ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අද (29) පෙරවරු 10.30 ට උතුවන්කන්දේ ධර්මදූත යෝග්‍රාශ්‍රමය විහාරස්ථානය අසලින් ආරම්භ විය.
ආගමික වතාවත් වලින් පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැසි පොද මැද පාගමන ඇරඹිය.
තුන් දහසකට ආසන්න පිරිසක් පෙළපාළියට එක්ව සිටිති.
(ඡායාරූප හා වීඩියෝ - කෞෂල්‍ය සමින්ද බණ්ඩාර)
(ජායාරූප - ළහිරු හර්ෂණ)
(ජායාරූප - තරිඳු ජයවර්ධන)



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ අතර මගින් නතර කරන ලද පාද(ඩ) යාත්‍රාව අද උතුවන් කන්දෙන් ආරම්භ කරන බව මහින්ද රාජපක්ෂ පවසා තිබිණ. සරදියෙල් නමැති පුරාණ හොරෙකු සැඟව සිටි උතුවන් කන්ද රාජපක්ෂ හොරුන්ටද අපූරුවට ගැලපෙන ස්ථානයක් යැයි ජනතාව කියති. (අ)
ගියසැරේ රැස්වීම්වලට වගේ රතුපාට බස් පෝලිමුත්, නොම්මර තහඩු නැති පජරරොත් දැන් නැහැ නේද?(අ)
අපිත් ඉස්සර මෙතුමාට තමා කැමත්තෙන් හිටියේ. දැන් නම් මේ තියන ආණ්ඩුව හොඳටම හොඳයි (අ)
අනේ ! අර හයක් හතරක් නොදන්නා කුඩා දරුවෝ වැස්සට තෙමෙන හැටි ගැනයි මම මේ කල්පනා කළේ. බේබිලාට වගේ ඒ ළමයින්ට වැහිකබා නැතිව ඇති. ලොකු කට්ටියට මයියොක්කයි පැණි බීමයි මගදී දීල තියෙන්නේ වැස්සට තෙමිලා හන්දා සීතලේට ටිකක් රත් වෙන්න වෙන්න ඇති. (බ)
එය ආශීර්වාද වැස්සක්, බාදක මැදින් එන ඔබසැමට ජයවේව!!!!! (ම)
අවුරුදු දෙකකක් ඉන්න තියෙද්දී කලින් ඡන්දයක් තියල ගෙදර ගිය ඔයාට මොලේ කොලොප්පන් වෙලාද ....(ම)
ටිකිර් බන්ඩෝ අමතක කරන්න එපා අවුරුදු 7 කට ඉස්සර පණ බයේ පාරේ ගිය හැටි. දැන් බය නැතිව එළියේ බැහැල යන්න පුළුවන් වෙලා තියෙන්නේ එතුමා හින්ද නොවෙයිද? ගුණමකු කමේ සීමාවක් තියනවා කාගේත්. (ර)
සුබ ගමන්... (ර)
දැන් ආණ්ඩුව වැටේවිද? (ර)
ප්‍රභාකරන් ඊලාම් යුද්දයට ළමා සොල්දාදුවන්ව යෙදෙව්වා රටෙන් කොටසක් අයිති කරගන්ඩ තියෙන කෑදර කමට. මහින්ද රාජපෂ ප්‍රමුක නඩය රටේ මෙලෝ හසරක් නොදන්නා දරුවන්ව යොදාගන්නවා ආණ්ඩුවක් පෙරලලා බලේට එන්ඩ තියෙන කෑදරකමට. තමන්ගේ පුතාව විතරක් නොතෙමි අරන්යනවා (බ)
නාමල් රාජපක්ෂ හෙලෝ කොප් සමාගම මිලදී ගැනීම සඳහා නාමල්ට හිමි එන්.ආර්. කන්සල්ටන්සි සමාගමෙන් රු. කෝටි එක හමාරක්ද, ඔහුට අයත් ගවර්ස් කෝපරේට් සර්විස් සමාගමෙන් කෝටි 3 ක්ද චෙක්පත් මගින් ලබා දී ඇත.තවමත් රටේ බත් කන හරක් ඉන්නවනේ මේ වගේ පට්ට හොරු පස්සේ යන.දුකයි.(අ)
පොඩි ළමයි පාරේ වැස්සට තෙමා තෙමා පඉන් ගෙනියන එක වැරදි බව කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයට පෙන්නේ නැද්ද?(අ)
දේශපාලන දඩයම නවත්වනු! හොරුන්ට කොමිස් කාක්කන්ට නිදහසේ ඉන්නට ඉඩදෙනු! (නි)
ලැජ්ජයි. මෙය බලය හිඟකෑමකි. අවුරුදු දෙකක් බලයේ ඉන්න පුළුවන්කම තියෙද්දී ඉල්ලගෙන කාලා දැන් පාද යාත්‍රා යනවා. (නි)
නිම්මි, මම දේශපාලන විශාරදයෙක් නොවෙමි. එහෙත් මට දැනෙන විදියට අපි තවමත් මුළුතැන්ගෙයි මට්ටමෙන් එහාට සිතන මට්ටමක නැත. (නි).
අරුණ, අපේ නිර්මල බුද්ධ ධර්මයත් දේශපාලනය වෙනුවෙන් යොදාගන්න අයට ඕවා කියලා වැඩක් තියෙනවද? (නි)
මහජන මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කෑම ගැන දැන් කෙරීගෙන යන පරීක්ෂණ ඉවර වුණ ගමන් කට්ටිය පාද යාත්‍රා යන්නේ හිරේ ඇතුලේ. (අ)
පුතාට හෙටක් හදන්න වැස්සේ තෙමෙනවා ...(අ)
තමගේ දූර කාලය ඉවර වෙලත් ලජ්ජා නැතිව මන්ත්‍රීකමක් අරගෙන පෙළපාලි යනවා , බලයට තියන කෑදර කම (අ)
අප්පච්චි !! පරිස්සමින්!!! ඔබ තුමා නතර කරපු යුද්ධෙන් වැඩියම ප්‍රතිලාබ ලබන ගුණ මකු ජාතියක් ඔබතුමාවම විනාශ කරන්න මාන බලනවා තෙරුවන් සරණින් ඔබ තුමා ආරක්ෂා වේවා ,,,(අ)
වින්සන්ට් දැන් උණු ආහාර ලැබෙනවද මේ රටේ මිනිස්සුන්ට. හැමෝම වැරදි තියන මිනිස්සු. දෙපැත්තක් තරග කරනකොට වැඩි හොද රටට යමක් කරන මිනිස්සුන්ගේ පැත්ත ගන්න. වෙනසක් නේද ඉල්ලුවේ? දැන් තියන වෙනස මොකක්ද කියල කියනවද අපිට අනේ කරුණ කරලා. දැන් නීතිය හැමෝටම එකද? බදු අඩුද? බඩු ලාබද? තමුනේ අය රස්සාවල් වලට දාගන්නේ නැද්ද? වැරදි කරන තමුන්ගේ අයට නඩු දානවද? අනේ නිකම් විකාර කතා නොකර ඉන්න වින්සන්ට්.(අ)
ජන ගංගාවකින් පරාජයට පත්වුණ හිටපු ජනාධිපති නහින්න හදන හැටි. .....බලයට තියෙන ආශාව....තණ්හාය ජායති සෝකෝ.....නම්බුව තියාගෙන ඉන්න බලන්න.....හොර වහගන්න දරන උත්සාහය...(අ)
ලැජ්ජයි අප්පච්චි හය හතර නොතේරෙන පොඩි ළමයි වැස්සේ තෙමෙනවා ඔබ වාහනේ යනවා. (බ)
ටිකිරි බණ්ඩා වගේ මි හරක් ශ්‍රී ලංකාවේ සිටින තුරු ශ්‍රී ලංකාව එක තැන පල්වෙයි. (අ)
නියමයි ගමන සුබයි. (ර)
පාද යාත්‍රා, යාත්‍රා වලින්... (නි)
මහින්දට මොකුත් කියන්න එපා. ඔතන ඉන්න අයට වෙන විකල්පයක් නැහැ. මේ අවසාන වෑයම. මහින්ද මහත්තයෝ, දැන්වත් ගෙදර හිටියොත් නේද හොඳ? ශ්‍රී.ල.නි.පාක්ෂිකයෙක් හැටියට මම කියන්නේ ඔය අයට අපි ඡන්දෙ දෙන්නේ නැහැ. පිරිසිදු සිරිසේන ජනාධිපති ප්‍රමුඛ අයට අපගේ සහාය සහ ඡන්දය හිමිවෙනු ඇත. (නි)
ඡන්දයකින් බලයට එන්න බැරිද? අවුරුදු දෙකකට කලින් ඡන්දෙ තියලා ඉල්ලන් කාලා, ඒකට රටේ අහිංසක මිනිස්සු මොනවා කරන්නද? හොරුන්ට දඬුවම් නොදුන් විපාක තමයි ඔය යහපාලනය විඳින්නේ (නි)
දේශපාලන බංකොලොත්බවය හොඳට පෙනෙනවා කුඩා දරුවන්ව මේ පෙළපාලි වලට යොදාගැනිමෙන්ම. කමල්, ඔයාලා දිවි පරදුවට තියන්න ඕනෑ ඔය පෙළපාලිය මහින්දගේ කාලේ ගියා නම්. දැන් එහෙම බයක් නැහැ. හොඳට යන්න. (නි)
තිලක්, ඔයා ඩුබායි ඉඳලා ලංකාවේ නිදහස ගැන කතා කරන්න එපා. අනික මෙතන අදහස් බැලුවම වැඩිපුර තියෙන්නේ ඊර්ෂ්‍යාව, කුහකකම පිරුන ඒවා. (නි)
අශිකා, ඔයා ගණන් ගන්න එපා තිලක් ඩුබායිගේ කෙනෙහිලිකම්. (නි)
හිතපු තරම් සෙනඟක්, ගෙන්න ගන්න බැරිවුණ නේද ?(අ)
සියයට 6 ක වට එක සියයට 20 දක්වා වැඩි කරපු ඔය මහත්වරු, මේ ආණ්ඩුව වැඩි කළ සියයට 4 ගැන උඩු බුරනවා.මේගොල්ලන් ගත්තු ණය ගෙවන්න බදු අය කරන්නේ නැතුව මොකද කරන්නේ? මේ කට්ටිය දිනුවත් වෙන්නේ ඔය ටිකම තමයි. මේ කවුරුවත් ඒගොල්ලන්ග් පුද්ගලික මුදල්වලින් ණය ගෙවන්නේ නැහැ නේද? (අ)
දේශපාලන දඩයම නෙවෙයි හොරු දඩයම නවත්වමු කියලා බෝඩ් ගැහුවා නම් තමයි වඩාත් ගැලපෙන්නේ. (අ)
රටේ හරියට පාලනය කර නම් කකුල් වල දියපට්ටා එකකල් පාද යාත්‍රා යන්න ඕනෙද? ජනතාව තේරුම් ගන්න ඕනේ මේ මිනිස්සු කරපු හොරකම් මේ අය කරපු ගසා කෑම් ,කවමදාවත් පිළිගන්නේ නෑ , අත්දෙක උත්සන් ඉදිරියට එන්න ජාතික වීරයෝ වගේ , අන්තවාදී නොවී , මධ්‍යස්ත මත ධාරීන් හැටියට හිතන්න , ඔය ඉස්සර ගිය පාද යත්‍රා දැන් හරියන්නේ නේ., අනික ඔය විමල්ලා ,ගොම්මන් පිල්ලලා වගේ අය මහින්ද මහත්තය තියාගන්නවා කියන්නේ තවත් ප්‍රපාතයට වැටිමක් . (අ)
සදාකාලික බලයේඉන්න ව්‍යවස්ථාවත් වෙනස් කරලා ඒකාධිපතියෙක් වුනු ඔහු දැන් මේ මොනවා ඉල්ලගෙනද යන්නේ? එකටම ගැලපෙන හොර හරක් පට්ටියකුත් ඉන්නවනේ. (අ)
දිවි පරදුවට තියා අපි සටනට ජය පතමි දුෂ්ට බොරු රජය පලවා හරිමු (අ)
අප්පච්චියේ හතුරෝ හැම තැනම පරිස්සමින් ඔබ තුමාට බුදු සරණ වේවා (අ)
තණ්හාය ජායතී ශෝකෝ...තණ්හාය ජායතී භයං.....(අ)
රජය බය වෙලා ජවිපේ හොල්මන් වෙලා පාද යාත්‍රාවට ජය වේවා (අ)
මොලේ කළදක් තියෙන මිනිසුනේ !.. ටිකක් ඒ මොලය පාවිච්චි කරලා බලන්න අර අසරණ පුංචි පැටව් ටික වෙනුවෙන් තෙමි තෙමි යනවා මේ නරුමයා බෙන්ස් කාර් එකේ අත වන වන යනවා ,මෙහෙව් රැලකට ද නැවත රට බාර දෙන්න කියන්නේ ... ? මේ වගේ හොර ඉර්ශි වරුන් පසු පස වැද වැටීගෙන යන මෝඩ අනුගාමිකයින් ඉන්න රටක් ද මේ ශ්‍රී ලංකාව...අහෝ (අ)
මේ බංකොලොත් සෙනගගේ, මහජන පිළිගැනීම ආපු සංඛාවෙන්ම හිතාගන්න පුළුවන්, සෙනග ලක්ෂ තුනක් වත් පාරට බස්සන්න බැරිනම් මෙයාලා ගෙවල් වලට ගිහින් හොඳ වැඩක් කරගෙන කාලේ ගතකලා නම් හොඳා. (ර)
සටනට ජයවේවා.! (ර)
හිටපු ජනාධිපතිවරු මේ වගේ පෙළපාලි යනවානම් ඔවුන්ට දෙන වරප්‍රසාද ගැන නැවත සිතිය යුතුයි. එස්.ටී.එෆ්.සෙබළු සේවයට බැඳුනේ දේශපාලන පෙළපාලිවල යන්න නෙමෙයි නේ... (ර)
අනේ පින්සිද්දවෙනවා! මේ හය හතර නොතේරන කුඩා දරුවන්වත් මේ දේශපාලන පාගමනට එකතුකරගන්න එපා මේ මල් කැකුලුවලට මොනවද තේරෙන්නේ! (ර)
ජන විකල්පය මහ පාරට. (ර)
දුකත් හිතෙනවා දැක්කාම, වගකීමක් ඇති විපක්ෂයක් විදිහට වැඩ කරන්න. (ර)
මෙන්න ලංකාවේ බලයට එන්න කරන දේවල්. (ර)
කොහොමටත් පුංචි ලමොනම් හොද නැහැ පෙළපාලිවලට ගන්න. (ර)
බලයට ඇති ආසාව. (ම)
මේ අය කියන දේ අහන්න තිබුන අඩුම තරමේ මේ රජයට අවුරුදු තුනක්වත් ගිහිල්ල තිබුණානම්. මේ පාද යාත්‍රා හොරකම් වලින් බේරෙන්න බව ඕන කෙනෙකුට තේරෙනවා. (ම)
රජයක් නිවැරදි මඟක යැවීම කාගේත් අයිතියකි. එහෙත් එම හඬ නඟන්නේ කව්ද කුමන චේතනාවකින්ද යන්න ඇසිය යුත්තකි. නිවැරදි ගමනක් යාමට උගන්වන කකුළුවාගේ කතාව හොඳටම ගැලපෙන මොහොතකි. පිළුණු ආහාරය නැවත වැළඳීම නොකිරීමට ජනතාව බුද්ධිමත්වීම රටේ යහපතට හේතු වන්නකි. (ර)
මේ ආගමික වතාවත් වලදී පන්සිල් පද පහම කියනවද ? (ර)
පාගමන පැරදුනු දුකට. මෙතරම් ජනතාවක් සිටිනවානම් ඩෙංගු මර්ධන ව්‍යාපාරයක් කරන්න ලොකු පිනක්. දේශපාලනයට කුඩා ළමයි භාවිතා කරන පුරුද්ද අත්හරිමු. (ර)
අනේ මේ මොකද පොඩි ළමයින්ව වැස්සේ ගෙනියන්නේ? (ර)
මේක දේශපාලන ගමනක් නේද? ඒ නිසා මම ඉතාමත් කරුණාවෙන් සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා හය හතර නොදත් පුංචි දරුවන්ව මේ වගේ දේශපාලන කටයුතුවල අතකොළුවක් බවට පත් කරන්න එපා කියලා. ඔවුන් තමයි මේ රටේ අනාගතය. ඇත්තටම දුකයි. (ර)
සෙනග ගනන්න්කලේ නැටුම් කණ්ඩායම් වල ඉන්න සෙනගත් එක්කද ? (ර)
බලය ගන්න අවසාන වෑයම තමා මේ. (ර)
කොහොමද හරියටම 3000 ගණන් කලේ මේ වැස්සේ තෙමීගෙන. (ර)
වැස්සේ සාමාන්‍ය ජනතාව එක්ක තෙමි තෙමීම ගියානං මීට වඩා හොඳය. පව් පිටිපස්සේ මිනිස්සු තෙමි තෙමීම එනවා ඇති. (ර)
මමත් ඉස්සර ඕවට සම්බන්ද උනා. (ර)
මෙහෙම කරන්නේ වත් නැතුව රජය මේ කරන දේවල් වලට කතාකරන්නේ ඔය උඩින් විවේචනය කරන මහත්වරුද.? (ර)
ලංකාවේ මෝඩ මිනිසුන් ඉන්නකන් දේශපාලුවන්ට හොදයි. මොකද එයාල කඩේ යන්න යොදා ගන්නේ ඔය ගොන් මිනිසුන්ය.එක එකා බලයට ගෙන්න උන් තවම පස්සෙන් යනවා.අත පය හොදට වෙහසල හරි හම්බ කර ගනිල්ලා කාලය කා දමන්නේ නැතුව. (අ)
දැන් ඉතින් ඔය කට්ටිය පෙළපාලි ගියා කියල මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගනීවිද. හොරකම් වැහෙවිද. අන්තිමට ජනතාව ගොන්නු වෙලා නතරවේවි. මෙයාලට ඕන එයාලගේ ජනප්‍රිය කම තියාගන්න දෙයක් කරන්න මිසක් ජනතාවට දෙයක් කරන්න නෙවේ. විපක්ෂයේ ඉන්න කවුරුත් ඔය දේවල් කරන්නේ ජනතාව ගොනාට අන්දාගෙන ජනප්‍රිය වෙන්න.(අ)
පෙනෙනවා නේද ආඩම්බරකාර තාත්තගේ තරම පුංචි දැරුවෝ වැස්සේ තෙමි තෙමි නටවා නටවා අරන් යද්දී තමන්ගේ පුත්තරයව බෝනික්කෙක් වගේ අන්දවලා පරිස්සමට අරන් යන හැටි,වැඩිම වුණත් එයා මීටර් දහයක් පයින් යන්න ඇති මේවට තමන්ගේ කිරි දරුවන්ව එවන මෝඩ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැති හැටි ! (අ)
පසුගිය අවරුදු 10 දී මහින්ද ඇතුළු පිරිස යහමින් මහජන මුදල් මංකොල්ල කෑවා. දැන් ඒ මුදල් යහමින් වියදම් කරනවා. එත් මේ කපේදී රාජපක්ෂලාට ලංකාවේ දේශපාලනය කරන්න ලැබෙන්නේ නැහැ.ඒ බුද්ධිමත් ජනතාවක් තවමත් රටේ පාලනය තීන්දු කරන නිසා.(අ)
එදා පා ගමින් යන්න ගියා නම් දෙකයි දෙකේ පොලු වලින් සළකන්න වෙනම සෙට් එකක් හිටියා. අද අපි මොනතරම් නිදහස්ද? (අ)
පාද යාත්‍රා තියන කට්ටිය මේ වෙනකොට ඉන්න ඕනේ යකඩ කුරු ගණන් කර කරයි. (අ)
හයක් හතරක් නොදන්නා කුඩා දරුවන් වගේම හයක් හතරක් නොදන්නා ලොකු දරුවන් ගැන මට හරිම දුකයි.මොනවා දැනගෙනද මේ පාද යාත්‍රා තියාගෙන පාරේ ඇවිදගෙන යන්නේ?(අ)
අශිකා.ඔයාගේ ඔලුව කොහේ හරි වැදුනද?නැතිනම් හැටිද? (අ)
ජනතාව බලය දුන්නහම ඒක රැක ගන්න දැන ගන්න ඕනි. (ර)
බාධක මැදින් ජය ටැඹකරා... (ර)
ජන සටනට ජය... මේ ආණ්ඩුව හැම අතින්ම අසමත්. තනිකර බොරුව. කරන රංගනය අවසන් කල යුතුය.. අපි මහින්ද සමග පෙරට.... (ර)
සුබ පතමි සටනට ජය වේවා.! (ර)
පවු මේ අහිංසක පොඩි දරුවෝ මහපාරේ තියලා නායකයන් වාහනවල යන ලෝකේ එකම පාද යාත්‍රාව මේක වෙන්නැති නේද ? (ර)
කෝටි දෙකක් ඉන්න රටේ පෙළපාලියට තුන්හදායි.... (ර)
මේ හය හතර නොතේරන කුඩා දරුවන්වත් මේ දේශපාලන පාගමනට එකතුකරගන්න එපා. (ර)
වැසිපොද ඔබේ ගමනට ආශීර්වාදයක් වේවා.! (ර)
තවත් සිතන්නට කාලයක් නැත පක්ෂය වෙනුවෙන් පක්ෂයේ අනාගතය වෙනුවෙන් පක්ෂය සුද්දකරලා දාන්න. (ර)
මහින්ද තුමනි ඔබ තුමන් ලාංකිය ජනතාවන් වෙනුවෙන් ඔබගේ වයසද නොබලා වැස්සේ තෙමෙමින් අව්වේ වේලෙමින් කරන කැප වීම දුටුවිට සහ පෙර රජ දවස දස මහා යෝදයින් සිහියට නගමින් ඔබ වටේ නිරතුරුව සැරිසරණ මේ පතාක යෝධයින් දුටුවිට අපට ගෙන එන්නේ දෙනෙතට කඳුලක්. (ර)
පේරාදෙණියෙන් දස දහසකින් පටන් ගත්ත එක උතුවන්කන්දෙදි තුන් දහසක් උනා නම් කොළඹට එනකොට කී දාහක් විතර වේවිද? (ර)