බටහිර ඉන්දීය කොදෙව්හි තරග සංචාරයක නිරතව සිටින ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමෙන් කී‍්‍රඩකයන් සිවුදෙනකු නැවත සියරට කැඳවීමටත් එක්දින සහ විස්සයි/20 තරගාවලි සඳහා වෙනත් කී‍්‍රඩකයන් පස් දෙනකු බටහිර ඉන්දීය දූපත් බලා පිටත්කර හැරීමටත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව අද (11 වැනිදා) තීරණය කළේය.
නිල නොවන ටෙස්ට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට එක්ව සිටි කෞෂාල් සිල්වා, මාලින්ද පුෂ්පකුමාර, තරිඳු කෞෂාල් සහ ළහිරු ගමගේ දෙවැනි ටෙස්ට් තරගය නිමාවීමෙන් පසු නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණෙනු ඇත.
ඩිල්රුවන් පෙරේරා, තිලිණ කණ්ඩම්බි, රමිත් රඹුක්වැල්ල, සීක්කුගේ ප‍්‍රසන්න සහ ළහිරු ජයරත්න සීමිත ඕවර තරගාවලි සඳහා ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට එක්වෙති.
ශී‍්‍ර ලංකා ‘ඒ’ සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (12 වැනිදා) ආරම්භ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! මේ සමහර අය ගිහින් මොනවා කරන්නද? බලන්නකෝ ඒ අයගේ ප්‍රතිශතය? (නි)
ෂෙහාන් ජයසුරිය නැත්තේ මොකද? (නි)
දැනට අන්තර් සමාජ තරගාවල ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක් තමයි ෂෙහාන් ජයසූරිය. (නි)
ඔබ හරි(අ)
ඔබ හරි.(නදී)
මේ යන අය මොනවා කරයිද කියලා බලමු (නි)
අයි රබුක්වැල්ල යන්නේ මේ ගමනට. දන්නා තරමින් ක්ලුබ් මැච්වල වත් දස්කම් පෙන්වල නෑ.(ස)
ඇයි දැන් කපුගෙදර දාන්නේ නැත්තේ? එයා ලගදී හොදට සෙල්ලම් කරලා තියෙනවා.(නදී)
කණ්ඩම්බි නම් අලුත් මුණක් නෙමෙයි (නි)