බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරුවකු වන රවිදු ගුණවර්ධන රටින් බැහැර වීමට ඉඩ ඇති හෙයින් එය වැළැක්වීමට පියවර ගන්නැයි රහස් පොලීසිය අද(30) කොළඹ කොටුව අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතාගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව ඔහුට රටින් පිටවීමට ඉඩ නොදෙන ලෙසට මහෙස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකට නියෝග කළේය.
රවිදු ගුණවර්ධන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත්‍රයෙකි.
වාස් ගුණවර්ධන මහතා ද මේ නඩුවේ සැකකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම දැන් ඔහු කොහේද ඇත්තේ? (නි)
ඔව්... කොහෙද ඇත්තේ ඔහු? නිසැකයෙන්ම ඇති කොහේ හෝ. අහුවේවි කවදා හරි. කවදාවත් වැරදි කර සැගවෙන්න බැහැ (නි)
ඔහු නිවැරදි නම් ඇයි හැංගිලා ඉන්නේ? (නි)
වැරදි කරුවෙක් නම් ..? මෙලහටත් රටින් පිටවෙලා ඇති . දැන් එයා සිංගප්පුරුවේ ඇති...? හුගක් වැරදිකරුවෝ නීතියෙන් බේරිලා නවාතැන් ගන්න යන්නේ මෙහාට මයි ..? (අ)
වැරදි කළ නිසායි හංගන්නේ (අ)
වාස් වෙනුවන් ගුණ කියපු අය කෝ? (නි)
දැන් මේ නීති විරෝධීව හැංගෙන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කළ ඉහළින්ම සිටි ප්‍රධානියෙකුගේ පුතෙක් නේද කියලා හිතන්නේ කොහොමද? (නි)
එහෙනම් ලඟදි රට ගිහින් එන්න ඇති? (අ)
මං කියන්නෙ නැහැ වාස් එලියට දැමිය යුතුයි කියලා. නමුත් අර දැරණියගල ලොක්කා කොහොමද කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නේ? සබරගමුවේ දෙවි කෙනෙක්ගේ අනුහසින්ද? (නි)
මොකක්හරි පක්ෂයක එල්ලුනා නම් හරි... (නි)
දැන් පොලිසියට වෙලා තියෙන්නේ රටේ ලොකු ලොකු තනතුරු දරන අයගේ රාජකාරි කටයුතු කරන්න මිසක් දුගී දුප්පත් මිනිසෙකුගේ රාජකාරියක් කරන්න නෙමෙයි. (නි)
නිවන්තිඩිය ගමේ අපේ වොලිබෝල් පිට්ටනිය සම්බන්ධ නඩුවකුත් තවම විභාග වෙමින් පවතිනවා (නි)
නමුත් වෙනත් නමකින් ඔහුට රටින් පිටවෙන්න අවකාශ සළසා ගන්න පුළුවන් නේද? (නි)
ඔය වැඩ හරියට කරන හැටි පොලිසියේ පොඩ්ඩොත් දන්නවා. (නි)
අර වටිනා පින්තූර දෙකත් රටින් පිට කරන්න එපා කිවුවා. අර මතක නැතිකෙනාත් ලංකාවෙන් පිට වුණාට පසුව අත් අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කළාලු නේද ..? අපේ රටේ ආරක්ෂාව දෙන්නෙත් විශේෂ තැන් වලට ඒවායේ තිබෙන දේවල් හොරු ගෙනගියවිටයි. (නි)