මහා බ්‍රිතාන්‍යයේ සිටිංබෝන්හි ගරාජයක අනවසරයෙන් සේවය කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමට පෙර සංක්‍රමණික කඳවුරකට යැවූ බව බ්‍රිතාන්‍යය ආගමන නිලධරයෝ කියති.
වයස අවුරුදු 22ක් වූ දෙදෙනකු හා වයස 33ක් වූ පුද්ගලයකු වීසා නැතිව රැකියාව කළැයි වැටලීම කළ නිලධරයෝ කියති.
එක් අයකු වෙනුවෙන් පවුම් දස දහසක (රුපියල්2,000,000) දඩයක් ගෙවීමට ද ව්‍යාපාරිකයාට සිදු වේ.
මෙසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයනට යළි බ්‍රිතාන්‍යයට ඒමට නොහැකි වන බව ද බ්‍රිතාන්‍ය රජය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔත්තුව දෙන්න ඇත්තේ අනිවාර්යයෙන්ම කොටි හිතවාදියෝ (නි)
අනවශ්‍ය දේවල් වලදී නම් මෙයාල ලංකාවේ ගතිය පෙන්වනවා ..ඕන වෙලාවට එංගලන්තේ වගේ තමයි හැසිරෙන්නේ ....පවුම් විස්සක් තිහක් විතර පොලිසියට දුන්න නම් තුන් දෙනාම ගොඩ (අ)
එංගලන්තයේ විසා නොමැතිව සහ වැඩ කරන්න බලපත්‍ර නොමැති දස දහස් ගානක් ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. දෙමල සහ සිංහල සංචාරක විසා වලින් පැමිණ කල් ඉක්මවා අවුරුදු 10ක් පමණ වැඩ කරමින් මුදල් සොයමින් වාසය කරන ලාංකිකයන් ඉන්නවා. නමුත් දැන් එක්සත් රාජධානියට හිරු බැසගෙන යන කාලේ. මිලියන ගානක රැකියා විරහිත භාවයත් ඔවුන් නඩත්තු කිරීමට රජයෙන් මුදල් ආධාර දීමත් අමාරුකම නිසා හොරෙන් වැඩ කරන අය අල්ලා පිටුවහල් කර එම තැනට රැකියා විරහිත කෙනෙක් යෙදවීම කරන්නේ. දැන් වීසා නොමැති අයට අඳුරු කාලයක් ලබමින් තියෙන්නේ (නි)
තවම විස්තර දන්නේ නැහැ. මෙහෙ නිතරම චෙක් කරනවා (නි)
දැන් වීසා නොමැති අයට අඳුරු කාලයක් ලබමින් තියෙන්නේ.... (නි)
අපිට නම් ඕවා නැහැ අපි වැඩ කරන්නෙත් හොරෙන්. දැන් අවුරුදු 10ක්ම ඉන්නේ එන්න මෙහෙ පැරිස් වල.(නදී)
පිට්ටනි වටේ උද්ගෝෂණ කරපුවහම අපි කිව්වා ඕක.කොටි ඔක්කොම මෙහෙට එවන්න. (අ)
සුවර් එකට සිංහල වෙන්න ඕනේ.මෙහෙ කොටින්ට වීසා ඉක්මනට දෙනවා.(අ)
රටේ අස්චාර්ය තියෙද්දී මොකටද එහෙ යන්නේ හොද වැඩේ.(නදී)
බෙර්ලින් වල මම අවුරුදු 15 හොරෙන් දැන් ජර්මනියේ ගොඩක් හොදයි.(නදී)
මාවත් අද නවත්තලා විස්තර හෙව්වා.(නදී)
ලංකාවෙත් විසා නැතිව ඉන්න පිටරට අයව අල්ලා පිටුවහල් කරනවා.තුෂාර, හැමදාම නත්තල් නැති බව මතක තියාගන්න. (නි)
සිංහල අය නම් ඉතාලියටවත් පැනගන්න බලන්න. මෙහෙ ඉන්න පුළුවන් පසුව 'ස්පොන්සර්' කරන්න කෙනෙක් හොයාගෙන ලංකාවට ගොස් ඔහු ලවා නැවත නීත්‍යානුකුලව පැමිණ දෙයියනේ කියලා ජීවත් වෙන්න දෙමව්පිය සහෝදරයන්ටත් උදව් කරගෙන.(නදී)