IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ශ්‍රී ලංකා - දකුණු අප‍්‍රිකානු දෙවැනි එක්දින තරගය

සංචාරක දකුණු අප‍්‍රිකානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (23) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ. තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිල පැවැති පළමු තරගයෙන් ලකුණු 180 ක ජයක් ලබමින් 1.0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ සිටියි.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කරන දිනේෂ් චන්දිමාල් ඊයේ (22) පෙවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසුවේ මෙම තරගය අභියෝගයක් විය හැකි බවත් එහෙත් සාමාන්‍ය විදියට සිතා ක‍්‍රීඩා කළ හොත් ජයග‍්‍රහණය කෙරෙහි ශ්‍රී ලංකාවට බලාපොරොත්තුව තැබිය හැකි බවත්ය.

‘‘පළමු තරගයේදී දකුණු අප‍්‍රිකානු පන්දු යවන්නන් හොදින් පන්දු යැවුවා. නමුත් අපේ පිතිකරුවන් හොදින් පන්දුවට පහරදිම නිසා ලකුණු 320 ක් රැස්කිරීමට හැකි වුණා. උපුල් තරංග, තිරිමාන්න, තිසර සහ මා ඇතුළු තරුණ ක‍්‍රීඩකයන්ට මේ වන විට ජෙහාන් මුබරක් ද එක්ව සිටිනවා. ඒ නිසා අපේ කණ්ඩායම ශක්තිමත් තත්ත්වයක සිටිනවා’’

‘‘ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ට හැමදාම බර දෙන්න බෑ. ඔවුන් අසාර්ථක වුවහොත් විශාල ලකුණු සංඛ්‍යාවකට යන්න බැරිවෙනවා. ඒ නිසා තරුණ ක‍්‍රීඩකයන් එම වගකීම බාරගත යුතුයි’’

චන්දිමාල් වැඩි දුරටත් පැවසුවේ අද පස්වරුවේ තණතීරුව පරීක්‍ෂා කර අවසන් 11 දෙනා තීරණය කරන බවත් කාලගුණය පිළිබඳව අවධානය යොමු කර කාසියේ වාසිය පිළිබඳව නිගමනයකට පැමිණෙන බවත්ය.

දකුණු අප‍්‍රිකානු පිලේ නායක ඒ. බී. ඩිවිලියස් පැවසුවේ තරග පහකින් සමන්විත තරගාවලියේ පළමු තරගය තමන් පරාජය වුවත් ඉදිරි තරග හතර කෙරෙහි සිය කණ්ඩායම වඩාත් විශ්වාසයකින් පසු වන බවත්ය.

‘‘පළමු තරගයේදී අපේ කණ්ඩායම වෙතින් පන්දු රැුකීමේ දුර්වලතා රැුසක් සිදුවුණා. ඒ වැරදි හදාගෙන ක‍්‍රීඩා කළ හොත් අපිට ජයග‍්‍රහණය දක්වා යන්න පුළුවන්’’

දකුණු අප‍්‍රිකානු ආරම්භක පිතිකරු හෂීම් අම්ලාගේ ආබාධය පිළිබඳව කළ විමසුමකදී ඩිවිලියස් මෙසේ පැවසීය.
‘‘අම්ලා මේ වන විට 100% ක් සුවය ලබා සිටිනවා. රාත‍්‍රි පැවැත්වෙන කණ්ඩායම් සාකච්ඡුාවෙන් පසුව ඔහු තරගයට සහභාගි කිරීම ගැන අවසන් තීරණයක් ගන්නවා’’

කණ්ඩායම් දෙකම ඊයේ (22) පෙරවරුවේ පුහුණු සැසිවලට සහභාගි වූ අතර ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැති දකුණු අප‍්‍රිකානු පිලේ පුහුණු සැසිය අතරතුරදී පිටියට විටින් විට වාර්ෂාව ඇද හැලූණි.



අදහස් (0)

ශ්‍රී ලංකා - දකුණු අප‍්‍රිකානු දෙවැනි එක්දින තරගය

නසාර් Tuesday, 23 July 2013 05:09 PM

මම කියපු ළකුනු නම් සෑහෙන දුරට හරි වගේ,මොනවා වුනත් අපිට ජය (නි)

:       0       0

සුරේශ් සම්පත් Tuesday, 23 July 2013 11:48 AM

මම හිතනවා තරුණ ක්‍රීඩකයෙක් විදියට චන්දිමාල් ලකුණු අතරට ආවොත් හොදයි කියා. මොකද තිරිමාන්න මුබාරක් ලකුණු අතරට ආවත් එයාලා ගහන හැටියට තරගයක් දිනවන්න කවදාවත්ම බැහැ. (නදී)

:       0       0

නාරද Tuesday, 23 July 2013 11:57 AM

අවවාදයට වැඩිය ආදර්ශය ලොකු නිසා ඔය ගහලා පෙන්නන්නකෝ කාටත් කලින් (නි)

:       0       0

වරුණ Tuesday, 23 July 2013 12:08 PM

මම නම් හිතන්නේ මැතිව්ස්ට වඩා චන්දි ලක් කාරයා කියලයි. මැතිව්ස්ව උපනායක කරලා චන්දිව කැප්ටන් කලොත් නරකද? මාවන් අයින් කරා වගේ මහේලව කැප්ටන් කරලා.(නදී)

:       0       0

ඉසුරු Tuesday, 23 July 2013 12:26 PM

මල්ලි ඔයත් තරුණ ක්‍රීඩකයෙක් තමා...ඔයා ගහන්නෙත් නෑනේ.(නදී)

:       0       0

ශාන්ත Tuesday, 23 July 2013 12:27 PM

චන්දිමාල් පළමු තරගයේදී පන්දු යවන්නන් හැසිරූ ආකාරය ඉතා ඉහළ මට්ටමක තිබුණා. එසේම ඔබ ළකුණු අතරටද පිවිසිය යුතුයි (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 23 July 2013 12:33 PM

සුරේෂ් ,ඔබ සමග 100% එකගයි (නි)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 23 July 2013 12:44 PM

කොච්චර කොහොම කළත් තවම ලකුණු ගහන්නේ සංගා මහේල විතරයි. අපේ තරුණ ක්‍රීඩකයෝ වැඩි උනන්දුවක් දක්වලා ලකුණු අතරට එන්න ඕනෑ. නැත්තම් සංගා මහේල ඩිල්ෂාන් ගියපු දවසට ලංකාවට සිම්බාබ්වේ කණ්ඩායමට වුණු ටික අනිවාර්යයෙන් වෙන්න ඉඩ තියෙනවා (නි)

:       0       0

කුෂාන් චාමර Tuesday, 23 July 2013 12:54 PM

හරක් මස් කන්න එපා කියලා කට්ටිය කෑගහද්දී ඔයාල අපේ මුබාරක්ට බනින එක වැරදියි නේද?(නදී)

:       0       0

සමින්ද Tuesday, 23 July 2013 01:04 PM

සුරේෂ් සම්පත් හරි, මුබරාක්ටනම් තිරිමාන්න ලට වගේ අවස්ථා ගොඩක් හම්බ උනේ නැහැ. තිරිමාන්න ගහන විදියට නම් ලකුණු 200ක් තමා උපරිම ගහන්න පුළුවන් වෙන්නේ එයා ලකුණු අතරට අවොත් , ඉක්මනින් දැවී ගියොත් තමා අපිට හොද.(නදී)

:       0       0

හාරූන් අන්සාර් Tuesday, 23 July 2013 01:12 PM

අද හොද තරගයක් දෙන්න වෙනවා. ඔවුන්ගේ ප්‍රබල පිතිකරු පිටියට පිවිසීමට ඉඩ ඇත.(නදී)

:       0       0

සමින්ද Tuesday, 23 July 2013 01:14 PM

සංගා,මහේලට හැමදාම බැහැ. ඒක නිසා කව්රුත් වගකීම ගන්න ඕනෑ හැම තරගයකදීම. (නි)

:       0       0

නසාර් Tuesday, 23 July 2013 01:19 PM

අද ලකණු මෙන්න බලන්න, තරංග 46, දිල්ෂාන් 53, සංඟා 4, මහේල 38; ලහිරු 22, චන්දිමාල් 11 යි.(නදී)

:       0       0

ජෝන් Tuesday, 23 July 2013 01:19 PM

සනත් ජයසුරිය අවරුදු 23ක් ක්‍රිකට් ගහලා ශතක 28ක් ගැහුවා. මහේල අවුරුදු පහළොවට ශතක 16,සංගා අවුරුදු 13 ට ශතක 16 .... මදිනේ, ඔවුන්ගේ එක්දින තරග පැත්තෙන්.ටෙස්ට් වල නම් මහේල,සංගා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා (නි)

:       0       0

මුතුමුදලිගේ Tuesday, 23 July 2013 01:28 PM

අපේ ක්‍රීඩකයන්ගේ වැටුප පකිස්තාන ක්‍රීඩකයන්ගේ වැටුප මෙන් තුන් ගුණයක්. මෙච්චර කෝටි ගණන් සල්ලි නාස්ති නොකර මේ ශ්‍රමය මුදල් පරිහරණය කරලා විශාල වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කලොත් එළවලු පලතුරු රටින් ගෙන්නන සල්ලි ඉතුරු වෙනවා නේද?(නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 23 July 2013 01:34 PM

නසාර්, අද මැච් එක පකිස්ථානේ එක්ක නෙමෙයි. අපිට සහයෝගය දක්වන්නකෝ.(නදී)

:       0       0

ජෝන් Tuesday, 23 July 2013 01:47 PM

යාලුවනේ අපි එකයි පැරදුනේ තව හතරක් තියෙනවා අපි අනිවාර්‍යන් දිනනවා.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 23 July 2013 01:57 PM

ඉතිරි තරඟ 4 න් එකක්වත් මුබාරක් තරගයේ වීරයා වෙනවා.(නදී)

:       0       0

අමල් Tuesday, 23 July 2013 01:58 PM

පලවෙනි තරගය දිනුව නිසා අපේ සුබ පැතුම්! නමුත් තිරිමාන්නගේ තැනට තිසරව හරි චන්දිමාල් හරි ආවනම් ලකුණු 350 ගන්න තිබුනා.(නදී)

:       0       0

නසීර් Tuesday, 23 July 2013 02:22 PM

ප්‍රදීප්,මම කොහොමත් සපෝර්ට් කරන්නේ ලංකාවට.අද වහිනවා.හැබැයි අද තිසර 55ක්වත් ගහනවා. අපිට ජය! (නි)

:       0       0

ශාන්ත ලාල් Tuesday, 23 July 2013 08:19 PM

මුතු මුදලිගේ හදන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෝ එළවලු මාකට් එකෙන් ගේන්න (අ)

:       0       0

විජේ Tuesday, 23 July 2013 02:35 PM

චන්දිමාල් වාසනාවන්ත නායකයෙක්.එයාගේ පලවෙනි 20/20 දිනුවා. පලවෙනි ඕවර 50 දිනුවා. තිරිමාන්න පලවෙනි බෝලයටම අවුට් වුනොත් නම් ලොකු ලකුණු ගානකට යන්න පුළුවන්. එයා ගොඩක් වෙලා විකට් එකේ හිටියොත් නම් මැච් එක ඉවරයි. අද නම් එයාව එවන්න කලින් තිසරව එවන්න මැච් එක බේරගන්න නම්. (නි)

:       0       0

ජෝන් Tuesday, 23 July 2013 02:59 PM

මුතුමුදලිගේ, ඇත්තටම ඔබ ක්‍රිකට් වලට කැමති නැද්ද? බොරුනේ කරන්නේ ක්‍රිකට් වලට කැමති නැත්නම් මේ නිව්ස් බලලා ප්‍රතිචාර දක්වනවද නේද ? නමුත් ඔබ කොහොමද පකිස්තාක් ක්‍රීඩකයන්ගේ පඩිය දන්නේ ? (නදී)

:       0       0

මහානාම Tuesday, 23 July 2013 03:03 PM

නසීර් ගණන් ගන්න එපා .සමහර අපේ අය‍ට පොඩි ලෙඩක් තියෙනවා ,නමුත් හැමෝම එහෙම නෙහැ ,අපි දන්නවා සමහර මුස්ලිම් තරුණයන් පකිස්තනෙට සපෝර්ට් කරනවා ,නමුත් හැමෝම එහෙම නෙහැ කියලත් දන්නවා ,එක තමුන්ගේ කැමැත්ත ,නමුත් ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි අපේ රටට නිතරම සපෝර්ට් එක දෙන්න ඕන. (දී)

:       0       0

සිල්වා Tuesday, 23 July 2013 03:08 PM

නසීර් ,තිරිමාන්න 22 ක් ගහනවනම් බෝල 75ක් විතර මිනිහ කනවා ,කමක් නැහැ කොහොම හරි අන්තිමට අපිනේ දිනන්නේ .. (දී)

:       0       0

අනුර-නාවලපිටිය Tuesday, 23 July 2013 03:12 PM

චන්දිමාල් මේ තරගයත් දිනන්න ඊට පස්සේ ඔයාට ලැබෙන තැන ලැබේවි.(නදී)

:       0       0

සුරේෂ් Tuesday, 23 July 2013 03:53 PM

තිරිමාන්න ගහන්නේ නැතුව ඕනේ එක්කෙනෙක් ගහන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 542 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 269 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1624 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 422 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2517 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37143 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site