වළල්ලාවිට ප්‍රාදේශිය සභා සේවකයිනට දෙසැම්බර වැටුප ගෙවනතුරු බිමට නොබසින බව කියමින් එහි විපක්ෂ නායක ඇතුළු එජාප මන්ත්‍රීවරු තිදෙනෙක් වහළට ගොඩවුහ.
වැටුප් ගෙවීමට බැංකුවෙන් මුදල් ගෙන ඒමට ලේකම් ඊ ඒ ශාන්තිලතා මහත්මිය පියවර ගැනීමත් සමඟ විපක්ෂ නායක දීලීප් කුමාර් පිටිගල,මන්ත්‍රීවරුන් වන අරුණ දීප්ති ගුණසිංහ හා ජයසිංහ මල්ලවආරච්චි මහත්වරු පැයකට පමණ පසු බිමට බටහ.
ඔවුන් පැවසුයේ සෑම මාසයකම 22 වැනිදා ගෙවන වැටුප් මෙවර නොගෙවු බවයි.
ලේකම් ශාන්තිලතා මහත්මිය පැවසුයේ වැටුප් ගෙවීමේ ස්ථිර දිනයක් නැති නමුත් 25 වැනිදාට පෙර වැටුප් ගෙවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඩි වැඩිකරගන්නත් ක්‍රමයක් හදා ගන්නකෝ (බ)
හපොයි රටකට ගිය කළ (බ)
පුදුමයි නේ. දැන් එස් බේ ඇමතිතුමා කියනවා ලංකාව ලෝකේ දියුණු රටයි කියල. එහමනං සල්ලි තියන්න එපායැ. (අ)