්. තව ටිකක් නිදහසේ කරපු වැරදි මතක් කරගන්න ලැබුණ අමතර බෝනස් කාලය වටිනවා. (ස)