IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ශී‍්‍ර ලංකා පිලේ නායකයාට - කළමණාකරුට විනය පියවර ගන්න කි‍්‍රකට් ආයතනය සැරසෙය

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් ක‍්‍රීඩකයන්ට ගෙවන මුදල් පිළිබඳව පළවූ පුවත්පත් වාර්තාවකට පිළිතුරු සැපයීම නිසා ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක මහේල ජයවර්ධන සහ කළමණාකරු චරිත් සේනානායක මහතා සම්බන්ධයෙන් විනය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් මාධ්‍ය නිවේදනයකින් කියැවේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මීළග විධායක කමිටු රැස්වීමේදී ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතය.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ක‍්‍රීඩකයන්ට ලැබිය යුතු මුදල් පිළිබඳව පුවත්පතක වාර්තා වීමෙන් පසුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායකයා, කළමණාකරු චරිත් සේනානායක මහතාගේ සහායද ඇතිව ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිකර ඇත. එහෙත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවසරයකින් තොරව එසේ මාධ්‍ය වෙත කරුණු දැක්වීම කී‍්‍රඩකයකු වශයෙන් මෙන්ම නිලධාරියකු වශයෙන්ද ක‍්‍රිකට් ආයතනයේ ගිවිසුම් උල්ලංඝණය කිරීමක් බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මාධ්‍ය නිවේදනයෙන් කියැවේ.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ක‍්‍රීඩකයන්ට ලැබිය යුතු මුදල් ක‍්‍රීඩකයන්ට, නිලධාරීන්ට මෙන්ම ක‍්‍රීඩාංගණ සේවකයන් අතරේත් බෙදී යා යුතුව ඇතැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට යෝජනා කළ බවත් එම යෝජනාව පසුගිය 12 වැනිදා පැවැති විධායක කමිටු රැුස්වීමට ඉදිරිපත් කිරීමෙන් පසුව එය ප‍්‍රතික්ෂේප වූ බවත් මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ක‍්‍රීඩක වාර්ෂික ගිවිසුම අනුව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම වෙනුවෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත ගෙවනු ලබන මුදලින් 25% ක් කී‍්‍රඩකයන්ට හිමිවන බවත් එය වෙනත් අයවෙත බෙදී නොයන බවත් ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතන පවයසි.



අදහස් (0)

ශී‍්‍ර ලංකා පිලේ නායකයාට - කළමණාකරුට විනය පියවර ගන්න කි‍්‍රකට් ආයතනය සැරසෙය

කමල් Monday, 24 December 2012 04:25 PM

මහේල ඔබ හොඳ මහත්මයෙක් (ස)

:       0       0

ප්‍රමු Monday, 24 December 2012 04:35 PM

මේක මාර වැඩක්නේ. වැරද්ද කරලා තියෙන්නේ කවුරුවත්. ඒකට මහේලට විනය පරික්ෂණ තියලා හරියනවද? (නි)

:       0       0

කල්ප Tuesday, 25 December 2012 11:28 PM

අයියෝ ක්‍රිකට් (දී)

:       0       0

ද සිල්වා Monday, 24 December 2012 05:30 PM

ඇත්ත කියන්න කාටවත් බයවෙන්න අවශ්‍ය නැත. (නි)

:       0       0

ඩයස් Wednesday, 26 December 2012 01:18 AM

මහේලට නෙමෙයි විනය පරීක්ෂණයක් තියන්න ඕනෑ, අරගොල්ලන්ට. (නි)

:       0       0

අතපත්තු Tuesday, 25 December 2012 02:32 PM

කාටවත් නොපෙනෙන අහිංසක සේවකයින් තමයි ක්‍රිකට් රංගනයේ චරදිය අදින්නේ. (නි)

:       0       0

බොපගේ Monday, 24 December 2012 06:39 PM

අපේ කණ්ඩායම පහුගිය කාලේ කිසිම මුදලක් නැතුවත් සෙල්ලම් කළා. (නි)

:       0       0

ජයන්ත Wednesday, 26 December 2012 06:59 AM

ලංකාවේ ක්‍රිකට් කියල එකක්නම් දැන් ඇත්තෙම නැහැ (දී)

:       0       0

අජිත් Monday, 24 December 2012 12:35 PM

මහේලට වැඩියෙන් ලංකාවේ ක්‍රිකට් වැඩකාරයෙක් ඉන්නවද? (නි)

:       0       0

සදුන් Monday, 24 December 2012 12:39 PM

අපොයි ක්‍රිකට් (දී)

:       0       0

සේරෙෆ් Monday, 24 December 2012 12:57 PM

මහේල අයින් වෙන්නත් මේක බලපෑමක් උනාද දන්නේ නැහැ (දී)

:       0       0

රියාස් Monday, 24 December 2012 01:16 PM

අපේ ම‍හේලට කරදරයක් නම් අපිත් බහිනවා පාරට. (නි)

:       0       0

මොහොමඩ් Monday, 24 December 2012 01:39 PM

‍මහේල, අපි ඔබ සමගයි. (නි)

:       0       0

කල්පගේ Tuesday, 25 December 2012 05:27 PM

අපිට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යාදෙන ක්‍රීඩකයින්ව වටිනවා මේ ඔක්කොටම වැඩිය. (නි)

:       0       0

හෆිස් Tuesday, 25 December 2012 10:02 AM

විනය පරීක්ෂණයක් කළ යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ අයටද නැත්නම් මාතෘ භූමිය වෙනුවෙන් අපමණ කැපවීම් කළ අයටද?(නු)

:       0       0

තත්සරණි Monday, 24 December 2012 08:37 PM

මහේල, අපි සැමදා ඔබ සමගයි. (නි)

:       0       0

තත්සරණි Monday, 24 December 2012 08:40 PM

ඔය මහලොකු රටවල් එකකටවත් පුලුවන් වුණාද අවසන් මහා තරගයට එන්න? ඒත් අපේ විරුවෝ ආවා. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 25 December 2012 10:23 AM

‍මහේල ඔබ නම් නියම හෙළයෙක්..!(නු)

:       0       0

නලින් Monday, 24 December 2012 02:59 PM

ක්‍රීඩකයන්ට කොහොමත් සල්ලි හම්බවෙනවා. මහේල හඩ නගන්නෙ අනිත් අය වෙනුවෙන් නේද? (නි)

:       0       0

සමන් Tuesday, 25 December 2012 07:46 PM

මහේල ක්‍රිකට් දිවියේ ලංකාවට වීරයෙක්.. අපි ඔබ සමගයි..!(නු)

:       0       0

රෝහිත Tuesday, 25 December 2012 11:09 AM

ක්‍රිකට් බෝඩ් එක ගැන අපිට මේ සිද්ධියෙන්ම හිතාගන්න පුලුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 191 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 501 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 296 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 204 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 955 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 815 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site