(අංජුල මහික වීරරත්න)
පෙබරවාරි මාසයේදී ගෙන්වන වාහන වල මිල" චුට්ටක්" වැඩිවනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පෙබරවාරි මාසයේ පළවෙනිදා සිට පෞද්ගලික වාහන ආනයනයට අවසර ලබා දෙන බවද ජනාධිපතිවරයා කීය.
හෝමාගම ජන හමුවක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.වාහන ගෙන්වීම ඇරැඹූ පසුව ආණ්ඩුවේ වාහන සංචිත තෝරා වෙන්සියේ විකුණන බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
ඉකුත් සමයේ රටට බලපෑ විදේශ විනිමය අර්බුදයත් සමග 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර කෙරිණි.අනතුරුව මෙරට වාහන මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර නැවත ශ්‍රී ලංකාවට මෙලෙස වාහන ගෙන්වන්නට තීරණය කෙරුණේ වසර තුනකට පසුවයි.
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු
දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වාහන මිල’’ චුට්ටක්’’ වැඩි වෙයි
යෝගා Monday, 27 January 2025 09:20 AM
පෝර්ට්සිටියට අවශ්‍ය කලුගල් ප්‍රමාණය කිව්ව වගේ චුට්ටන් බොරුවක් නේද.
රම්බොඩ Monday, 27 January 2025 10:13 AM
ඔව් චුට්ටම චුට්ටයි. 600% බදු ගැහුවම ඔය චුට්ට වැඩි වෙනවා. මේවා බොරුවටම උපන් කටවල්. කිව්වොත් කියන්නෙත් බොරුමයි.
අකිල Monday, 27 January 2025 10:29 AM
අඩුවට වාහන ගෙන්වන්න බැරිලු ලිසින් කාරයොයි ,පැරණ වාහන සෙල් කරයෝන්ගෙයි ව්‍යාපාර කඩා වැටෙනවලු එහෙම උනොත් , හොඳ වෙලාවට අනුර යුද්දේ කාලේ ජනාදිපති උනේ නැත්තේ , ඒ කාලේ හිටියනං කියයි යුද්දේ ඉවර කරන්න බැහැ මල්ශාලා කාරයොන්ගේ ව්‍යාපාර කඩාවැටෙන හින්ද කියල
සුරෙන් Monday, 27 January 2025 11:52 AM
පන්සිල් පද 5 දන්නේවත් නැති, එය පිළිගන්නෙත් නැති කෙනෙක්ට බොරු කිම වරදක්, පවක් කියලා දැනෙන්නේ නැහැ නෙමෙයි... ඒක ජීවිතේ සාමාන්‍ය දෙයක්...
prabash Monday, 27 January 2025 11:59 AM
විකාර නැතිව ටැක්ස් ෆ්‍රී කරලා විද්‍යුත් වාහන ගේන්න අවසර දෙන්න..ඒකෙන් ලංකාවට ලොකු මුදලක් ඉතිරි වේවි.. තෙල් ආනයනය කරන්න යන මුදල්...
fairoos Monday, 27 January 2025 02:51 PM
චුට්ටා 600% නේද? ගෙන්නන්න ඕනෑ නැහැ..
Janitha Monday, 27 January 2025 03:21 PM
ලක්ෂ 5ට සැප වාහනයක් ගන්න සිහින මැව්වා. මෝඩ ජෙබයියෝ ආයෙත් පාරක් රැවටුණා..
SAM Monday, 27 January 2025 08:40 PM
මේ අදහස වෙන රජයක නායකයෙකු කිව්වානම් JVP ඒ කෙනාව පතුරැ ගහනවා .හැම රජයකම හොද සහ නරක තියෙනවා. මේ රජයෙත් එසේමයි සැම රජයක්ම ලංකාවෙ බලයට එන්නේ බොරැ කියලා. ඒක JVP එකටත් පොදුයි .අපේ බහුතරයක් මිනිස්සු රැවටෙනවා. ඒක නිසා අවංකව දේශපාලනය කරන්නෙ සීමීත මිනිසුන් ප්‍රමානයක්
Mazaheem A Salaam Tuesday, 28 January 2025 10:58 PM
එහෙම කිව්වම පොඩි ගානක් ගන්න ගියාම දෙගුණයක් එනවා