තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලබා ගත් ලකුණු 119 සහ තිසර පෙරේරාගේ දක්‍ෂ පන්දු යැවිම නිසා (44/6) තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රීකට් තරගාවලියේ මහනුවර පල්ලේකැළේ ක‍්‍රීඩාංගණයේදී (09) පැවති දෙවන තරගයෙදී ශ්‍රී ලංකා කණුඩායම විසින් පාකිස්තාන කණ්ඩායම ලකුණු 75 පරාජය කිරීමට සමත් විය.
කාසියේ වාසිය ලැබු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කර අතර පළමු තරගයේ වැරදී නිසි ලෙස අවබෝධ කර ගනිමින් ශී ලංකා පිල විශාල ලකුණු ප‍්‍රමාණයක් වෙත කැදවාගෙන යැමට ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කළේය. ඩිල්ෂාන් පන්දු 139 කදී හතරේ පහර 11 සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 119 රැස් කිරීමට සමත් විය.
අති විශිෂ්ට පන්දු යැවිමක නිරත වු තිසර පෙරේරා ලකුණු 44 ට කඩුලූ 6 ක් බිද දමමින් ශ්‍රී ලංකා පිලේ ජය මාවත විවර කර දුන්නේය. තරගයේ වීරයා සම්මානය තිසර පෙරේරා වීසින් දිනා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 280 රැස් කර අතර පිළිතුරු ඉනිම ක‍්‍රීඩාකල පාකිස්තාන කණ්ඩායම ඕවර 46.2 කදී සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකීවුයේ ලකුණු 204 ක් පමණි.
මෙම තරගය ජය ගැනිමත් සමග (1-1) ලෙස තරගාවලිය සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකාව ඕවර 50 කදී කඩුලූ 4 ක් දැවී 280 (තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 119 , දිනේෂ් චන්දිමාල් 32, මහේල ජයවර්ධන 53, තිසර පෙරේරා 24)
පාකිස්තාන කණ්ඩායම ඕවර 46.2 කදී සියලූ දෙනා දැවී 204 (අෂ්හර් අලී 96, මිස්බා උල් හක් 27, සර්ෆාෂ් අහ්මඞ් 20, තිසර පෙරේරා 44/6, නුවන් කුලසේකර 33/2, ලසිත් මාලිංග 40/2)
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි වීරයිනේ
එල කිරිනේ...ඔහොම යන්...
කාණ්ඩායම් හැඟීෙමන් ක්‍රීඩා කළ බවක් ෙපණුනා එ්ක තමයි ජයග්‍රහණයට ෙහ්තුව
කාණ්ඩායම් හැඟීෙමන් ක්‍රීඩා කළ බවක් ෙපණුනා එ්ක තමයි ජයග්‍රහණයට ෙහ්තුව
කාණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කළ බවක් පෙණුනා ඒක තමයි ජයග්‍රහණයට හේතුව.
සන්ජීව , ඔයාට පිස්සුද ? හැටිද ?????
දැන් ඉතිං ඊළග මැච් එක පැරදුනොත් පලු යන්න බනී.සියළු දෙනාම දැනගන්න.අපේ ටීම් එකේ කිසිම දක්ෂයෙක් නෑ.අපි දිනන්නේ වාසනාවට.
ඩිල්ශාන්, මහේල, තිසර වැඩ පෙන්නුවා ඊළඟ තරගයේදී සංගගෙ වැඩ බලාගන්න පුලුවන් වෙයි. සුබ පතනවා
වීරයන්ට අපේ සුභ පැතුම්!
ඔහොම යන්
කුලසේකර, මේ ඔබගේ හොදම කාලයයි
නියමයි කොල්ලනේ
තිසර දක්සයෙක්.එයා ඊළගට නායකයා වෙනවා
ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කන්ද උඩට ජනතාවගෙන් උණුසුම් සුබ පැතුම්.
අම්මේ... දැන්නම් ටීවී එක රෙපයාර් කරලා ගන්නඕන කාලෙ ඇවිත් වගේ
සංජය හරියටම හරි
නියම කොල්ලෝ. සංගා මොනවද කරන්නේ. අපේ මහේල නියමයි.
දිනනකොට හොදයි.... පරදිනකොට බනිනවා... හරිම කැතයි...දිනුම වගේම පැරදුමත් උපේක්ෂායෙන් විදින්න අපේ අය කවද පුරැදු වෙයිද??????
තිසර අයියේ අනිත් තරඟයත් හොඳට සෙල්ලම් කරන්න.
එල කොල්ල එලා,ඔහොම යං ඔහොම යං
තිසර ඇතුළු හැමෝම හොඳට ක්‍රීඩා කළා. ඔහොම යමු.
ඩිල්ශාන් මුලින් වැඩි ලකුණු ප්‍රමාණයක් ගැහුවොත් හැමදාම දිනුම්. ඔයාට තෙරුවන් සරණින් තව ගොඩක් කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩාකරන්න ලැබේවා.
දිල්ශාන් පුතා නුඹ කවදත් වීරයෙක්.. ජය වේවා..!!
නියමයි අනිත් ක්‍රීඩකයින්ද දස්කම් පෙන්විය යුතුයි...
නියමයි... ඊළග එකත් දිනමු...!!!