කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිට රජයේ සාක්කිකරුවකු වූ සරත් එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත් මරා දමන බවට තර්ජනය කර කප්පම් ඉල්ලීයැයි සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද නියෝග කළාය.
ගුණවර්ධන මහතා බන්ධනාගාරයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රහස් පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැන්වුවේ පරීක්ෂණ කටයුතු අවසන් බවයි.
වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අනුර සේනාරත්න මහතා ඇතුළු නීතීඥවරුන් පැවසුවේ ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ ප්‍රකාශ සිදු කරන බවයි.
ගුණවර්ධන මහතාගේ කාර්යාලයයේ නිලධාරියකුගේ ප්‍රකාශයක් මත සාක්කිකරුවන් දෙදෙනකු ත්‍රාසජනක රංගනයක යෙදෙන බව ද නීතීඥවරු කීහ.
ඒ සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරන බව ද සේනාරත්න මහතා අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට වාස් විතරද සැකපිට? (නි)
ගිම්හානි වාස් මහත්තයාගේ ඥාතියෙක්ද කොහෙද. හොරෙක් වෙනුවෙන් තරහ යන්නේ. (නදී)
මොහමඩ්, ඔයා වාස් මහත්තයව අරගෙන ගිහින් ගල් ගහනකම් එතුමා අත්දෙක බැඳගෙන උඩ බලාගෙන ඉදිවී කියලද හිතන් ඉන්නේ. (ස)
ගිම්හානි, අහුනැයි (දී)
පුතා ඉන්න නිසා තනිකමක් දැනෙන එකක් නෑ (දී)
අල්ලාහ් හු අක්බර්.! අල්ලහ්ගෙන් කිසිවෙකුට ගැලවීමක් නොමැත.මොහුට ෂරියා නීතිය අනුව ප්‍රසිද්ධියේ ගල් ගසා මැරිය යුතුයි. (ස)
මොහොමඩ්, වාස් මහත්තයව අරන් ගිහින් ඔයාලගේ ගේ ළඟින් කාටත් පේන්න සෞදියේ වගේ බෙල්ල කපන්න. මොකද ඔයාලගේ කට්ටිය එහෙමනේ කරන්නේ .අනේ මේ යනවා යන්න නොදන්නා මගුල් කතා නොකර (ස)
හැමකෙනාටම පෙනෙන දඩුවමක් දෙන්න ඕනෑ (නි)
මොහුට එල්ලුම් ගහ නියම කරන්න කියලා මම යෝජනා කරනවා (නි)
තනියට පුතා ඉන්නවනේ නිකං ගෙදර වගේ ඇති.(නදී)
ඊළග ඡන්දෙට ගාල්ලෙන් ඉදිරිපත් වේවිද දන්නෙ නැහැ (නි)
කරන කලට පවු මිහිරිය මී සේ... විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ (නි)
ගම්පහ භාර ගත්ත එකේ වරද.ගොඩ ඒමක් නම් නෑ වගේ ළඟකදී. (ස)
විවිධ පුද්ගලයන් විවිධ ප්‍රකාශ කරනවා කිව්වේ, නීතිඥවරුන්ගේ විවිධ ප්‍රකාශවලට අමතරවද දන්නේ නෑ. තියෙන නඩු සංඛ්‍යාව වැඩි නිසා නඩු පැටලෙනවා ඇති. ඒ හින්දා වෙන්න ඇති විවිධ ප්‍රකාශ නිකුත් වෙන්නේ. (ස)
මට පෙනෙන විදියට වාස් මහතා කැලණියේ ඉන්න බලවතෙක් සමග ගැටීම නිසා ඔහුට විරුද්ධව කෙරෙන කුමන්ත්‍රණයක් මේක. (නි)
මට නම් පේන විදියට මෙයාට ගැලවිල්ලක් නැහැ වගෙයි. (ස)
මේ රංගනය කොහොමද කෙලවර වන්නේ දන්නවාද? (ස)
ඉතිහාසයේ ප්‍රථම වරට පොලිසියට එරෙහිව පොලිසිය මම හිතන්නේ වාස් මහත්තය සෙසු නිලයන් සමග සුහදව රාජකාරි නොකළ නිලධාරියෙක් වගේ (දී)