ශ්රී පාද අඩවියේ සිදුවෙතැයි කියන අනවසර සංචාරක නිකේතනයක් ඉදිකිරීමේ කටයුත්තට විරෝධය පා රාවණා බලය සංවිධානය අද (1) කොළඹ බුද්ධ ශාසන අමාත්‍යංශය ඉදිරිපිටට රැස්විය..
විදේශ සමාගමකට ශ්‍රී පාද රක්ෂිතය ආශ්‍රිත කලාපය මෙසේ විනාශ කිරීමට ඉඩ නොදෙන්නැයි ද මෙම ගැටලුව සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යංශයේ අවධානය යොමුකොට ඒ සඳහා මැදිහත්වන ලෙස ඔවුහු ඉල්ලති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහන, නොදන්නා දේවල් කතා නොකර ඉන්න. බෞද්ධ උරුමයක් වූ ශ්‍රීපාදය සහා ඒ අවට මුළු කඳු වළල්ලම සමහර උදවිය විනාශ කරන්න යන්නේ. ඔයා දන්නේ නැද්ද? කට්ටියක් බෞද්ධ උරුමය රකින්න හදනකොට කට්ටියක් පිට අයට කත්අදිනවා. අනේ අනිච්චං රටට ගිය කලක්! (නි)
මෙවන් ගැටලුවකදි මෙහි පවතින තත්වය මදක් කියන්නම්. යම්කිසි ඉදිකිරීමකට පෙර පාලන අධිකාරිය ඉදිකිරීමේ අවට වෙසෙන ජනයාගෙන් මත විමසුමක් සිදු කරනවා. එය ඉදිකිරීමට විරුද්ධත්වයක් තිබේද යන්න. විරුද්ධත්වය ප්‍රකාශ කළොත් එපමණින්ම සියලු ඉදිකිරීම් ක්ෂණිකව අත්හිටුවනවා. මොවුන් කිසිම දේශපාලන හස්තයකට හෝ කිසිම බලයකට යටත් නොවී ජනයාගේ තීරණයට කන්දී ක්‍රියා කරනවා (නි)
දැන් තමා (අ)
ප්‍රියාන් මගේ වයර් මාරුවීමක් නැහැ මෙතන. සත්‍යනම් එයයි.වෙනදේවල් කෙසේවෙතත් ඔවුන් තැන දීලා තියෙන්නේ තම ආගමට විතරයි. කවුරු හෝ තම ආගමට එරෙහි වෙනවනම් දෙන දඩුවම්වල බරපතලකම දෙවියන් වහන්සේ උනත් අනුමත කරන්නේ නැහැ තමයි. (අ)
බෞද්ධයාගේ උරුමයන් රකින්න කැපවී සිටින රාවණා බලය වැනි සංවිධාන වලට නින්දා අපහස නොකරණු! (හේ)
පටන් ගමු හාමුදුරුවනේ අපේ සම්පූරණ සහයෝගය ලැබෙනවා.(ෆහ්)
රාවණා බලයට ජයවේවා! (නි)
හරි නම් සිංහල බෞද්ධයෝ වෙහෙර විහාර ගම් මට්ටමින් මෙවන් බලසම්පන්න සංවිධාන බිහිකළ යුතුයි මෙවන් අසාධාරණයන් ඉදිරියේ දැඩි පියවර ගන්න , (හේ)
පින්වත් උදිත්,අබුද්ධස්ස කාලයයි කියා දෙයක් නැහැ , බුදු දහම කියන්නේ බුදුවරු හිටියත් නැතත් ලෝකයේ සදාතනිකවම පවතින අකාලික ධර්මතාවයක් , එක වෙහෙර විහාර කඩලා, ඉඩම් මංකොල්ල කාල ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. (අ)
අනේ හාමුදුරුවනේ මේ අනවසර ඉදිකිරිම නවත්වන්න කලින් බැරිද ඔය ඉඩම පවරලා දීපු එකාව රටට දැනුවත් කරන්න. මොකද ශ්‍රී පාද අඩවියට අත තිබ්බ එකා හෙට ශ්‍රී දළදා වහන්සේවත් විකුණන් කනවා. ඔබ වහන්සේලා අදාල පුද්ගලයන් රටට අනාවරණය නොකොළොත් වැඩක් නෑ. (අ)
ජාතිය, ආගම ගැන කැක්කුමක් තියෙන සිංහලයන් සිංහලයාට වෙන අසාධාරණයට, මදිපුංචිකමට කෑගහන්න ඉස්සරහට එන්නේ නැත්නම්, හාමුදුරුවරුවත් ඒ තැන ගතයුතුයි (නි)
ඉසුරන්දිගේ වයර් මාරුවෙලාද කොහෙද. ගල්ෆ් කලාපයේ වෙන දේවල් දැක්කහම අපිට පේනවා ඒ ගැන හොඳට. (නි)
සිංහලයින්ට ඇස් ඇරෙන්න තව කල්යයි. එතකොට උතුර නැගෙනහිර නිකම්ම දීලා තියෙයි. අනිත් ප්‍රදේශ සල්ලි වලට විකුණලා තියෙයි. ලංකාවේ යමක් කරගන්න බැරි සිංහලයින් දාසකමට විතරක් ඉතුරුවෙලා, අනිත් අය ලෝකයේ තැන් තැන් වල අනුන්ගේ නීතිවලට යටවෙලා පරම්පරා දෙක තුනක් යනකොට වඳ වූ ජාතියක් බවට පත්වෙලා තියෙයි. (නි)
අපිත් ඔබ සමඟයි (නි)
එතකොට ශ්‍රී පාදයේ විහාරාධිපති කියන දේවල් බොරුද? (බ)
රාවණා බලය සිංහලයන්ට ලොකු හයියක් (නි)
කොල්ලෝ ටික ෆේස්බුක් එකෙන් කරපු දේත් නවතින්න තමා හදන්නේ ...(බ)
ලංකාව මේ වගේ අය නිසා කවදාවත් දියුණුවක් නම් වෙන්නේ නැහැ. නිදහසක් නොමැතිව සුද්දා මේ රට පාලනය කරළ කාලේ වුණ ටිකවත් අවුරුදු 60 කින් අපේ අයට කරගන්න බැරිවෙලා තියෙන්නේ මේ හින්දා. (නි)
ඒ කාලේ ඔය ඉඩම විකුණනකොට දැනගෙන හිටියෙම නැද්ද? අන්තිමේ ඔක්කොමලා නිකම් බබාලා වගේ තමයි හැසිරෙන්නේ. අපි නොදන්නවැයි ඔය කාගෙ කාගෙත් කෙරුවාව? (නි)
සිංහල බෞද්ධයෝ විරෝධතා දක්වනකොට තමයි සමහරු දඟලන්නේ. අනෙක් ජාතීන් මොනවා කළත් වගක් නැහැ. (නි)
දැනටමත් ඒක පරිසර අධිකාරයෙන් නවත්තලා නේද තියෙන්නේ? ඕකට ඒවා මේවා බලවේග ඕනෑ නැහැ (නි)
මගේ පුද්ගලික නම් අදහස තම ආගමට මුල් තැන දෙමින් දිවිහිමියෙන් වැඩකරන්නේ මුස්ලිම් භක්තියා පමණයි. උදාහරණයක් හැටියට ගල්ෆ් කලාපය හැඳින්විය හැකිය. (නි)
පහුගිය ආණ්ඩුවෙන් විකුණපුවා තව ඇති. සේරම හොයාගන්න. මේවා අපි රැකගන්න ඕනෑ (නි)
අනේ මන්දා! ඉතිරිවෙලා තියෙන එකම පුදබිමත් වනසන්නද යන්නේ? (නි)
සහජීවනය කියා බෞද්ධයාගේ උරුමයන් විනාශ කිරීමට ඉඩදිය නොහැක. සිතා බලද්දී අමාත්‍යංශ වලින් දුර්වලම අමාත්‍යංශය වන්නේ බුද්ධ ශාසන අමාත්‍යංශයයි. (නි)
ඔන්න අායෙත් පටන් ගන්න හදනවා. දැන් මේගොල්ලන්ට ඉස්සර ආණ්ඩුවෙන් ලැබුණු වරප්‍රසාදත් නැහැනේ (නි)
ෆේස්බුක් එකේ දැම්මහම මේ වගේ අවකල් ක්‍රියා නතර වෙනවද? රටේ මිනිස්සු බුදි නිසා සංඝරත්නයට දැන් මේවගේ ක්‍රියා නවත්වනත් මැදිහත් වෙන්න සිද්ධ වෙලා. ඇත්ත ඒකයි (බ)
සංචාරක ව්‍යාපාරය දියුණුකරන්න කියලා ශ්‍රීපාද මළුවේ උඩ හෝටලයක් දාලා සංචාරකයන්ට උඩින්ම ගිහින් බහින්න සකස් කරලා දීලා කියාවි මේ යන විදිහට, නිකම් තියෙන පර්වතයෙන් අපි සල්ලි හම්බකරනවා කියලා (නි)
අබුද්දස්ස කාලේ වෙන දේවල් දිහා බලනකොට මේවා පුදුමවෙන්න දේවල් නෙමෙයි (නි)
නිරෝෂ, මේ හදන්නේ මෙතැන රැකගන්න මිස විනාශකරන්න නෙමෙයි (නි)
දැන් රාවණා බලයට පෙරට එන්න වෙලාද ශ්‍රීපාදය රැකගන්නත්? (නි)