එක්සත් අරාබී එමීර් රාජ්‍යයයේ අල් ඛාන් මුහුදේ දියනෑමට ගිය ලාංකිකයෙක් (23) ඊයේ (25) දියේ ගිලී මියගියේය.
මේ සම්බන්ධයෙන් සවස 7.30 ට පමණ සාජා පොලීසියට දුරකතන ඇමතුමක් ලැබී,පොලීසිය,ගිලන්රථ සහ සහන සේවා කණ්ඩායම් එහි ළඟාවන විටත් ලාංකිකයා මියගොස් තිබිණි.පසුව ඔහුගේ දේහය රෝහලට භාරදෙන ලදී.
මෙම ස්ථානයේ දිය නෑමෙන් වළකින ලෙස දැන්වීම් ද පළකර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වීම දැකල නෑ වගේ, ඔබට නිවන් සුව ! (ස)
අපේ කොල්ලෝ කරන්න එපා කියනදෙනේ කරන්න හදන්නේ,(දිල්)
ඉදිරි කාලය ඉතාලියෙ ග්‍රීස්ම කාලය. හැම අවුරුද්දකම මිලානො වල නම්,මත්පැන් බෝතල අරගෙන වැව් වලට ගංගා වලට යනව. හැම අවුරුද්දකම විහින් මැරෙන අය මෙහෙත් ඉන්නව. මුලු අවුරුද්ද මුලුල්ලේම සීතලෙන් බැට කාල විනෝද වෙන්න යනව තමයි, නමුත් පරිස්සම් වීම අඩුයි.
සමහර අයට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැනේ , ඉතින් ඔය අරාබි බාසාවෙන් ඉංග්‍රීසි බාසාවෙන් ගහපු බෝර්ඩ් වලින් වැඩක් නැහැ. සිංහලෙන් ම ගහන්න වෙනව. (ස)
මොනවා කීවත් අපේ සිංහල කට්ටිය ටිකක් පණ්ඩිතයි. මොන බෝඩ් ගහල තිබ්බත් මම විතර හපනෙක් නැහැ කියල වැඩේට බහින්නේ .අන්තිමට අනතුරකට ලක් වෙනකම් දන්නෙම නැහැ. (ස) .
අපේ අය ඉතින් කරන්නෙම එපා කියන දේවල්මනේ.... (නි)
මෙහේ මුහුද නම් එතරම්ම සැර නැහැ. අපිත් නානවා (නි)
දැන් මෙහෙත් ග්‍රීෂ්ම කාලය.කරාම වලින් එන වතුර ලෝදිය වගේ උණුසුම්.ඒක නිසා මුහුදේ නාන්න ගියාද දන්නෙ නැහැ.නාන්න එපා කියලා අනතුරු අඟවලාත් තිබියදී මොකට ගියාද මන්දා? ඔබට නිවන් සැප! (නි) ලැබේවා !!!.
පිටිගල,කොහොමහරි කමක් නැහැ. ඔයා නානවනේ... ඒ ඇති. (නි)
අපි හිතුවේ එතන ගැඔුරු නැතුව අැති කියලා. බලනකොට ගැඔුරුයිනේ... සිංහලෙන් ලිවුවා නම් මෙහෙම වෙන්නෙ නැහැනේ (නි)
මල මගුල මේ රටවලට සිංහලෙන් ලියන්යි කියලා නීතියක් ගේන්න ඕනා මේ හැම ඒකටම භාෂාවනේ ප්‍රශ්නේ (අ)
කව්ද ඇත්තෙන්ම උවමනාවෙන් මැරෙන්න හදන්නේ. මොහුට සමහර විට භාෂාව නොතේරුනා වෙන්න බැරිද? මාරයා භද්‍ර යෞව්වන ය මේ තරුණයාගෙන් උදුරාගත්ත එකනම් හරිම ඛේද වාචකයක්. මොහුට මින් මතු අකල් මරණයක් නම් නොම වේවා!!! (ස)
ඔබට නිවන් සැප ලැබේවා! (නි)
තමන් දුරුරටක සිටියදී මීට වඩා ප්‍රවේශම් වෙන්න (නි)
මේ දවස් වල මෙහෙ තියෙන පට්ට රස්නයත් එක්ක මුහුදට බහින්න පිස්සුද මන්දා. මුහුදු වතුරත් ගින්දර වගේ. (නදී)
පිටරටවල ගියාම රැකියාවම කර කර ඉන්න ඕනේ නැහැ. අපි ටිකක් විනෝද වෙන්න ඕන තමයි. නමුත් මොන දේ කලත් (නරක වැඩ කරන එක අනුමත නොකරමි) අපි ආපු වැඩේ කරගන යහතින් ආපහු යා යුතු බව සිහියේ තබාගන වගකීමකින් ජිවත් වියයුතුයි. අපි වෙනුවෙන් අපි එනතුරු අපේම අය ලංකාවේ මගබලා ඉන්න බවත් නිතරම හිතන්න ඕනා.(නදී)