IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


වසර දෙකක් ඇතුළත පිටි කිරි සහ බීජ ආනයනය නතර කරනවා

 

(අංජුල මහික වීරරත්න)

තව වසර දෙකක් ඇතුළත බීජ ආනයනය සහ පිටිකිරි  ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

2024 වන විට රටට අවශ්‍ය බීජ රටේම නිපදවා ගැනීමටත්, කිරිපිටි ආනයනය නතර කර ජනතාව දියර කිරි සදහා හුරු කරවීමේ ඉලක්කය සපුරා ගැනීමටත් කටයුතු කළ යුතුව ඇතැයිද අලුත්ගමගේ මහතා කීය.

බහුජාතික සමාගම්වල බලපෑම්වලට හසුනොවී  ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කෘෂිකර්ම  ඉලක්ක සපුරා ගැනිමට කැපවී කටයුතු කළ යුතු බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ රාජ්‍ය  අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමඟ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා මෙි බව කීය.



අදහස් (16)

වසර දෙකක් ඇතුළත පිටි කිරි සහ බීජ ආනයනය නතර කරනවා

කිරි පුතා Wednesday, 15 September 2021 01:41 PM

ඉතා හොඳ අරමුණක් . ඉටුකර ගැනීමට ලැබේවායි සුබ පතමු

:       11       32

සේනක~ඉතාලිය Wednesday, 15 September 2021 01:49 PM

ඇමැතිතුමෝ,බයවෙන්න එපා එච්චර කල් ඔබතුමාලා බලයෙ තියෙන්නේ නැහැ.දැන් දැන් කොටිට පැදුරැත් අරගෙන යන්න ලැස්ති වෙන්න.

:       18       32

ජනක Wednesday, 15 September 2021 01:56 PM

ඇමති කියලා තියෙන්නේ සැලසුම් සකස් කරන්න කියලා හා ඉලක්ක සපුරාගන්න කටයුතු සකසන්න කියලා. ඒවුනාට ලිපියේ මාතෘතාව කිරිපිටි ගෙන ඒම සම්පූර්ණයෙන් නවත්වනවා කියලා පාඨකයා නොමග යවලා තියෙන්නේ.

:       3       29

saman Wednesday, 15 September 2021 01:58 PM

මෙයාගේ බොරු කයිවාරු විතරයි .කලින් කියපු විදියට අඩුවට දීලා ඉන්න .පස්සේ පුළුවන් අලුත් දේවල් කරන්න

:       2       26

Prase Wednesday, 15 September 2021 02:11 PM

කරන්න පුලුවන්නම් හොඳයි. මටත් ඉඩමක් දුන්නොත් කිරිහරක් හදන්න පටන් ගන්නවා

:       1       18

lankaputha Wednesday, 15 September 2021 02:12 PM

වර්තමාන නිෂ්පාදනය 5 %ක් ලබා දීමට ප්‍රමාණවත්, සෑම ගවයෙක්ම වාර්ෂිකව ගවයින් බිහි කළත් කිරි නිෂ්පාදනය 80 % දක්වා වැඩි කිරීමට අපට අවම වශයෙන් අවුරුදු 5 ක් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් ගවයෙකුගේ වැඩිහිටිභාවයක් වසර 6 කටත් වැඩි ය. ඔවුන්ට පෝෂණය කිරීමට තණබිම් නිපදවිය හැක්කේ කොතැනින්ද.

:       0       16

aseWednesday, 15 September 2021 03:56 PM

ගව ඝාතනය තහනම්? කිරි ගත නොහැකි සහ ඉපදෙන පිරිමි පැටවුන්? සතුන් පිටරට පැටවිමෙන් ලාභයක් නැහැ. මස් වෙළෙඳපළ දැන් තෘප්තිමත්...

:       0       8

පැරකුම්Thursday, 16 September 2021 10:46 AM

සෑම රටක්ම මුහුනදෙන බලවත්ම අර්බුදය තමයි තෘණ බිම්. සංරක්ෂිත වනාන්තර එලි නොකර තණකොල වවන්නේ කොහේද? මිනිස්-වන සතුන් ගැටුම උග්‍රවනවා නියතයි.

:       0       4

Nuwan Wednesday, 15 September 2021 02:28 PM

හදිසි නීතිය ඉවරවුණු හැටියේ ගහලා පන්නන මිනිස්සු බලන් ඉන්නේ මෙයා අවුරුදු ගණන් සැලසුම් හදලා හීනෙන්...!

:       9       18

fairoos Wednesday, 15 September 2021 03:44 PM

මේ කියන දේවල් ඉල්ලා අස් කරගනන ඒහෙම ඒපා

:       1       8

Sunil Wednesday, 15 September 2021 03:49 PM

ධුර කාලය ඉවර වෙනකොට අපිට මැරෙන්න වෙයි ව‌ගේ

:       0       11

මංගල Wednesday, 15 September 2021 04:22 PM

මොන සැලසුම්ද, කිරිපිටි තහනම් කලානම් වැඩේ ඉවරයිනේ. මේ කිරිපිටිත් අර සුද්දා අරක්කු නිකන් දීලා පුරුදු කලා වගේ දෙයක්නේ. කිරිපිටි නිෂ්පාදනය කරන කිසිම රටක කිරිපිටි විකුනන්නේ නැහැ.

:       2       5

Sriland Wednesday, 15 September 2021 04:41 PM

හොද සත් ක්‍රියාවක් යනන කලින් කරල යනන

:       3       4

Jay Wednesday, 15 September 2021 04:48 PM

මම ආවෙ කමෙන්ට බලනන

:       0       6

Bamunuarachchi Thursday, 16 September 2021 03:59 PM

ඔන්න නොකීවයි කියන්න එපා. අවුරුදු 2ට කලින් කියන්නේ.

:       0       3

de silva Thursday, 16 September 2021 09:47 PM

අවුරුදු දෙකක් යනකොට කිරිපිටි කෙසේවෙතත් බීජ නම් පිටරටින් ගෙන්වන්න අවශ්‍ය වෙන එකක් නැහැ. පොහොර නොමැති නිසා ගොවියෝ දැන් ගොවිතැනින් ඉවත් වෙනවා.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2072 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 396 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 689 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1030 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 181 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 645 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 730 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site