ඕස්ට්‍රේලියාවේ උත්තර ප්‍රාන්තයේ අග නගරය වන ඩාවින් නගරයේ අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේදී වෙසක් උත්සවයක් පැවැත්විණි. ශ්‍රී ලාංකිකයෝ 500 ක් පමණ එහි සිටියහ. වැඩිහිටියෝ හා ළමෝ 35 දෙනෙක් පමණ සිල් සමාදන් වුහ.
විසුද්ධි චිත්ත හිමි හා විසුද්ධා මෙහෙණිය ආගමික වතාවත් කළහ.
සමිත මහතා හා ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් වෙස්සන්තර ජාතකය නිරූපනය කරමින් අඩි 30 ක් පමණ උස තොරණ ඉදි කැරිණි. මෙහි කතාවස්තුව සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් විකාශනය විය.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විසුද්ධා මෙහෙණිය ඉංග්‍රීසි භාෂාවෙන් කළ ධර්ම දේශනය ඇසු ඕස්ට්‍රේලියා ජාතික ආරාධිත අමුත්තන් කියා සිටියේ තමන් බුදු දහම ගැන තව දුරටත් හැදැරීමට බලාපොරොත්තු වන බවයි. ඉන් අනතුරුව ළමා හා වැඩිහිටියන්ගෙන් සමන්විත කණ්ඩායමක් මගින් භක්ති ගීත ගායනා කළහ.
පැමිණි සිටි 250 ක් පමණ වු පිරිස වෙනුවෙන් ලංකාවේ ආහාර පාන දන්සැලක් ද පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ලස්සනයි. පිටරටකදී ලංකාවේ වගේ ජීවත් වෙනවා දකින්නත් ආඩම්බරයි. තවත් මෙවැනි වැඩ කරන්නට අපේ සුබ පැතුම්! (නි)
මට හරිම සතුටුයි ලංකාවේ අය මේ කරපු දෙය ගැන. මගේ නංගි ඇයගේ දුවත් සමග භක්ති ගීත වලට පියානෝ එක වයමින් සහභාගී වී සිටින අන්දම මට හරිම ආඩම්බරයක්. මගේ අම්මා ඉහලම දායකත්වයක් දැරීම හරිම සතුටක්.(නදී)
මට ගොඩක් සතුටුයි. (ත)
හරි ලස්සනයි. (අ)
හරි ලස්සනයි. බන්දුල මහටත් අපගේ ස්තුතිය (අ)