මායාදුන්න හා පළමුවැනි රාජසිංහ රජවරුන්ගේ මාලිගාවේ කොටු පවුර සොයාගත් බව සබරගමුව සහකාර පුරාවිද්‍යා කොමසාරිස් එම් ඒ එස් ටී කේ මදුරප්පෙරුම මහතා කියයි.
1521-1581 දක්වා මායාදුන්න, 1581-1597 දක්වා සීතාවක පළවැනි රාජසිංහ පිය පුතු දෙදෙනා වාසය කරන්නට ඇත්තේ මෙම මාලාගයේ බව ඔහු පවසයි.
අවිස්සාවේල්ල කැනියම්ගම පුරාවිද්‍යා කාර්යාලයය ආසන්නයේ මෙම මාලිගයේ නටබුන් ඇත.
මාලිගයේ කැනීම් වළවල් 10ක් සේවකයෝ තිදෙනෙක් සමග වැඩ කරති. කැනීම් නිලධාරීනී ජානකී බියන්විල මහත්මිය කියනුයේ විදේශ ආක්‍රමනිකයන් මාලිගය ගිනි තබා වනසා ඇති බවයි. ලන්දේසින් එහි බලකොටුවක් තැබූ බවද ජනප්‍රවාදයේ එන කතාවකි.
සීතාවක රාජධානිය බැරැන්ඩි කොවිල, කටුඋණ පඳුරු, රාජසිංහ සොහොනද මීට කළින් සොයාගෙන ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු, කමල් හරියට හරි. අද අපේ රටේ ඉන්න අන්‍ය ආගම්කාරයන්ගෙ ආරම්භය හරිම නරක විදිහට පටන්ගෙන තියෙන්නේ. වැඩි දෙනෙක් රට ජාතිය පාවාදීලායි ආගම වෙනස් කරලා තියෙන්නෙ. (නි)
අපේ අතීත ශ්‍රී විභූතිය ඉස්මතු කරලීමට වෙර දරන ඔබට අපගේ ප්‍රණාමය! (නි)
හමුවෙන දේවල් ගැන වැඩි ප්‍රසිද්ධියක් නොදී, සංරක්ෂකයින්ගේ සහ මෙම විෂය හදාරන අයගේ ප්‍රයෝජනයට වෙන්කර තබන්න ඇත්නම් හොඳයි. කෞතුකාගාර වලට මේ පුරාවස්තු ගෙනියනවා කියන්නේ දැන් පෙනෙන හැටියට නම් හොරාගේ ගෙදරටම ගෙනිහින් දෙනවා වගේ වැඩක්. ඕනෑ කුඩුකාරයෙකුට අධි ආරක්‍ෂිත කලාපයක විද්‍යුත් කැමරා පද්ධති නිසොල්මන් කරලා බීඩිත් බීලා රන් කඩුත් උස්සගෙන බැල්කනියෙන් පැනලා යන්න පුළුවන් ආශ්චර්යමත් රටක්නේ ... (නි)
අපි දැනගන්න කැමති මොකද මේවා ඇතුළු අනික් සිංහල බෞද්ධ සිද්ධස්ථාන , විහාර ,ගෙවල් , මාලිගා ගිනිතියන්න හේතුව සහ මෙහෙම කරපු අයගේ පරමාර්ථය? සහ මේවා කරපු ජාතීන්ගේ අගම සංස්කෘතිය මොකක්ද කියන එක.සහ මෙවන්ගේ දවල් වලින් මෙම බටහිර ජාතීන් බලාපොරොත්තු උන දේවල් මේ ලක් දෙරණ තුල අද වෙන විට කෙතරම් දුරට සාර්ථක වෙලා තියෙනවද කියන එක.(ස)
සන්තෝසයි
බලන්න යන්න බැරිද
හොද ආරංචියක්
අමාරුම දේ තමයි දැන් මේවා නිදන් හොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම (ස)
ඔහොම යනකොට රාවණාගේ රාජධානියත් පොලොව යට තිබිල හමුවෙයි ද දන්නේ නැහැ. අන්න එදාට කාට කාටත් බලාගන්න පුළුවන් වෙයි නියම සිංහලය කොයිවගේ බලවන්තයෙක්ද කියල. මේවා නොදැන අපි ඉන්දයාවට ආවඩමින් අපේ ළමයින්ව ඉන්දියානුකරණය කරමින් ඉන්න බව නම් පෙනෙනවා. (ස)
අපුරුවට ඇති
ඔතන අර කඩුව එහෙම නැද්ද ? (ස)
හොඳ සොයා ගැනීමක් . අපේ මෑත ඉතිහාසයේ මෙවැනි නටඹුන් ඉතා අඩුයි (ස)
නිධානයක් කියලා කඩයිද දන්නෙ නැහැ. (නි)
අපේ උරුමය
අවිස්සාවේල්ලේ මානියම්ගම නෙමෙයිද? (නි)
මේ අපේ පැරණි රජ දරුවන්ගේ සෞභාග්‍යයයි...අපි ආඩම්බරයි (ස)
අපේ සොයාගන්න අමාරු මෑත ඉතිහාසයයි, විජය රජුට පෙර ඉතිහාසයයිනෙ. විශිෂ්ට සොයා ගැනීමක්. හැබැයි පුරා වස්තු රැක ගැනීමත් වැදගත් මේ කාලයේ. (නි)
දෙවියන් වහන්සේ නොඅදහුනුන්ගේ පුජ්‍ය ස්ථාන විනාශකර දමා ඔවුන්වද විනාශ කරන්න. අවුරුදු 500ක් කරපු විනාසේ සෙල්ලම් නැහැ බලපුවහම. (නි)
හොයාගන්න එකේ හොයාගන්නකෝ අළුත් දෙයක් (නි)
ඕවා සොයගන්න එක නම් හොදයි. නමුත් ප්‍රශ්නේ කොහේද ඕවා සංරක්ෂණය වෙන්නේ? නිදන් හොරුන්ට අහුවුණොත්? (නි)
නපුරු උණ කටුව කකුලේ ඇණුනාය රාජසිංහ දෙවි නාමය මැකුණාය... (නි)
අපේ රට අද මෙහෙම හරි ඉතිරිවෙලා තියෙන එක මහා පුදුමයක්.පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ජාතින් තුනම කරපු විනාසේ මහා බරපතළයි.ඔක්කොම පන්සල් ගිනිතියලා එතන අන්‍ය ආගමික දේවස්ථාන හැදුවා. අවුරුදු 14 ට අඩු ඔක්කොම සිංහල පිරිමි ළමයි ඝාතනය කරන්න අණදුන්නා.ඔක්කොම පළතුරු ,එළවළු ,කුඹුරු විනාශ කළා.මේ ඔක්කොම කළේ අපේ බුදු දහම විනාශ කරලා මෙහි දේව රාජ්‍යයක් හදන්න.අද ඔය දේවස්ථාන තියෙන තැන්වල ඉතිහාසේ බැලුවොත් එතන තිබුණේ බෞද්ධ පන්සලක්.අපි අපේ ඉතිහාසේ හරියට ඉගෙනගන්න කල් ජාතියක් විදියට අපිට කවදාවත් නැගිටින්න බැහැ.නමුත් අපේ පාලකයන් ඒවා ගැන කතාකරනවාට කැමති නැහැ.සර්වාගමේ මායාවෙන් මේ විනාසේ ගැන කතාකරන්න සිංහලයට ඉඩක් දෙන්නේ නැහැ. (නි)