බම්බලපියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් ලිඛිත කරුණු දැක්වීමක් සඳහා දිනයක් දින ලෙස ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය කළ ඉල්ලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතා අවසර දුන්නේය.
ඒ අනුව අගෝස්තු පළවැනිදා ඊට ඉඩකඩ සැලසෙන බව මහේස්ත්‍රාත්වරයා කීය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින දෙවැනි, තෙවැනි හා හතරවැනි සැකකරුවන් වන හිටපු උප පොලිස් පරීක්ෂක ලක්මිණ ඉන්දික බඹුණුසිංහ, හිටපු පොලිස් කොස්තාපල්වරුන් වන ගාමිණී සරත්චන්ද්‍ර, ප්‍රියන්ත සංජීව සහ කැළුම් රංග දිසානායක වෙනුවෙන් නීතීඥ අනුර රණසිංහ මහතා කරුණු දක්වද්දී ඔහු තමන්ගේ නීතීඥයා නොවන බව සැකකරුවෝ කීහ.
මහේස්ත්‍රාත් සැකකරුවන්ගෙන් ඒ ගැන විමසූ විට ඔවුන් කියා සිටියේ තමන් අද නීතීඥවරයකු පෙනී නොසිටින බවයි.
අනුර රණසිංහ මහතා කරුණු දක්වමින් පැවසුවේ ඔවුන්ගේ නෑයන්ගේ ඉල්ලීම අනුව තමන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවයි.
දැන් ඔවුන් වෙන දෙයක් කියනුයේ ඔවුන් රජයේ සාක්කිකරුවන් කිරීමට රහස් පොලිසිය ඔවුනට පොරොන්දුවක් දී ඇති නිසා විය හැකි යැයි ද නීතීඥවරයා පැවසීය.
සැකකරුවන් අගෝස්තු පළමුවැනිදා තෙක් රිමාන්ඩ් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලාගෙන යනකොට ඉතාලියේ ඉන්න අපේ අයගේ සපෝර්ට් එක මෙහෙම අයටද? (දී)
මම මේ සේරම පාටක අදහස් කියවනවා. ඒත් මොකුත් මගේ අදහස් ලියන්නෙ නැහැ.වෙනදේ බලාගෙන ඉන්නවා. මොකද මුළු ලංකාවෙන්ම මම විශ්වාසය තබාගෙන හිටපු පුද්ගලයෙක් මොහු, ඔහුගේ සේවය ගැන... අපිට අදහන්න අමාරුයි මේ සිදුවීම (දී)
ඉස්මයිල් හුසේන්, ඔයාට විතරයි ප්‍රශ්නේ තේරුනේ. අපි තවමත් වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්නවා මිස, ඔයාට වගේ සැගවුණූ පැත්ත පෙනුනේ නැහැනේ (දී)
වාස්ගේ සිද්ධිය යම් කුමන්ත්‍රණකාරී සැළසුමක්දෝයි විටෙක මට සිතේ (දී)
දැන් ඉතාලියේ ඉන්නෙත් මොන වගේ අයද මන්දා? ඇයි ඔයාලට මෙච්චර මේ ගැන දුක? (දී)
මෙතන තාම තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියනව. මොකද, ඔය සියාම් සහෝදරයත් එක්ක හිටපු අපේ අනිත් යාළුවා දැන් කොහෙද? මොකද, එයා ගෙන් දැන් ප්‍රශ්න කරන්නේ කව්ද? සල්ලි දුන්නේ කාටද කියල එයානේ දන්නේ හරියටම. (අ)
ඉතාලියේ ඉන්න හැමෝම මැරයන්ට උදවු කරන්නේ නැහැ. (දී)
ඉදිරියේදී හොඳ හොඳ දේවල් අපිට බලාගන්න පුළුවන් වෙයි (දී)
කවුරු මොන දේ කිවුවත් ඔහු වැරදි කළා නම් දඬුවම් ලැබිය යුතුයි. මිනීමරුවන්ට අනුකම්පා කරන්නෝ මෝඩයෝය (දී)
ඔබතුමා නිදහස් වෙලා නැවතත් ඔබතුමාගේ සේවය අපිට ලැබෙයි. ඒක මට ස්ථිරයි (දී)
ගිම්හානි, ඉෂාර වගේ අයත් සිටිති.(නදී)
දැන් හැමෝටම වලිගෙ පෑගිලා (අ)
වාස්ගේත් වැරදි තිබෙන්න පුළුවන් (දී)
ආනන්ද ජයමාන්න,ඔයාට පිස්සුද? ඉස්සරහට බලමු,අපිත් බලාගෙන ඉන්නේ. ඔයා හරි ගිම්හානි (දී)
ගිම්හානි ,සමහරවිට ඔයත් මේ නඩුවට උසාවියෙන් හොයන කෙනෙක් වෙන්න පුලුවන් කියලයි දැන්නම් අපිට හිතෙන්නේ (දී)
මිනීමැරුමක සැකකරුවන්ට සුබ පතන අයත් ඉතාලියේ ඉන්නවා එහෙනම්? (දී)
කව්ද 1,3 හා 4 වැනි සැකකරුවන්ගේ නෑයා? වාස් මැතිණියද?(නදී)
"ගිම්" කෙසේ වෙතත් .. "හානි" යක්නම් තමා.(අ)
වාස් මහතාණනි, ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ දැනට ලංකාවේ සිටින ඉතා දක්ෂම නීතීඥවරයා වන්නේ හේමන්ත වර්ණකුලසූරිය මහතායි. ඔබ බිය නොවන්න. ඉතාලියේ හිටපු තානාපති තුමා ඔබව නිදහස් කර ගන්නවා. මිලානෝ ශ්‍රී.ල.නි.ප. ඔබට ජය පතමි.(නදී)
ගිම්හානි, දන්නෝ දනිති, ඔයාලා වගේ නොදන්නෝත් සිටිති. (අ)
වාස් මහතාණනි ,ඔබ කව්ද කියා දන්නෝ දන්නවා.කවදාහරි සත්‍ය ජය ගන්නවා.ඔබට දෙවි පිහිටයි! (දී)