රුපියල් එක්ලක්ෂ හතලිස් පන්දහසක මුදල් පසුම්බියක් අහුලා පොලිසිය මගින් අයිතිකරුට බාර දුන් කොළඹ මැනිං වෙළෙදපොළේ සේවකයකුගේ අවංක භාවය ගැන පොලිසිය අද ඔහුට ප්‍රසංශා කළේය.
කොළඹ නාගලගම් වීදීයේ චන්දන පුෂ්පකුමාර නම් මෙම වෙළෙඳ සේවක අවුලා ගෙන ඇත්තේ සම්පත් දසනායක නම් ව්‍යාපාරිකයකුගේ මුදල් පසුම්බියයි.
ව්‍යාපාරිකයා ඔහුට රුපියල් පන්දහසක් පරිත්‍යාග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට හරි පුළුවන් නම් මේ ලිපියට තියන ප්‍රතිචාර ඒ උතුම් මිනිසා වූ චන්දනට පෙන්නන්න. ඔහු තවත් ගොඩක් සතුටු වේවි. (නධී)
පුෂ්පකුමාරට මාගේ උත්තමාචාරය මෙවැනි උතුම් පිරිසකුත් අප අතර ඉන්න නිසාම තමයි මේ රටට හොද (දිල්)
මස තුනක පස්සේ ඔන්න මම නැවතත් අව,ආයුබෝවන් කිව්වා කට්ටියටට,ගොඩක් අලුත් මුහුණු තියනවා වගේ,මොනවා උනත් මෙතුමාගේ පොටෝ එකක් දාන තිබුන,ඔබට ජයශ්‍රී (අ)
මිනිසෙක් බමුනෙක් ද වසලයෙක් ද යන්න ම තීරණය වන්නේ කුලයෙන් ධනයෙන් හෝ බලයෙක් නොව ඔහුගේ ක්‍රියාවෙන්ය කියල බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි. සොයුර ඔබට සහ ඔබගේ පවුලේ අයට නිරෝගී සුවය සහ පව්ලේ දියුණුව සැලසේවා...(අ)
පණ්ඩිත් අමරදේවයන් ගායනාකරන.. රන් දාඩිය බින්දු බින්දු ගීතය ගොයම් කපන්නන්ට නොව මේ වගේ නාටාමි සොයුරන් වෙනුවෙන් ගායනා කල යුතුයි. (අ)
හිත පිරිසිදු නිසාම ගතද පිරිසිදුවේ ඔබට දීර්ඝායුෂ පතමි .l(දිල්)
කරන රැකියාව අනුව මිනිසුන් මනින මිනුම් දණ්ඩට හොද උදාහරනයක්.ටයි ,කෝට් දාගෙන මිනිස්සුන්ගේ දේ අසාදරනව කඩා වඩා ගන්න අයට වඩා මේ මනුස්සයා ලග තිබුණු මහත්මා ගුණය අගය කල යුතුයි.(අ)
ලංකාවේ හිත හොඳ මිනිස්සු ඉන්නවා (අ)
නාටමි සොහොයුරාට මගේ ආචාරය ! හොරුන් මංකොල්ලකාරයන් වංචාකාරයන් නිදහසේ සැරිසරන යුගයක ඔබේ පිවිතුරු දිවි පෙවෙත පුෂ්පමාලාවක් සේ සුගන්ධවත් වේවා.! (අ)
හැමදාම බොහෝවිට අනුන් වෙනුවෙන් සිත් උණු වන්නේ දුප්පතුන්ගේම සිත්වලයි. හරියට පිපාසයට ළිදක වතුර මිස මහ මුහුදේ වතුර බොන්න බැහැ වගේ!(දිල්)
චන්ද්‍ර වීරසිංහගේ අදහස් ටිකක් අමුතුයි නේද? (නදී)
නිලූ ඔයා හරි,මාත් කියන්නේ නටමි වැඩේ කරාට මහත්මා ගති ඔහුට තියෙන්නේ.(දිල්)
''නිසල සිත අසල .කුසල මිස නැත කසල '' චන්දන සොයුර,ඔබ අද බර උසුලන්නෙක් උනත් ඔබගේ පිවිතුරු චේතනාව නිසා මතු යම් දිනෙක ඔබගේ සියලු බලා පොරොත්තු සපල වී ,ඔබගේ පවුලේ සැමගේ නිරෝගී සුවය උදා වේවා ! (දිල්)
සිරියලතා කෙන්ය - ඔබ ඉදිරිපත් කලේ ඉතා වටිනා අදහසක්. ඒත් මේ තරම් උතුම් ක්‍රියාවක් කරලත් ඒ මහත්මයාගේ පින්තුරයක් නොදැමීම අඩුපාඩුවක්. මුදල් පසුම්බියේ හිමිකරු, ඔබ තරම් මහත්මා ගති ඇති පුද්ගලයෙක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. නමුත් ඔබ ඒ ක්‍රියාව කලේ ත්‍යාගයක් බලාපොරොත්තුවෙන් නොවන නිසා ඔබ ගොඩාක් සතුටු වෙනවා ඇති. ඔබට සුභ දවසක්...!!!!! (දී)
චන්දන පුෂ්පකුමාර ඔබව මෙලොවට දායාද කළ පින්බර දෙමාපියන්ට ඔබ මහත් ආඩම්බරයක්.ඒ දෙමා පියන්ටත් ,ඔබටත් ඔබෙන් යැපෙන සැමට දීර්ගයුස පතමි (දිල්)
පුෂ්ප කුමාර සොහොයුර! ඔබ වත්මන් ලාංකික සමාජය නමැති මඩ ගොහොරුවෙන් පැන නැගුන විකසිත නෙළුමක්. කසළ ගොඩේ ඇති සතය දිවෙන්න ගන්න තරම් නම්‍යශීලී භවතුන් ඉන්න රටක ඔබ වැනි උතුම් මිනිසෙකුට රු. 5000 ක් වැනි සොච්චමක් දිගුකල ගුණදහම් නොදත් ඒ පුඟුලාට අනුකම්පා කරන්න. ඔබට නීරෝගී දිවියක්! (අ)
චන්ද්‍ර වීරසිංහ මහතානෙනි මෙය 21 වන ශතවර්ශයයි. අපි සියලු දෙනාම මනුෂ්‍ය ජාතියේ. ඔබේ තර්කයටම අනුව පෝටර් යන වචනය පාවිච්චි කරනවට ඉංග්‍රීසි ජාතිකයන් උදහස් වෙන්න පුළුවන්. චන්දන මහතාණෙනි ඔබ වැනි මිනිසුන් මේ රටේ තවදුරටත් ඉතිරිව සිටීම මහත් ආශ්වාදයකි.(නදී)
අහුලපු කෙනාට දුන්න ගාන නම් හොදටම මදි. 150000 ඇහිදලා දුන්නට දීල තියෙන්නේ 3000 යි. අඩුගනනේ 10000 වත් දෙන්න තිබුණා. කොහොම උනත් ඒක අහුලලා දුන්න මහත්මයා ඉතාම හොද මිනිහෙක්. රැකියාව හොදින් කරගෙන සතුටින් කාලය ගතකරන්න තවතවත් වාසනාව ලැබේවා.(නදී)
චන්දන පුෂ්පකුමාර සොයුර ඔබ අපට ආඩම්බරයකි .(දිල්)
ඔබ වැනි උතුම් ගතිගුණ ඇති මිනිසුන් ලංකාවට වාසනාවන් ... රටේ මහජන මුදල් ලජ්ජනැතුව හොරකම් කරන ලොක්කන්ට ඔබ අදර්ශයක්ම වේවා ... ඔබට නිරෝගී දිර්ගායුෂ පතමි ..(අ)
මිල මුදල මත මිනිස්කම් අමතක කළා වූ මේ ලොවේ..'පුෂ්පයක සුවදක් හමා එයි සිතට ගෙනෙමින් අමා සුවේ..මෙවැනි යහපත් දෑ පතන හද දුක් කදුළු මොහොතින් නිවේ .චන්දනට සහ දෙමවුපියනට යහපතෙහි දොර දුර නොවේ..(දිල්)
ඔබ වැනි අය ලෝකයේ දුර්ලබයි.(නදී)
ඔබ වැනි අය වටිනවා.(නදී)
හැමෝගෙම ප්‍රතිචාර හරි අගෙයි. මේකෙන් තෙරෙනේ තවමත් මනුස්සකමට මගේ රටේ මිනිස්සු ආදරේ බවයි. සුනිල් කල්හාරි ඔබේ අදහස් හරි වටිනවා. චන්දන පුෂ්පකුමාර මහත්තයෝ ඔබ කරන රැකියාව කුමක් උනත් වචනයේ ප්රිසමාප්තියෙන්ම ඔබ අපේ යුගයේ මහත්මයෙක්. ඔබට බුදු සරණයි.(නදී)
ඔබ වැනි සොදුරු මිනිසුන් මේ සිරිලක ඉපදේවා!!(දිල්)
නාටාමිවරයා කියා සිංහලයෙකුට කියන්නේ ඇයි? නාටාමි කියා ඉස්සර කීවේ දමිල භාෂාව කතා කල සිංහල නොවෙන බඩු ඔසවන අයටනේ. රැකියා හිගය නිසා අපේ සිංහල සහෝදරයන්ට මේ රැකියාව කරන්න උනු පලියට චන්දනට නාටාමි කියා අමතන්න එපා. පෝටර් සහෝදරයා කියන එක හොඳ නැද්ද ? පෝටර් වරු ඉන්නේ දුම්රිය ස්ථාන වල පමණක් නොවේ.(නදී)
දුක් මහන්සියෙන් සල්ලි හම්බකරන කම්කරුවෙක් නිසා ඔහු දන්නවා මුදල් වල වටිනාකම. ඊටත් වඩා අනුන්ගේ මුදල් අනිසි ලෙස තමන් සතු කරගනීම පවක් දුප්පතාට තමා ඒ වටිනාකම හා මුදල් අහිමි වුන තැනැත්තාගේ වේදනාව හොඳින් දන්නේ. (දිල්)
සමහර ලොකු කට්ටිය මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරනකොට මේ වගේ පොඩි අහිංසක මිනිස්සු අනුන්ගේ සල්ලි හොරකම් කරන්නේ නැහැ. මේ තමා නියම මිනිස්සු. (නදී)
සමහර ලොකු කට්ටිය මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරනකොට මේ වගේ පොඩි අහිංසක මිනිස්සු අනුන්ගේ සල්ලි හොරකම් කරන්නේ නැහැ. මේ තමා නියම මිනිස්සු. (නදී)
"පුෂ්ප කුමාර" මුදල් පසුපස හඹා යන නරුමයන් ඉදිරියේ ඔබ සුවඳ විහිදෙන " සමන් පුෂ්පයකි". ඔබට හිස නමා ආචාර කරමි. (නදී)
චන්දන පුෂ්පකුමාර සොයුරාට අපගේ ද උපහාරය!(දිල්)
දුප්පත් කමත් පෙරේ කළ අකුසලයන් නිසාත් මේ වගේ රැකියාවක් කරන්න උනාට. සමාජයේ හංවඩු ගැහුනට මනුස්සකම පිරුණු දෙවිවරු වගේ මින්නිස්සු මේ අතරත් ඉන්නවා (දිල්) .
තුන්දාහ ආපහු දෙන්න තිබුනේ. (නදී)