ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට යෝජිත යෝජනාවේ අවසන් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට නියමිතව තිබේ.
එම යෝජනාවේ මූලික කෙටුම්පතක් සඳුදා දිනයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට ලබාදී ඇති බව වාර්තා වේ.
අදාළ යෝජනාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිල නොවන සාකච්ඡාවකදී ඉදිරිපත් වී ඇති අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිනීවා හි නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා සහභාගී වී ඇත.
අමෙරිකාව විසින් ඉදිරිපත් කර ඇති අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව රවිනාත ආරියසිංහ මහතා එහිදී පෙන්වා දී තිබේ.
එම යෝජනාව මගින් ශ්‍රී ලංකාව තුළ ජාතික සමගිය ඇති කිරීමට ඉවහල් නොවන බව ආරියසිංහ මහතා පවසයි.
පසුගියදා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිවැරදි දේශීය යාන්ත්‍රණයක් හඳුන්වාදුන් අතර එය ක්‍රියාත්මක කිරීමට සියලු රටවල්වල සහයෝගය බලාපොරොත්තු වන බවද පෙන්වා දී ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතා ද සහභාගී වී තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව විසින් ගෙන එන අදාළ යෝජනාව සැප්තැම්බර් මස 24 සභාගත වන අතර 30 වැනිදා එය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී සාකච්ඡාවට ගැනීමට නියමිතය. ඊට පෙර එම යෝජනාවේ අවසන් කෙටුම්පත කඩිනමින් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් වෙත ලබාදීමට සැලසුම් කර ඇත.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ශ්‍රී ලංකා යෝජනාවේ අවසන් කෙටුම්පත අද හෙටම
දුමින්ද Wednesday, 23 September 2015 04:54 AM
ඇමරිකාවත් වාර්තාව ප්‍රතික්ෂේප කරනවා ..ප්‍රධාන වග උත්තරකරු හිටපු ජනපතිත් ප්‍රතික්ෂේප කරනවා....(බ)