
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මේ ආණ්ඩුව රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් කළාට ජීවන වියදමට සාපේක්ෂව වැටුප් වැඩිවීමක් කර නැති බව පිළිගන්නේ යැයි කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
මෙවර අයවැයෙන් එම වැඩිවීම කෙරී නැති හෙයින් එය බලන්න වෙන්නේ ඊළඟ අයවැයෙන් බවද ඔහු ප්‍රකාශ කළේය.
අයවැය කියන්නේ සියලුම ප්‍රශ්නවලට විසඳුම් දෙන ක්‍රමවේදය නොවන බව පැවසූ අමාත්‍යවරයා ඒ අතරමඟදීත් ගැටලුවලට විසඳුම් ලබා ගතහැකි බව සඳහන් කළේය.
වැටුප් කොමිසමේ වාර්තාව අනුව ඊට පිළියම් යොදනු ඇති බවත් එම වාර්තාව ඇදි ඇදී යන එකක් නොවනු ඇති බවත් අමාත්‍යවරයා කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd