IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වීසා නැති සංචාරකයෝ - 12

එකිනෙකාට වෙනස් වූ වර්ණයෙන් ගෙල පිල් කළඹක් සහිත අපූරු පක්ෂි විශේෂයක් ලෙස ලොවිච්චියා හැඳින්වේ. පිරිමි සතුන්ගේ ගෙල වටා ඇති පිල් ගොමුව ලොවිච්චියක් වැනි වීම හේතුවෙන් ඔවුන්ට මේ නම ලැබී ඇත. ඉංග්‍රීසි බසින් රෆ් Ruff ලෙස හඳුන්වන මොවුන් සත්ත්ව විද්‍යාත්මකව වර්ගීකරණය කර ඇත්තේ ෆිලොමැචස් පුග්නැක්ස් Philomachus pugnax නමිනි.

බ්‍රිතාන්‍යයේ සිට සයිබීරියාව දක්වා නැගෙනහිර දෙසට උතුරුදිග සෞම්‍ය කලාපයේ සිටින ලොවිච්චියා ශීත සෘතුවේ දී ආහාර හිගවීත් සමග අප්‍රිකාව, දකුණු ආසියාව, ඕස්ට්‍රේලියාව සහ දකුණු ඇමෙරිකා වේ ඇතැම් ප්‍රදේශවලට පියාසර කරයි.

ලොවිච්චියාගේ ගැහැනු සතුන්ට වඩා පිරිමි සතුන් විශාලත්වයෙන් යුතුය. ගැහැනු සතකු සෙන්ටි මීටර 20 ත් 25ත් අතර ප්‍රමාණයකින් වැඩෙන විට පිරිමි සතකු විශාලත්වයෙන් සෙන්ටි මීටර 25ත් 32ත් පමණ වෙයි. පැටවුන් බිහිකරන සමය ආසන්න වීමත් සමග ගැහැණු සතා හා පිරිමි සතා ඉතා පැහැදිලිව දැකිය හැකි ලිංගික ද්විරූපතාවක් පෙන්නුම් කරයි. අභිජනනයට සූදානම් වීමත් සමග පිරිමි සතාගේ හිස දෙපස වර්ණවත් සවන් පිල් ගොමුවක් හා ගෙන වටා ලොවිච්චියක් වැනි පිල් ගොමුව වර්ධනය වේ. එකම ආසන්නයේ සිටින පිරිමි සතුන් දෙදෙනකුගේ මේ පිල් කළඹ සමාන වර්ණයක් ගන්නේ ඉතා කලාතුරකිනි. එකිනෙකාගේ වෙනස් වර්ණ ගනී.

තම සහකාරිය තෝරාගැනීමට පිරිමි ලොවිච්චියෝ එළිමහන් ස්ථානයකට රැස්ව රංගනයේ යෙදෙති. ගැහැනු සත්තු මේ රංග භූමියේ දී තම සිත්ගන්නා සහකරු තෝරා ගනිති. ඔවුන්ගේ සංසර්ගය සිදුවන්නේ ද මේ රංග භූමියේ දී මය. පර්යේෂකයන් පවසන්නේ මෙවැනි රංග භූමියක  මැද සිටින පිරිමි සතුන්ට එක් සහකාරියකට වඩා වැඩි ගණනක් තෝරා ගැනීමේ අවස්ථාව හිමිවන බවයි. එමෙන් ම ගැහැනු සතුන් ද එකම රංග භූමියේ ස්ථාන කිහිපයකට හෝ රංග භූමි කිහිපයකට හෝ ගොස් තම සහකරු සොයා ගන්නා බව තහවුරු වී ඇත.

රත්පා සිලිබිල්ලා නමැති පක්ෂියාට බොහෝ සෙයින් සමාන රූපයක් සහිත ලොවිච්චියාගේ කකුල්වල පැහැය කහ වීමත්, පිට කයේ ස්වභාවය හා හොටය මුල රතු පැහැ නොවීමත් හේතුවෙන් රත් පා සිලිබිල්ලාගෙන් වෙන්කැර හඳුනාගත හැකිය.

බිම කැදැල්ලක් තනා වරකට දුඹුරු තිත් සහිත කොළ පැහැති බිත්තර 4ක් 5ක් දමයි.

ශ්‍රී ලංකාවේ පහතරට වියලි කලාපයේ මිරිදිය වගුරු, කුඹුරු කලපු ආශ්‍රිතයට පැමිණෙන මොවුන් මඩතුලට හොටයෙන් ඇණ සතුන් සොයමින් ද විටින් විට පිහිණමින් ද සතුන් අල්ලා ගිල දමයි.

Lovichchiya  (1) Lovichchiya  (2) Lovichchiya  (3) Lovichchiya  (5) Lovichchiya  (6) Lovichchiya  (7)

වීසා නැති සංචාරකයෝ - 01  

http://www.lankadeepa.lk/index.php/articles/267260

වීසා නැති සංචාරකයෝ - 02

http://www.lankadeepa.lk/index.php/articles/267404

වීසා නැති සංචාරකයෝ - 03

http://www.lankadeepa.lk/index.php/articles/267670

වීසා නැති සංචාරකයෝ - 04

http://www.lankadeepa.lk/index.php/articles/269230

වීසා නැති සංචාරකයෝ - 05

http://www.lankadeepa.lk/index.php/articles/271278

වීසා නැති සංචාරකයෝ - 06

http://www.lankadeepa.lk/index.php/articles/271788

වීසා නැති සංචාරකයෝ - 07

http://www.lankadeepa.lk/index.php/articles/276725

වීසා නැති සංචාරකයෝ - 08

http://www.lankadeepa.lk/index.php/articles/277005

වීසා නැති සංචාරකයෝ - 09

http://www.lankadeepa.lk/index.php/articles/277400

වීසා නැති සංචාරකයෝ - 10

http://www.lankadeepa.lk/index.php/articles/277598

වීසා නැති සංචාරකයෝ - 11

http://www.lankadeepa.lk/index.php/articles/277863



අදහස් (0)

වීසා නැති සංචාරකයෝ - 12

ඉසුරන්දි දෝහා Wednesday, 26 November 2014 09:13 AM

මේ දවස්වල ඉන්දියාවේ කේරල ප්‍රන්තේ කුරුළු උන වසංගතේ නිසා දහස් ගණනක් තාරාවෝ විනාස වෙලා.ඒ වගේම උන්ව විනාස කරන්න සිදු වෙලා. මේ වයිරසේ පැතිරේවි කියන බයට.ඔය එකෙක් දෙන්නෙක් කරුමෙටවත් අපේ රට අවොත් නැති ලෙඩත් බෝ කරලා යාවි මෙහෙ. (ස)

:       0       0

සමන් Wednesday, 26 November 2014 03:26 AM

ලොවිච්චියක් කියන්නේ මොකක්ද ? මම සිංහල දන්නේ නෑ (නදී)

:       0       0

සේනානායක Wednesday, 26 November 2014 03:54 AM

මේ තොරතුරු එක්රැස් කර පොතක් පළකරන්න. ලොකු වැදගත්කමක් තිබෙනවා. ස්තූතියි සජීවට! (නි)

:       0       0

බමුණු Wednesday, 26 November 2014 04:22 AM

මේ සත්තු පිට රටින් එන නිසා එ් රටවල් වල ඇති පොත්. කුරුල්ලාගේ විද්‍යාත්මක නම දන්නවා නම් අන්තර්ජාලයෙන් විස්තර ලබාගත හැකී. (නදී)

:       0       0

දයා Wednesday, 26 November 2014 12:47 PM

ලොවිච්චියා කියන්නේ අවිච්චියාගේ දෙවෙනි කසාදේ පළමු දරුවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 145 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 165 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 240 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 221 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 225 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 155 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site