ශ්‍රී ලංකාවේදී මේ මස 20 වැනිදා ආරම්භ වන දකුණු අප‍්‍රිකානු පිලේ එක්දින තරග 5 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත තරග සංචාරය දකුණු අප‍්‍රිකානු සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ඬේල් ස්ටෙයින්ට අහිමිවී තිබේ.
ඬේල් ස්ටෙයින් ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියේදී ආබාධයකට ලක්වූ අතර ආබාධය සුව තත්ත්වයට පත්වීමට සති තුනක පමණ කාලයක් ගතවනු ඇති බව දකුණු අප‍්‍රිකානු පිලේ කළමණාකරු මොහොමඞ් මූසාජි මහතා පවසයි.
දකුණතින් වේග පන්දු යවන 30 හැවිරිදි ඬේල් ස්ටෙයින් මේ වන විට එක්දින තරග 73 කදී කඩුලූ 102 ක් දවාගෙන තිබේ.
මෙම සංචාරයේ පළමු එක්දින තරගය ජූලි මස 20 වැනිදා කොළඹදී පැවැත්වෙන අතර විස්සයි20 තරගාවලිය අගෝස්තු මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ගොඩ (නි)
ශ්‍රී ලංකා සංචාරයට ඬේල් ස්ටෙයින් නෑ ? (නදී)
හොඳ තරඟයක් දෙන්න පුළුවන්. (ස)
අපරාදේ හොද ගේමක් බලාගන්න තිබ්බ හිටියා නම්. (ස)
මමත් හිතන්නේ හිටියනම් හොඳ තරඟයක් බලන්න තිබුනා. මතකද කලින් සැරේ ස්ටේන් නැතුවත් අපි 42 ඔක්කොම අවුට් වුනා. ඒවා මතකද දන්නේ නෑ අපේ අයට (ස)
අපේ අය පෙර කරපු වැරදි මතක තියාගෙන ඒවාට පිළියම් යොදාගෙන මූණ දුන්නොත් ගොඩ. (නි)