IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වාහන පර්මිට් එකට මන්ත්‍රීවරු පස්ස ගසති

(සුජිත් හේවාජුලිගේ)

තීරු බදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් අලුත් යෝජනාවක් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට සහ කතානායකවරයාට  පසුගිය සතියේදී  ඉදිරිපත්වී  ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මන්ත්‍රීවරුන්ටද රාජ්‍ය සේවකයන්ට  දෙන වාහන බලපත්‍රයට සමාන බලපත්‍රයක් දී   රටට වාහන ගෙන්වීමට අවසර ලැබෙන අවස්ථාවේ සිට ක්‍රියාත්මක වන පරිදි එම බලපත්‍රය නිකුත් කරන ලෙසටද  වශයෙන් එම අලුත් යෝජනාව ඉදිරිපත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම යෝජනාවද  ජනාධිපතිවරයාට යොමු කරන බව   කතානායකවරයා එහිදී  ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

මන්ත්‍රීවරුන් මුලින් යෝජනා කර තිබුණේ  ඔවුනට කලකට පෙර ලැබුණු කෝටි දෙකකට වැඩි වටිනා වාහන බලපත්‍රයයි.

රාජ්‍ය සේවකයන් දෙදහසකට තීරු බදු රහිත  වාහන බලපත්‍ර දැනට නිකුත් කර ඇති අතර වාහන ආනයනය කිරීමේ තහනම හේතුවෙන් එම බලපත්‍ර වෙනුවෙන් වාහන ලබා ගැනීම මෙතෙක් නොහැකිවී ඇතැයි  පැවසේ.

තීරු බදු රහිත වාහන බලපත්‍රයක් නොපමාව ලබා දෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ  මන්ත්‍රීවරු 116  දෙනෙක්    අත්සන් කළ ලියවිල්ලක්   කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට  පසුගියදා බාර දුන්හ.

අනතුරුව එම ලියවිල්ල කතනායකවරයා විසින් ජනාධිපතිවරයාට බාරදෙනු ලැබීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහකාරක  සභාවෙන් යෝජනාවක් එවන ලෙසට ජනාධිපති කාර්යාලය  ඉන් අනතුරුව දැනුම් දී තිබිණැයි දැනගන්නට ඇත.

මන්ත්‍රීවරුන්ගේ අලුත් යෝජනාවද ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර  රජයේ සේවකයන්ට ලබා දී ඇති වාහන බලපත්‍රයට වාහන මිලදී ගැනීම සඳහා  නුදුරේදීම අවස්ථාව සලසා දීමට රජයේ අවධානය යොමු වී ඇත.

වාහන බලපත්‍රය ලබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතරද කඹ ඇදීම් හටගෙන ඇතැයි  වාර්තාවේ.

ඊට හේතු වී ඇත්තේ ඡන්දයක් ලඟ ළඟ එන අවස්ථාවක වාහන බලපත්‍ර ලබා ගැනීමෙන් ඡන්ද පදනමට බලපෑම් ඇතිවේ යයි සමහර මන්ත්‍රීවරුන් මත පල කිරීම නිසා යැයි  දැනගන්නට ඇත.

මන්ත්‍රීවරුන්ට මීට පෙර ලබා දුන්  වාහන බලපත්‍රය වෙනුවට රජයේ සේවකයන්ට ලබා දෙන වාහන බලපත්‍රය ඉල්ලා සිටීමද එහි ප්‍රතිඵලයක් බව වාර්තා වේ.



අදහස් (6)

වාහන පර්මිට් එකට මන්ත්‍රීවරු පස්ස ගසති

Swene Haputhantirige Tuesday, 18 June 2024 04:40 AM

මන්ත්‍රීවරු වේවා රජයේ නිලධාරින් වේවා , වාහන ගෙන්වා ගැනීමේ බල පත්‍රයක් නිකුත් කිරීමම අකටයුත්තකි. ඒ මන්ද යත් ඔවුන්ගෙන් බොහොමයක් බලපත්‍රය විකුණා මුදල් කිරීමයි. බල පත්‍රයක් විකිණීම කොතරම් වැරැද්දක්ද යි කියා හර්ද සාක්ෂියෙන් අහන්න. අවසානයේ දී මුදලාලිලා ගණනක් හම්බ කර ගන්නවා. මුදල් ඇති අය ගෙන්වා පසුව වාහනයම ඉතා වැඩි මුදලකට විකුනනවා. අන්තිමේදී විශාල අකටයුත්තක් වෙනවා . එබැවින්, කෙනෙකුට වාහනයක් පාවිච්චිය සඳහා යම් සහනයක් අවශ්‍යයයි තීරණය කරන්නේ නම් ඔහුට සාමාන්‍ය වාහනයකට ගෙවිය යුතු බදු මුදලින් යම් කොටසක් කෙලින්ම රජයෙන් ගෙවීමට වඩා කිසිත් කලයුතු නැහැ. සුඛෝපභෝගී වාහන වලට කාටවත් අවසර දිය යුතු නැහැ. ඔක්කොම සාමාන්‍ය වාහනයක් පාවිච්චි කරන එකයි තියෙන්නේ.

:       2       26

පුෂ්පා Tuesday, 18 June 2024 05:44 AM

මම ඉන්න රට මුදල් වලින් ඉතා පොහොසත් දියුණු වූ රටක්. නමුත් මෙම රටේ දේශපාලකයන් මහජන මුදල් තමාට බලපාන දෙයකට භාවිතා කරද්දි පුලුවන් තරම් අඩුවට කරන්න බලන්නේ. මොකද පොඩ්ඩක් වැරදුනොත් හිරේ ලඟින්න වෙන්නෙ. අනික ඔවුන් ලොකු කම බලෙන් පාවිච්චි කරන්නෙ නෑ. ලොකුම වාහනය, ලොකුම කාමරය, ලොකුම පුටුව මඟින් තමා ලොක්කා යන්න ප්‍රදර්ශණය කිරීමක් මේ රටේ නෑ. එනමුත් ඔවුන්ගේ ලොකු කම රැස්වීමකට වාඩි වූ වහාම ප්‍රදර්ශණය වෙනවා. ඒ අදාල ප්‍රශ්ණ ඇසීම, තමාගේ විෂය පිලිබඳව අවබෝධය සහ ඉහල පුද්ගලයන් සමඟ ඇති සම්බන්ධතා වැනි දේවල් මඟින්. පසුගිය අවුරැදු වල මට හොඳින් තේරැම් ගිය දේ තමා අපේ රටේ වෘත්තිකයන්ගේ, දේශපාලකයන්ගේ සහ සල්ලි ඇති අයගේ වැඩ වලට වඩා ෂෝ එක ගොඩාක් වැඩි බව. දොස්තරලා නලාව බෙල්ලෙ ඔතන් ඇවිදීම, ටියුෂන් ගුරාලා බෙන්ස් වල බොනට් උඩ නැගගත් කටවුට් සවි කිරීම, දේශපාලකයො වැදගත් රැස්වීම් වල සැර කිරීම වැනි බාල ගනයේ වැඩ. මේවා කිව්වම තරහ යනවා හරියට. අපි රටක් වශයෙන් පහල තැනක තියෙන්නෙ.

:       1       23

Lalla Tuesday, 18 June 2024 07:54 AM

ඉදිරියට එන මැතිවරණයේදී මන්ත්‍රීලට ඇමතිලට දෙන වරප්‍රසාද කප්පාදුව පොරොන්දුව දෙන අයට ඡන්දය දීමට අවශ්‍යයි. මන්ත්‍රී විශ්‍රාම වැටුප තීරුබදු රහිත වාහන බලපත්‍ර වෙනත් විශේෂ දීමනා බාර් ලයිසන් සියල්ල අහෝසිකරන්න ලිඛිත පොරොන්දුව දෙන පක්‍ෂයට අපේ ඡන්දය.....

:       0       25

Kazi Shajahan Tuesday, 18 June 2024 10:01 AM

යන යකා කොරහත් බිඳ ගෙන යන්න යන්නේ ,මුන් වගේ කාලකන්නියෝ ටිකක් ලක් මාතාව ජාතක කළා නේ

:       1       23

සලීන් Tuesday, 18 June 2024 11:47 AM

උන්ගෙන් රටට කිසිම වැඩක් වෙන්නේ නැති නිසාත් රට අගාදෙට යන්න හේතුව උන්සේ සැප සුබ සිද්ධිය තකා පමණක් වැඩ කල නිසාත් රට ගැන කිසිම කැක්කුමක් ඇති එකෙක්වත් පාර්ලිමේන්තුවේ නැති නිසාත් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීමට කිසිම සුදුසුකමක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමැති කිසිම කෙනෙකුට නැතිනිසා වාහන පර්මිට් මෙන්ම අනිත් පහසුකම්ද නැවැත්වීමට කටයුතු කල යුතුය.

:       0       11

Prabha Tuesday, 18 June 2024 01:15 PM

දෙන දෙයක් ගනිල්ලා ඊළඟ චන්දෙන් උඹලා ඔක්කොම ගෙදර යනවා

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 338 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2039 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1550 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 672 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 569 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 678 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site