‘මයිලෝ’ කුසලාන පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් තරගයට වෙස්ලි විදුහල සුදුසුකම් ලැබීය. අද (8 වැනිදා) කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි පිටියේදී පැවති අවසන් පූර්ව තරගයේදී වෙස්ලි විදුහල විසින් ධර්මරාජ විදුහල පරදවා ලකුණු 22-13 ක ජයක් ලබාගත්තේය.
පාසල් රග්බි සංගමය විසින් මෙහෙයවනු ලබන මෙම තරගාවලියේ අවසන් තරගයට වෙස්ලි විදුහල සුදුසුකම් ලබාගත්තේ මෙවර පාසල් තරගාවලියේ ලීග් ශූරයන් වූ ධර්මරාජ පිල පරදවමිනි.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට වෙස්ලි විදුහල ලකුණු 19-5 ක් ලෙස පෙරමුණේ සිටියේය. ජයග‍්‍රාහි වෙස්ලි විදුහලට ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු වූ අතර ධර්මරාජ විදුහල උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලබාගත්තේය.
දෙවැනි අවසන් පූර්ව තරගය ශාන්ත පීතර විදුහල සහ ත‍්‍රිත්ව විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී හෙට (09) පස්වරු 4.30 ට පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් වෙස්ලී... කින්ග්ස්වූඩ් සහෝදරයන්...(අ)
ත්රිත්ව විදුහලට ඉතාමත් සතුටු ඇති. ත‍්‍රිත්ව විදුහලට සුබපැතුම්! (නි)
වෙස්ලි විදුහලට සුබ පතන ගමන් තව දෙයක් කියන්න තියෙනවා, ඒ වෙස්ලි විදුහලට ක්‍රීඩකයින් දහ අට දෙනෙක් සෙල්ලම් කල බව. රෙෆ්රී ල තුන් දෙනාත් වෙස්ලි විදුහලට සෙල්ලම් කලා. මෙය රග්බි ක්‍රීඩාවට කරන අපරාදයක්.(නදී)
රාජන්ස් මොකද උනේ? මොකද නගරේදී වැඩ පෙන්නන්න බැරි උනේ. ඇයි මොකක් හරි ඇතුලේ අව්ලක්ද?(නදී)
කස්තුරි හරි. මමත් කිහිප සැරයක්ම දැක්කා (නි)
ධර්මරාජේ ප්‍රෙක්ෂකයන්ට පරාජය බාර ගන්න ගොඩක් අපහසුයි. පසුගිය ලීග් එකෙදිත් ගොඩක් ලඟින් ගිය තරඟ (ත්‍රිත්ව, රාජකීය, ජෝසප්) වගේ මැච් වලදිත් ඔය කට්ටිය කිව්වේ විනිසුරු හොර කරපු බව තමයි. රාජකීය, ජෝසප් මැච් වලදි මේ අය විනිසුරුට කරපු දේවල් අපි දැක්කා. මේගොල්ලො හිතන් ඉන්නේ රගර් ගහන්නේ එගොල්ලො විතරයි කියලා. (නි)
රග්බි රෙෆ්රී ල නම් හරිම හොරු, මම ඒක සියයට සීයක් පිලිගන්නවා. (අ)
මැච් එකක් පැරදුනාම එක එක කතා කියන්න එපා. දිනුම ,පැරදුම නිහතමානිව බාරගන්න. වෙස්ලි කොල්ලන්ට ජය ප්‍රාර්ථනා කරනවා. (නි)
කස්තුරි, වෙස්ලි එකට 18 ක් සෙල්ලම් කරනකන් අනිත් කට්ටිය බුදියගෙනද හිටියේ? නටන්න බැරි මිනිහට පොලව ඇදයි වගේ ,කතා ගොතන්න එපා. සුබ පැතුවට ස්තුතියි (නි)
කන එක ලස්සනට කෑවා. වෙස්ලි කොල්ලෝ රගර් ගහන්නේ පුරුදුවෙන්න නෙමෙයිනේ. නියමයි වෙස්ලි! (නි)
ලංකාවේ රගර් වලින් නමක් තියාගෙන ඒ කාලේ ඉදලා ඉන්න පාසල් තමයි ඉසිපතන, රෝයල්, සාන්ත තෝමස්, ට්‍රිනිටි, පිටර්ස්, කිංග්ස්වුඩ්... අනිත් පාසල් නිකන් සුපර් ස්ටිර්ස්ලා වගෙයි (නි)
වරුණ,ආරංචියේ හැටියට ට්‍රිනිටි එක සන්තෝස වෙන්නේ නැහැල්ලු. පෙරලි ,පෙරලි අඩනවලු. මොකද අන්තිම මැච් එකත් කෙස් ගහෙන් ගියේ. වෙස්ලි කොල්ලන්ට ජය. (නි)
ට්‍රිනිටි එක වෙස්ලි මැච් එකේදිත් ඔහොම මන්දගාමී වුනොත් අනිවාරියයෙන්ම වෙස්ලි දිනනවා. කොහොම වුනත් මම පාසල් දෙකටම සුභ පතනවා (නි)
ඉන්දික. කමක් නැද්ද ,දිගටම තරග පරදිනවනේ . ඉන්දිකගේ ගම මොනරාගලද ?(අ)
ත්‍රිනටි අනිවාර්‍යෙයන්ම තරගය දිනනවා. මම හිතන විදිහ හරිනම් ලකුනු තත්වය 32/17 හැබැයි 17 උපරිමය.(නදී)
ඉන්දික , හු හු හු හු හු හු හු හු හු . ඉරිදා මැච් එක බැලුවද ? මට ඉන්දික ගැන පුදුම දුකක් ඇති වෙන්නේ.(නදී)