
(සමන් විජය බණ්ඩාර)
දිට්වා සුළි කුණාටුවෙන් පසු උඩරට දුම්රිය මාර්ගයට සිදු වූ හානි අතරින්, රඹුක්කන සහ කඩුගන්නාව අතර ප්‍රදේශය තවමත් දැඩි අභියෝගයකට මුහුණ දී සිටී.
විශේෂයෙන්ම කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු වූ නාය යෑම හේතුවෙන් එම කොටසේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද වී ඇති අතර මේ වන විටත් එහි පස් ඉවත් කිරීම ගල් කැඩිම සිදු වෙමින් පවති.
දුම්රිය දෙපාර්තමේන්තුව සහ අනෙකුත් රජයේ වගකිව යුතු ආයතන එක්ව මෙම ස්ථානය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විටත් සක්‍රීයව කටයුතු කරමින් සිටින බව පෙනේ.
එහෙත් මෙය හුදෙක් එක් නාය යෑමක් පිළිබඳ ගැටලුවක් පමණක් නොව, අපේ කඳුකර පරිසරයට සහ යටිතල පහසුකම්වලට එල්ල වන ගැඹුරු අනතුරු ඇඟවීමකි.
උඩරට දුම්රිය මාර්ගය යනු ඉංජිනේරු විශිෂ්ටත්වය මෙන්ම ස්වභාවික සෞන්දර්යයද එකට බැඳුණු අපූරු නිර්මාණයකි.
එහෙත් මෑතකදී මෙම කලාපයේ නාය යෑම් බහුල වීමට මිනිස් ක්‍රියාකාරකම්ද සෘජුවම බලපා ඇති බව සැඟවිය නොහැකි සත්‍යයකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd