
අරලගංවිල ඇල්ලේවැව ප්රදේශයේ ඉඩමක් වටා ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැණක පැටලී විදුලි සැර වැදී පුද්ගලයකු හා කුඩා ළමයකු දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව අරලගංවිල කියයි.
මියගිය පුද්ගලයා අවුරුදු 41 ක් වූ ඇල්ලේවැව ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර ළමයා අවුරුදු 05 ක් වූ ජාඇල ප්රදේශයේ පදිංචි මරණකරුගේ ඥාතයකු බව කියයි.
වන අලින්ගෙන් ආරක්ෂා වීම සඳහා නිවස වටා ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැණක ගැටී මෙම මරණ සිදුව ඇති බව මූලික විමර්ශනයේදී අණාවරනය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
විදුලි රැහැනේ පැටලී සිටි දෙදෙනා බේරා ගැනීමට ගිය තවත් පුද්ගලයන් දෙදෙනකුද විදුලි සර වැදීම නිසා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කර ඇත.
අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd