
(නිමල කොඩිතුවක්කු)
මෙවර අයවැයට විරෝධය පළ කරමින් හෙට (23) ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තිය සමිති කිහිපයක් තීරණය කර ඇත.
ඒ අනුව සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, කළමනාකරන සේවා නිලධාරීන්, හෙද නිලධාරීන්, සෞඛ්‍ය සහයක කාර්ය මණ්ඩල, තාක්ෂණික නිලධාරීන්, පළාත් පාලන නිලධාරීන්, ගුරු විදුහල්පති ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඒ සඳහා සහාය දක්වයි.
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ ඉල්ලිම්වලට නිසි ප්‍රතිචාර නොලැබි ඇති බව පවසමින් දිවයින පුරා සියලුම රාජය ආයතන සම්බන්ධ කරගනිමින් මෙම විරෝධතා පැවැත්වෙන බව කම්කරු අරගල මධ්‍යස්ථානය පවසයි.
එමෙන්ම මෙම ජාතික විරෝධතා දිනයට සමගාමීව කාර්යාල ඉදිරිපිට උද්ගෝෂණ වල නිරත වන බවද එහි ජාතික කමිටු සාමාජික ධම්මික මුණසිංහ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් පඩි අරන්, කාලා බීලා පැත්තකට වෙලා ඉන්න එකේ, මොන අටමගලයක් හරි කරලා තමන්ගේ තැන රැකගන්න ඔය කරන්නේ.
හොරකම් කරන්නයි බොරු කියන්නයි ඇරෙන්න වෙන මෙලෝ වැඩක් බැරි, අයි එම් එෆ් පදේට නටනවා හැරෙන්න රටක් පාලනය කරනවා තියා පෙට්ටි කඩයක් කර ගන්න දැනුමක් අවබෝදයක් හෝ බුද්ධියක් නැති පච කුමාර ඇතුළු ගොබ්බ කල්ලිය පලවා හරින්නට දැන් කාලය ඇවිල්ලා! ඒ කටයුත්ත සදහා ජනතාව සුදානම් කරන්න වැඩ කරන පන්තිය පෙරමුණ ගත යුතුය.