(නිමල කොඩිතුවක්කු)
විසිවැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව සිදු කරන සංශෝධන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ පිළිබද අධ්‍යයනය කර කරුණු වාර්තා කිරීමට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, මුජුබර් රහුමාන් යන මහත්වරුන් එහි සාමාජිකයන් ලෙස පත්කර ඇතැයි සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වූ අවස්ථාවේදී මෙම කමිටුව පත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව සිදු කර ඇති සංශෝධන පිළිබඳ කරුණු සොයා බලා පාර්ලිමේන්තු කණ්ඩායම දැනුවත් කිරීම එම කමිටුව මඟින් සිදුකරනු ඇතැයි ද අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විස්ස ගැන සොයා බැලීමට සමගි ජන බලවේගයෙන් කමිටුවක්
Bamunuarachchi Tuesday, 20 October 2020 03:28 PM
ජනාධිපතිවරණයයි මහා චන්දෙනුයි අන්ත පරාජයක් ලැබීමට හේතු හොයන්න කමිටුවක් දාගත්තොත් මීට වඩා ප්‍රයෝජනයි නේද?
Kumara Tuesday, 20 October 2020 04:32 PM
උස සෙකුරිටි.. මිටි කම්කරු...
මුණසිංහ Wednesday, 21 October 2020 02:00 AM
ඔයාලගේ කමිටුවේ වැඩ පටන්ගන්න කලින් එයාලා සම්මත කරගෙනත් ඉවර වේවි. අනෙක ඊළඟ ජනපති පුතාණෝ නම් මේකට උඩින්ම කැමති වෙන්න එපායැ..?
BamunuarachchiWednesday, 21 October 2020 01:56 PM
එයා දන්නවා මේ කල්පේ එයාට මේ රටේ ජනාධිපතිකම ලැබෙන්නේ නැති බව... අපි ඡන්දෙ කුණු කූඩෙට දැම්මත් මෙයාට දෙන්නේ නැත. හේතුව මෙයාට රාජ්‍ය නායකයෙකුට තිබිය යුතු ගුණාංග නැත. නිකන්ම නිකන් පුද්ගලයෙක්...