බංග්ලාදේශයට එරෙහිව මේ මස 31 වැනිදා මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා නම් කර ඇති 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට නවක කී‍්‍රඩකයෝ හය දෙනෙක් ඇතුළත්ව සිටිති.
කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා, චතුරංග ද සිල්වා, ෂෙහාන් ජයසූරිය, රමිත් රඹුක්වැල්ල සහ ඉෂාන් ජයරත්න යන ක‍්‍රීඩකයන් හයදනා ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට ඇතුළත්වූ පළමු අවස්ථාව මෙයයි.
පළමු පෙළ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන යශෝධ ලංකා සහ දෙවැනි කඩුලූ ලාභියා වන ඩිල්රුවන් පෙරේරා ඇතුළත්ව නොමැති නමුත් පළමු පෙළ තරගාවලියේ තරග 5 කදී ලකුණු 122 ක් පමණක් රැුස්කර ඇති රමිත් රඹුක්වැල්ල මෙම සංචිතයට ඇතුළත් වී සිටී.
මුවර්ස් පිල නියෝජනය කරන චතුරංග ද සිල්වා සහ ෂෙහාන් ජයසූරියත්, කෝල්ට්ස් පිලේ දකුණතින් වේග පන්දුයවන ඉෂාන් ජයරත්නත් මෙවර පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ මේ දක්වා දස්කම් දැක්වූ ක‍්‍රීඩකයෝ වෙති.
ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් වන කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් මෙම තරගයේදී විවේක ගන්වා ඇති අතර මහේල ජයවර්ධන ආබාධයකට ලක්ව සිටීම නිසා බංග්ලාදේශ සංචාරයෙන් ඉවත්ව සිටියි.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
දිනේෂ් චන්දිමාල් (නායක), ලසිත් මාලිංග (උප නායක), කුසල් ජනිත්, ඩිල්ෂාන් මුණවීර, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, ජීවන් මෙන්ඩිස්, කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා, සචිත‍්‍ර සේනානායක, ශාමින්ද එරංග, චතුරංග ද සිල්වා, ෂෙහාන් ජයසූරිය, රමිත් රඹුක්වැල්ල, ඉෂාන් ජයරත්න සහ තිසර පෙරේරා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයසුරිය මහතා ගත්ත හොද තීරණයක් (දී)
සන්ග යි ඩිල්ශාන් නැති පාලුව හා පාඩුව අපිට අඩුවක් නැතිව දැනේ (අ)
නවකයින්ට හොද අවස්ථාවක් ඔවුන්ගේ දස්කම් පෙන්වන්න.(නදී)
වෙනස තමයි අපිට ඕනේ.(නදී)
ෂෙහාන් ජයසූරියට අවස්ථාවක් ලැබුණු එක ගැන මට සතුටුයි (නි)
ඔබලාගේ අනාගතය පැහැදිලියි (දී)
ලංකාව හිටපු තැන රැක ගන්න පුළුවන් නේද (දී)
අපේ ජෙෂ්ටයින්ගේ පාලනය යටතේ වෙන්න ඇති ඔවුන් සෙල්ලම් කරන්නේ (දී)
වේගවත් පිති හරඹයක් අවශ්‍යයි (දී)
6 ක් වැඩි නැද්ද (දී)
නවක ක්‍රීඩකයින්ට හොද අවස්ථාවක්.(නදී)
රමිත, අන්තිම එකොලහට ආවත් පුදුම වෙන්න දෙයක් නැහැ. හරි ෂෝක්.(නදී)
ඇයි යශෝධ ලංකාට චාන්ස් එකක් නැත්තේ. (නදී)
නවකයින්ට තැන දීම වටිනා වැඩක් (දී)
දිනුක හෙට්ටිආරච්චිටත් චාන්ස් එකක් දෙන්න බලන්නකෝ. (නි)
නවකයන් තමයි දවසක ප්‍රවීනයන් වෙන්නේ (දී)
ඇමති පුතාලත් මේ දේවල් වලට සම්බන්ධ වෙන එක හොදයි. (නි)
රමිත් රඹුක්වැල්ලට සුභ අනාගතයක්! (නි)
මෙයාලත් බැල්කනියෙන් වැටුනද ටීම් එකට.(නදී)
නවකයෝ පුරුදු පුහුණු කරන්න මේ වගේ දේවල් කරන එක ඉතා වදගත් (දී)
සියලු දෙනාටම සුභපැතුම් (දී)
ඇයි ගිහාන් රූපසිංහට අවස්ථාවක් දෙන්නෙ නැත්තේ? (නි)
ඔය එන්නෙ නැහැ කියපු අය ෂෝක්එකට ඇවිත් තියෙන්නේ. (නි)
කණ්ඩායමට සුභපතනවා මම (දී)
ජයවේවා සුභපැතුම් ඔබලාට (දී)