IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වැස්සෙන් පවුල් 12,207 ක් පීඩාවට

(මොහොමඩ් ආසික්)

දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 18 ක පවුල් 12,207 කට අයත් පුද්ගලයින් 45,509  දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

පුද්ගලයින්  අට දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 32 ක් තුවාල ලබා ඇති බවත්  ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් 32 කු තුවාල ලබා ඇති බවත් එම මධ්‍යස්ථානය කියයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 517 කට අයත් පුද්ගලයින් 1930 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 42 කට අයත් පුද්ගලයින් 163 ක් , පීඩාවට පත්ව සිටිති

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල්  436 කට  අයත් පුද්ගලයින් 959 ක්, යාපනය දිස්ත්‍රික්කයේ පවුල් හතකට අයත් පුද්ගලයින්  19 ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් දෙකකට අයත් පුද්ගලයින් 10 ක් පිඩාවට පත්න සිටිති.

කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 638 කට අයත් පුද්ගලයින් 2269 ක් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පවුල්  5790 පුද්ගලයින් 23,155 ක්ද කොළඹ දිස්ත්‍රික්කයට අයත් පවුල් 685 ක පුද්ගලයින් 2926 දෙනෙකුද පීඩාවට පත්ව සිටිති.

ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 812 කට අයත් පුද්ගලයින් 2652 කු, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 368 කට අයත් පුද්ගලයින් 1414 දෙනෙකු, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් දෙකකට අයත් පුද්ගලයින් 10 දෙනෙකු ද පීඩාවට පත්ව සිටිති.

පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 2434 කට අයත් පුද්ගලයින් 8006 දෙනෙකුද, කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පවුල් 47 ක පුද්ගලයින් 158 දෙනෙකුද පීඩාවට පත්ව සිටිති. මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 272 කට අයත් පුද්ගලයින් 1249 දෙනෙකුද නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 86 ක පුද්ගලයින් 386 දෙනෙකුද  පිඩාවට පත්ව සිටිති.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 15 කට අයත් පුද්ගලයින් 50 ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 26 කට අයත් පුද්ගලයින් 91 ක් පීඩාවට පත්ව තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 27 කට අයත් පුද්ගලයින් 100 ක් පීඩාවට පත්ව ඇති අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ එක් පවුලක පුද්ගලයින් සිව් දෙනෙකුද පීඩාවට පත්ව සිටිති.

ආපදාවන් හේතුවෙන් මිය ගිය පුද්ගලයින් අට දෙනා රත්නපුර දිස්ත්‍රික්කයේ එක් අයෙකු, ගාල්ල දිස්ත්‍රික්කයේ එක් අයෙකු පුත්තලම දිස්ත්‍රික්කයේ සිව් දෙනෙකු, නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක් අයෙකු සහ බදුල්ල දිස්ත්‍රික්කයේ එක් අයෙකු වශයෙන් වාර්තා වී තිබේ.

මෙයට අමතරව පුද්ගලයින් 32 ක් තුවාල ලබා ඇති අතර නිවාස 12 ක් සම්පූර්ණයෙන් විනාශ වි ඇති අතර තවත් නිවාස 3166 ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබේ.

අවතැන් වූ පවුල් 311 ක පුද්ගලයින් 1248 ක් ආරක්ෂිත ස්ථාන 12 ක රඳවා ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

 



අදහස් (0)

වැස්සෙන් පවුල් 12,207 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2364 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 418 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1700 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5016 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3383 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3737 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site