IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ශී‍්‍ර ලංකා පාපන්දු කණ්ඩායම ආසියානු තරග බිමට ගෙනියනවා

වසර ගණනාවක් පැවැති සිවිල් යුද්ධයකින් සහ 2004 වසරේදී පැමිණි සුනාමි ව්‍යසනය හේතුවෙන් ශී‍්‍ර ලංකාවට ඇතිවූ හානි තක්සේරු කළ නොහැකිය. ඉන්දියන් සාගරයට මායිව පිහිටි රටවල් රැුසකට 2004 වසරේ මුහුණ දීමට සිදුවූ ‘සුනාමි’ ඛේදවාචකයෙන් පමණක් ශී‍්‍ර ලංකාවේ 35,000 කට අධික පිරිසක් මියගියහ.

එවන් තත්ත්වයක් ශී‍්‍ර ලංකාවේ පාපන්දු කී‍්‍රඩාවට අහිතකර අන්දමින් බලපෑ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එබැවින් ශී‍්‍ර ලංකාවේ පාපන්දු කී‍්‍රඩාව යථා තත්ත්වයට පත්කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 (රුපියල් කෝටි 43.75 කට වැඩි මුදලක්) මූල්‍ය ආධාර ලබාදී ඇති අතර එහි අපේක්‍ෂාව වූයේ කොළඹ සහ සුනාමියෙන් හානියට පත් අනෙකුත් පෙදෙස් වළ පිහිටි කලාපීය තාක්‍ෂණික මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීමයි.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවේ පාපන්දු ලෝලීන්ට දැන් සතුටු වීමට වෙනත් කරුණක් තිබේ. ඒ ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා වශයෙන් රංජිත් රුද්‍රිගූ මහතා තේරී පත්වීම සම්බන්ධයෙනි.

හිටපු පාපන්දු ක‍්‍රීඩකයකු වන රංජිත් රොද්‍රිගු මහතා 1996 වසරේ සිට පාපන්දු සම්මේලනයේ විවිධ තනතුරු හෙබවීය. ඔහුගේ අධිෂ්ඨනශීලී මෙහෙයවීම මත ශී‍්‍ර ලංකා පාපන්දු කී‍්‍රඩාව නව ඉසව්වක් කරා ඇදෙනු ඇත.
සිය පළමු කාර්යය වශයෙන් ඔහු කළේ මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන දකුණු අසියානු පාපන්දු තරගාවලිය ඉලක්කය කරමින් ජාතික පාපන්දු පුහුණුකරු ධූරයට බ‍්‍රසීල ජාතික ක්ලෝඩියෝ රොබටෝ මහතා පත් කිරීමයි.

දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ පළමු තරගාවලියේදී (1993) අනු ශූරයන් සහ දෙවැනි තරගාවලියේදී (1995) ශූරයන් වූ නමුත් ශී‍්‍ර ලංකාවේ පාපන්දු කී‍්‍රඩාව පසුගිය වසර 17 ක් තුළ දකුණු ආසියාව ජය ගැනීමටත් නොහැකි තත්ත්වයකට ඇද වැටී තිබේ.  

සභාපති ධූරයට පත්වීමෙන් පසු රොද්‍රිගු මහතා පවසා තිබුණේ තම විධායක කමිටුවේ කෙටි කාලීන සැළසුම් නොමැති බවත් වසර 10 ක් තුළ ශ්‍රී ලංකාව ආසියානු පාපන්දු සම්මේලන කුසලාන තරගාවලියට සහභාගි කරවීමේ දිගු කාලීන සැලැස්මක් සතු බවත්ය.

දේශිය තරගාවලිවල, ක‍්‍රීඩකයන්ගේ සහ නිලධාරීන්ගේ තත්ත්වය උසස් කිරීමට, පාපන්දු ක‍්‍රීඩාවට ශ්‍රී ලාංකිකයන්ගේ ආකර්ශනය වැඩි කිරීමට සහ කාන්තා පාපන්දු සංවර්ධනය කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා නව පාපන්දු සභාපතිවරයා පවසයි.

”ශ්‍රී ලංකාව ගොඩක් ලස්සන රටක්, අපේ රටේ ජනගහණය මිලියන 21 ක්, ඉන් බහුතරයක් පාපන්දු ක‍්‍රීඩාවට කැමතියි. අපේ පාපන්දු ක‍්‍රීඩා සමාජවලට විශාල ආධාරකරුවන් පිරිසක් ඉන්නවා” යයි ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලන සභාපතිවරයා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිල වෙබ් අඩවියට පවසා තිබේ.  

”අපේ රටේ පැවැති යුද්ධය දැන් සම්පූර්ණයෙන්ම අවසන්, උතුරු සහ නැගෙනහිර බොහෝ පාසල් ළමයින්ට පාපන්දු ක‍්‍රීඩා කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. ඔවුගේ මනස යුද්ධයෙන් ක‍්‍රීඩාවට මාරු කරන්න මට අවශ්‍යයි” යැයිද රුද්‍රිගෝ මහතා පැවසීය.

මෙහිදී රොද්‍රිගු මහතා පවසන්නේ පසුගිය වසර 15 තුළ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් සහයෝගය ලැබුණු බවත් ඒ නිසා තම සැළසුම් සාර්ථක කර ගැනීමේ හැකියාව පවතින බවත්ය.

රංජිත් රොද්‍රිගු මහතා පසුගිදා සූරිච්හි පිහිටි අන්තර්ජාතික පාපන්දු සම්මේලන මූලස්ථානයේදී එහි සභාපති ජෝශප් බ්ලැටර් මහතා හමුවිය.

”අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති බ්ලැටර් මහතා 1998 වසරේ මූල්‍ය ආධාර ව්‍යාපෘතිය සහ ‘ගෝල්’ ව්‍යාපෘතිය ආරම්භ කළා”

”ශ්‍රී ලංකාවට නව පාපන්දු මූලස්ථානයක් සහ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ‘ගෝල්’ ව්‍යාපෘතිය යටතේ ආධාර ලැබුණා. ඒ වගේම සුනාමියෙන් පසුව ‘ගෝල්’ ව්‍යාපෘතියෙන් සුනාමි අධාරත් අපිට ලැබුණා” යයිද රුද්‍රිගෝ මහතා පැවසීය.

”ගෝල්’ ව්‍යාපෘතිය යටතේ යාපනය තාක්‍ෂණ මාධ්‍යස්ථානය ඇතුළු ව්‍යාපෘති රැුසක් ආරම්භ කිරීමට සහ අවසන් කිරීමට අපිට අවස්ථාව ලැබුණා. අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට ලංකාවට පැමිණ එය විවෘත කරන ලෙස අපි ආරාධනා කළා. අපේ පාසල් ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලැබී තිබෙනවා එම පුහුණු මධ්‍යස්ථානවල පුහුණුවීම් ආරම්භ කරන්න”

ශ්‍රී ලංකා ජාතික පාපන්දු පිලේ තත්ත්වය උසස් කිරීමටත්, වෙරළ පාපන්දු සහ ෆුට්සාල් පාපන්දු ශ්‍රී ලංකාවේ ප‍්‍රචලිත කිරීමටත් නව සභාපතිවරයා බලාපොරොත්තුවෙන් සිටියි.
”අපේ රට ලස්සන දූපතක්, අපිට පුළුවන් වෙරළ පාපන්දු ආරම්භ කරන්න, මේ වන විටත් වෙරළ සහ ෆුට්සාල් පාපන්දු මධ්‍යස්ථාන කීපයක් ආරම්භ කර තිබෙනවා” යයි පැවසූ රංජිත් රුද්‍රිගෝ මහතා...

”ජාතික කණ්ඩායමට ක‍්‍රීඩා කරන්න දක්‍ෂ ක‍්‍රීඩකයන් හඳුනා ගැනීමේ වැඩසටහන් උතුරු, නැගෙනහිර සහ දකුණේ පවත්වා තිබෙනවා. ඒ වගේම වයස 17 න්, 19 න්, 21 න් සහ 23 න් පහළ කණ්ඩායම්වල තත්ත්වය උසස් කිරීම ආරම්භකර තිබෙනවා” යයිද පැවසීය.

”අපේ ජාතික කණ්ඩායමේ තත්ත්වය උසස් කිරීමත් අපේ එක් ඉලක්කයක්”

”මගේ කමිටුව (ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේනයේ නව විධායක කමිටුව) සාකච්ඡ කළේ කෙටි කාලීන සැලසුම් ගැන නොවෙයි. දිගු කාලීන සැලසුම් ගැනයි”

”වසර 10 ක කාලයකින්, ශී‍්‍ර ලංකා පිල ආසියානු පාපන්දු සම්මේලන කුසලාන තරගාවලියේ තරග කරවන්න මා බලාපොරොත්තු වෙනවා. මා හිතන්නේ අපට ඒ දේ කළ හැකියි” යයිද රුද්‍රිගෝ මහතා පැවසීය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිල වෙබ් අඩවිය ඇසුරිනි
සැකසුම : යොහාන් භාසුර



අදහස් (0)

ශී‍්‍ර ලංකා පාපන්දු කණ්ඩායම ආසියානු තරග බිමට ගෙනියනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 10 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 31 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 75 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 89 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2383 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site