ශ්රී ලංකන් ගුවන් සමාගම ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවා එකමුතුව වන ‘වන් වර්ල්ඩ්‘ හා එක්ව කටයුතු කිරීම අද මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ආරම්භ කළේය.
අද උදෑසන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙම සුවිශේෂී අවස්ථාව සැමරිමේ සමාරම්භක උත්සවය පැවති අතර එහි දී ‘වන් වර්ල්ඩ්‘ ලාංඡනය සහිත ඒ 330 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය එළි දැක්වීම ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබුහ.
‘වන් වර්ල්ඩ්‘ සන්ධානයට අයත් රටවල් 14 ක ජාතික ගුවන් සමාගම් හි ප්‍රධානීන් සහ ලොව පුරා නන් දෙසින් පැමිණි ජනමාධ්‍යවේදීන් ද මෙම අවස්ථාවට එක් වුහ.
ඔවුහු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රුක් රෝපනයටද එක් වුහ.
උඩරට සහ පහත රට නැටුම් ගැයුම් මැද පැවති උත්සවය ඉතා චමත්කාර විය.
ලෝකයේ ඉහළ ඇගයුමකට ලක් වු වේගයෙන් සංවර්ධනය වන ‘වන් වර්ල්ඩ්‘ ගෝලීය සන්දානයේ උසස් තත්වයේ ප්‍රතිලාභ සහ සේවා රැසක් අද සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හිමිවේ.
ඉන්දියානු උප මහාද්වීපයේ ගෝලීය ගුවන්සේවා සන්ධානයක් හා එක්වන ප්‍රථම ගුවන්සේවය වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි.
ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවා සන්ධානයක් වන වන් වර්ලඩ් සන්ධානයේ ආරම්භයෙන් වසර 15 ට පසු විශාලතම සාමාජික ජාල ව්‍යාප්තිය මෙයින් සම්පුර්ණ වෙයි.
අද සිට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලෝකයේ වන් වර්ලඩ් සාමාජික ප්‍රමුඛතම ගුවන් සේවා හා එක්ව පියාසර කරනු ඇත.
කැතේ පැසිෆික්, ජපෑන් එයාර්ලයිනස්, මැලේෂියා එයාර්ලයින්ස්, කොන්ටාස් යන ආසියා ශාන්තිකර කලාපීය රටවල් වල ගුවන්සේවාද, යුරෝපයේ එයාර් බර්ලින්, බ්‍රිටිස් එයාර්වේස්, ෆින් එයාර්, අයිබීරියා යන ගුවන් සේවා හා රුසියාවේ එස් 7 එයාර් ලයින්ස් මැද පෙරදිග කලාපයෙන් කටාර් එයාර්වේස්, රෝයල් ජෝදානියන් උතුරු ඇමරිකාවේ ඇමරිකන් එයාර් ලයින්ස් සහ යු.එස් එයාර්වේස් ඒකාබද්ධ ගුවන්සේවාවද දකුනු ඇමරිකාවේ ලැන් ගුවන් සේවය සහ එහි පාර්ශවීය ලැටම් ගුවන්සේවා සමුහය සහ ටැම් එයාර්ලයින්ස් ඊට ඇතුලත් වේ.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ, ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසුරිය යන මහත්වරුන් ඇතුළු වන් වර්ලඩ් සාමාජික ගුවන්සේවාවන්හි ජ්‍යෙෂ්ඨ විධායකයින්ද, දෙස් විදෙස් මාධ්‍යවේදීහු විශාල පිරිසක් එක් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩුරාවන, මම උදේ සවස මහන්සි වී උපයන ආදායම් මුදලින් ගෙවන බදු අපේ රටේ ඕනෑම ප්‍රතිඵලදායක සංවර්ධන කටයුත්තකට යෙදවෙනවා නම් මගේ මොළයේ ඇලය ගැන මට සතුටුයි. එහෙත් ඔබ ඔය කියන රට හුදකලාවීමට හේතු වුයේ ඇතැම් දේශපාලන ඇම්බට්ටයන්ගේ ක්‍රියා බව තේරුම් ගැනීමට ඔබට කොහෙත්ම මොළයක් කියා දෙයක් නැති වූ එක ගැන ඉතා කණගාටුයි. (නි)
සිරි, ඔබ කියන ඔය හැඳි මිටේ නුවණ ගාවා ගන්නෙම නැතුව රට සංවර්ධනය කරලා පෙන්නන්නකො. මොකටද එහෙනම් මේ ගුවන් තොටුපලේ උත්සවයට ඔවුන් කැඳවා ගත්තේ. (නි)
මේ වැඩේට තව ඇමති කෙනෙක් පත්කරමුද? (නි)
රට දියුණු වෙනවා නම් අපිත් කැමතියි (නි)
සිරි , හිමාලිලාගේ අදහස් විවේචනය කළාට කමක් නැහැ. නමුත් එයට ඔවුන්ගේ බවලත්කම ඈඳා ගැනීම පිරිමි අපිට මදිකමක් නේද ? ඔබ මේ විවේචනය කරන හැඳිමිටේ මොළය නේද මේ පින්තූර වල ඉන්න සුරූපී ගුවන් සේවිකාවන්ටත් තියෙන්නේ? (නි)
අපේ සුභ පැතුම්! (නි)
සිරි, මගේ හැඳි මිටේ මොළය මට හොඳයි. ඔබ කියන දේ හරියට හරි. මහජනයා ගෙවපු බදු මුදල් තමන්ගේ පෙට්ටගමේ තියාගෙන ඉඳලා පහුගිය දවසක කෙනෙක් වරද පිළිගත්තේ. රටේ භෞතික සම්පත් සංවර්ධනයට ආයෝජනය කරන්න කලින් රටේ මානව සම්පත් වැඩි දියුණු කරන්න ආයෝජනය කරන්න ඕනෑ බව ඔබේ පණ්ඩිත නුවණට නොතේරුනාට මට කරන්න දෙයක් නැහැ. (නි)
සිරි, මතක තබා ගන්න. හැඳි මිටේ නුවණ තියන අයගේ කුසින් තමා ඔබ වැනි පණ්ඩිතයන් පවා බිහිවෙන්නේ. උඩ බලාගෙන කෙළ ගැහුවා නේද? (නි)
අපේ අයට නොතේරුනාට මෙවන් අන්තර් ජාතික ව්‍යාපාර වලට හොඳ ප්‍රචාරයක් අත්‍යවශ්‍යයි. බිනලිලාගේ ,හිමලිලාගේ බදු සල්ලි පෙට්ටගමක දාලා වහලා තිබුනා නම් රටේ දියුණුවට ආයෝජනය කරන්නේ කවුද? ඕකට තමයි අර හැඳි මිටේ මොළය කියන්නේ. (නි)
බොහොම සන්තෝෂයි.ලොකු උත්සවයක් අරගෙන. දැන් ඔය වෙළද නාමයෙන් බලමු උත්සවයට ගිය වියදමවත් හොයාගන්න කොච්චර කල් යාවිද කියලා. (නි)
දැන් ඉතින් මොකද්ද අපට තිබෙන වාසිය මේකෙන්? කවුරුවත් ඒ ගැන කියලා නැහැ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට වියදම් තව වැඩි වෙන බව නම් දන්නවා. අනික මේකට මෙච්චර වියදම් කරන්න ඕනෑද? (නි)
සිරි, පොඩ්ඩක් සිරිබිරිස් වුණා නේද? (නි)
උඩුරාවණ, ඔබේ අදහසේ හැටියට රටේ එකමුතුකම ප්‍රකාශ කරන්නේ මහජන මුදල් නාස්තියෙන් සහ ගුවන් තොටුපල වලින් රටට එන බවලතුන්ට අඩම්තේට්ටම් කිරීමෙන් නම් මගේ ගැහැණු මොළයේ ඇලය ගැන මම ඉතා ආඩම්බර වෙනවා. (නි)
උඩුරාවණ, බවලතුන්ගේ මොළයේ ඇලයට පෙර ඔබේ මොළයේ තත්ත්වය පරීක්ෂාව කරගන්න. අර තංගල්ලේ සිද්ධිය වෙන්න ඇත්තෙත් ඔබ ඔය කියන එකමුතුකමේ ප්‍රතිඵල ලෙස තමා. (නි)
කාගේ කාගේත් සහයෝගයෙන්, ශ්‍රී ලාංකිකයන්ගේ ආශිර්වාදයෙන්, අපගේ ජාතික ගුවන් සේවය ලෝකයේ හොඳම ගුවන් සේවය වේවා! (නි)
හිමාලි සහ බිනලි යන අයටයි. අපේ රට හුදකලා කරන්නට සමහර රටවල් වෙරදරන යුගයක මෙවන් එකමුතුවකට අපේ ගුවන් සේවය ගෙනයාමෙන් සිදුවන යහපත දකින්නට ඔබට අපහසුව ඇත්තේ, ඔබගේ මොළයේ ඇලය තවමත් සුව නොවූ නිසා බව පෙනෙනවා. (නි)
ගුවන් තොටුපල හැදුවා වගේ නෙමෙයි. එතනින් ගොඩ බහින බවලතුන්ට පාරේ ඇවිදින්න සංචාරය කරන්න අවශ්‍ය ආරක්ෂාව මේ පළාතේ නැත්නම් වැඩක් නැහැ. තවමත් අර පරණ නඩුව අහලා ඉවරයකුත් නැහැනේ. (නි)
මට පෙනෙන හැටියට ගුවන් යානා නඩත්තුවට වඩා ගුවන් තොටුපලවල ප්‍රචාරක වියදම් වැඩියි වගේ. (නි)
අනේ අපේ බදු මුදල් වලට ගිය කලක්! (නි)
මත්තල මෙහෙම දෙයක් කරන එක ලොකු දෙයක්. (නි)
දේශපාලනය ගෑවිලා නැති, මුදල් නාස්තියක් නැති , රටට ප්‍රයෝජනවත් වැදගත් වැඩක් කෙරෙන අවස්තාවක් මට හීනෙන් වත් පේනවා නම් !!! (ස)
මේ ඔක්කොමට වඩා අනවශ්‍ය වියදම් අඩුකරලා, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලාබ ලබන ආයතනයක් බවට පත්කරන්න බලන්න (නි)
මේ උත්සවය ලංකාවේ තිබුනා කියල කිසිම වෙළඳ ප්‍රචාරයක් ලැබන්නේ නැහැ. ඡන්ද ප්‍රචාරය සහ අා කට්ටියට සතුට විතරයි. (නි)
දැන්වත් මේගොල්ලෝ දකුණු අප්‍රිකාවට එයිද දන්නේ නැහැ. අපරාදේ! ලාබ ලබන මාර්ගයක් (නි)
මේ උත්සවයට සහභාගී වෙන විදේශීය බවලතුන් නිරුපද්ද්රිතව ආපසු තමන්ගේ රටවල් වලට යනකන් මගේ ඇඟේ ලේ නැහැ. ඒ තරම් සුරක්ෂිත පලාතක් නොව මේක. ! (ස)
උඩුරාවණ, රටට ප්‍රයෝජනවත් ආයෝජන අවශ්‍යයි. නමුත් මේ උත්සව සඳහා වැය කරන මුදල් පවා එවැනි සංවර්ධන යෝජනා වලට යොදවන්න පුළුවන්. සංවර්ධිත දියුණු රටවල් සංදර්ශන සහ උත්සව වලට මෙලෙස මුදල් වැය කරන්නේ නැහැ. අවශ්‍යම නම් චාම් උත්සවයක් පවත්වා පැමිණි අමුත්තන්ට සංග්‍රහ කර මේ කටයුතු කරන්න බැරි ඇයි. මේ වගේ හැම ආයෝජනයක් ම සමරන්න ගියොත් මොකද වෙන්නේ ? (ස)
උඩුරාවණ, වලිගය පාගා ගෙන ඇත්තේ ඔබයි. බොහෝ දෙනා දකින්නේ මෙහි උත්සවය සඳහා වැය කර ඇති අති විශාල ධනස්කන්දය මිසක් මේ වැඩේ වැරදි කියලා නෙවෙයි. (ස)
ජිලෝ මහත්මයා ඔබ නිවැරදියි. (ස)
හිමාලි සහ බිනලි නමින් ලියන දෙදෙනාට කිව යුතු දෙය නම් වලිගය පෑගී ඇති බවකි. ජිලෝ වගේ හරි දර්ශනයක ඉන්නවා නම් ඔය අයටත් අනාගතයේදී රටට දැනෙන ආර්ථික වාසිය පෙනේවි. (ස)
අහමඩ්, මේක අනවශ්‍ය වියදමක් නෙමේ. ලෝකයේ ප්‍රසිද්ධ ගුවන්යානා සමාගම් ඇති කර ගත් වාණිජ සහයෝගතාවයක් ශ්‍රී ලංකා ගුවන් සමාගමත් එහි සාමාජිකයෙක් වන් වල්ඩ් කාඩ් පතක් ගමන් ගන්නා මගීන්ට නිකුත් කිරීමෙන් තව තවත් ලාභ ලබා ගන්න පුළුවන්. (ස)
මාලි ! දැන් වත් හැදෙන්න බලන්න කිව්වේ ඔයාගේ තාත්තද ? (අ)
මේ එකමුතුවෙන් රටට ලැබෙන අදායම සහ මහජනයාට ලැබෙන සේවය අගය කළ යූතූයි.ඉවසීමෙන් බලා සිටීමයි අපගේ යූතූකම. බුද්ධිමත් ලංකාදීප පාඨකයනි. වැදගත් අදහස් ඉදිරිපත් කරන්න.එකිනෙකාට දොස් කීමෙන් ඇති ඵලය කුමක්ද ? ("වාසනාව එනතෙක් නොනිදා අවදිවන්න නිදි ගැට හැරදා") (ස)
හේවාවිතාරණ මහතාණෙනි , රටක දියුණුව කියන්නේ රටේ තියෙන සල්ලි සොච්චම පිටඔපයට වියදම් කරගෙන පෙන්නුම් කිරීම නෙමෙයි. මේ පළාතේම දුෂ්කර ගමක පාරක්, පාලමක් හදන්න, පාසලක් දියුණු කරන්න තිබුනා නේද? (නි)
සිරි, මොනවද මේ කරගත්තේ?අයියෝ! අපේ බන්දුලතුමාවත් කාන්තා පාර්ශවය ඉදිරියේ මෙහෙම නම් නාගත්තේ නැහැ. (නි)
සිරි සහෝදරයා , බැරි වෙලාවත් ඔබ මහිලා සමිතියක් පළාතක වත් යන්න එපා. ආයෝජන සහ සංවර්ධනය ගැන කතා කරන්න ගිහින් ඔබ පුදුම අමාරුවක වැටුනේ. (ස)
අනේ සිරි ඔබ වැරදිලාවත් අද නම් එළිය ට බහින්න එපා. අද මැයි දිනය නිසා පෙළපාලි කාන්තා පෙරමුණේ සාමාජිකාවන් ඔබ එනකන් අන්න හැඳි මිටවල් අතේ තියාගෙන බලා ඉන්න ව ලු. (ස)
සිරි ඔබේ ගෙදෙර කවුරුවත් තවම මේ හැඳි මිටේ මොලයේ කතාව දකින්න නැතිව ඇති නේද ? එහෙම නැතිනම් අද ගෙදෙර බවලත් උදවිය මැයි රැළියටවත් ගිහිල්ලද ? (ස)
සිරිට බවලත් උදවිය එක්ක පුදුම තරහක් තියනවා වගේ. (ස)
සිරි මහතාණෙනි, රටේ අධ්‍යාපනය සංවර්ධනයට , නීති රීති නිසි පරිදි ක්‍රියාත්මක වීමටත් එදිනෙදා ජීවන තත්වය දියුණු කරගන්න පාරවල් ටික වත් ඒ පාරේ කාන්තාවන්ට ආරක්ෂා සහිතව ගමන් කරන්න වාතාවරණයත් හදල දෙන එක තමා මම අදහස් කළේ. (ස)
බිනලි , අර මහජන බදු මුදල් ආයෝජනය කරන එක හොදයි කියන ටික නම් තේරුණා. එහෙත් අර මානව සම්පත් සංවර්ධනය කරන්න මුදල් ආයෝජනය කරන්න ඕනෑ කියන කෑල්ල මට පැහැදිලි මදි. ඒක ඔයාගේ හැඳිමිටේ මොළයෙන් කිව්වට මගේ ටිකිරි මොළයට තේරෙන්නේ නැහැ (නි)
සිරි මහත්තයෝ, ඔබ වැනි හන මිටි අදහස් දරන උදවිය ලෝකයට බිහි වුනේ කොහොමද කියලා කල්පනා කරනකොට තමා අපේ නුවණ හැඳි මිටේ දිග තමා කියලා තේරුනේ. (නි)
සිරි මහතාණෙනි, කාන්තාවන්ට අදහස් ප්‍රකාශ කිරීම හෙලා දකින රටක සංවර්ධනයක් නැහැ.(නි)
තව නොබෝ දිනකින් මෙවැනි දේ නිසා තමන්ගේ පොකට් එකටත් ටික ටික තට්ටු වෙනවා යැයි අනියත බියක් ඇතිකර ගනිමින් අපේ සහෝදරවරු පාරවල් හරස් කරමින් "උත්සව" පැවැත්විය යුතුද? (නි)
දැන් ඉතින් අඩුපාඩුවක් නැහැ.(නදී)
ඇමරිකාවේ මුලස්ථානය තියන වන් වර්ල්ඩ් එක්ක ගිවිසුම් ගැහුවා විතරයි. කොහෙන් ගියත් ඇමරිකාව නැතුව බැහැ. බනින්නෙම ඇමරිකාවට.ශ්‍රීලන්කන් එකටම වන් වර්ල්ඩ් කියල නම වෙනස් කරා, කලින් එමිරේට්ස් එකට විකුණලා තිබුනා. මොනා කරත් මත්තලට වැඩිපුර එන්නේ දැනට කෝටි ගානක් පාඩු ශ්‍රීලන්කන් තමයි. (නදී)
ආයුබෝවන් ශ්‍රී ලංකා ! (නදී)
දැන් ඉතින් දිගටම ලාබ ලැබේවි. අපට හරිම සතුටුයි. (නදී)
මම දවස් දෙකක් ප්‍රමාද වෙලා කුවේට් වලට අාවේ. ගුවන් යානා අඩුයි කියලා කියනවා. මෙහෙම ගියොත් මොනවද වෙන්නේ?? (නි)
චන්ද්‍ර, කපුටෝ කෙටුවේ ඔයාට තමයි. අපි දන්නවා (නි)
රට දියුණු වේවා! (නි)
මගේ රට දිනේවා! (නි)
වන් වර්ල්ඩ් නෙමෙයි හෝල් වර්ල්ඩ් එකත් එක්ක සම්බන්ධ වුණත් වැඩක් නැහැ,පාලනයේ සහ සේවකයන්ගේ අක්‍රමිතා පාලනය වෙනස් කරනතුරු. ලාබයක් ලබන්නට පාලනයේ සහ සේවයේ දෙකේම හොරමැරකම් ඉවත් කළ යුතුයි (නි)
ශ්රී ලන්කන් මේකෙන් රැකගන්න පුලුවන්ද? (නි)
ආයුබෝවන් ශ්‍රී ලංකා ! (නදී)
ගුවන් යානා නැතිව මොන ගිවිසුම අත්සන් කළත් වැඩක් වෙයිද කොහොම පරිප්පුවක් කන්න වේවිද දන්නේ නැහැ.(නදී)
කොහොම හරි කමක් නැහැ, බිම දිගේ යන ශ්‍රී ලංකන් ගුවන් සේවය පියාඹන තැනට ගෙනියන්න පුලුවන් නම්.(නදී)
එහෙනම් අපිත් හරි දියුණුයි... (නි)
හරිම චමත්කාරයි. (නි)
එහෙනම් දැන් රටේ ආර්ථිකය සරු වේවි නේද ? (නි)
ඒකෙනුත් අපෙ බඩටම අන්තිමේදී වදින්නෙ නැතිවුණොත් හොඳයි (නි)
බෙරගහනකොට කුරුල්ලෝ යනවා (නි)
ජීවන්, විකාර දොඩවන්න එපා.ඔයාට කපුටෝ කොටාවි (නි)
කුරුල්ලන්ගෙන් ප්‍රශ්නයක් නැද්ද? (නි)
ශ්රී ලන්කන් ගුවන් සේවයේ වසරක පාඩුව රුපියල් බිලියන 20ක්. වියදම් අඩුකරන්න දැන්වත් හැදෙන්න බලන්න.(නදී)
අපේ රට තරම් උත්සව සහ සැමරීම් වලට මුදල් නාස්ති කරන රටක් තවත් නැතුව ඇති. මේවායින් වෙන්නේ කරන වැඩේ වටිනාකම යටපත්වීම පමණයි. හැමදේටම දේශපාලනය ගාවාගෙන මහජන මුදල් වියදම් කරනවා. චාම් උත්සවයක් ගෙන, පැමිණ සිටින අමුත්තන්ට සංග්‍රහයක් කොට අවශ්‍යම නම් මාධ්‍ය කැඳවා වැඩක් කරන්න බැරි ඇයි? (නි)
ශ්රී ලන්කන් ගුවන් සේවයට නරකද අප්‍රිකාවෙන් හරි අලුත් කාන්තා මුහුණු ටිකක් දැම්මා නම්? (නි)
මේ හේවාවිතාරණ, රටක දියුණුව බලන්නේ ප්ලේන් එකේ ලේබල් එකෙන් නෙමෙයි. අන්තර්ජාලය තියනවා නම් සොයා බලන්න.ලංකාව ගැන දැනගන්නම ඕනෑ නම් පළමුව තමන්ගේ පවුලේ අයට ලැබෙන ප්‍රතිලාභ බලන්න. අඩුම ගානේ යූටියුබ් එකෙන්වත් රට ගැන බලන්න. (නි)
වන් වර්ල්ඩ් නෙමෙයි, පරිපාලනයේ දුර්වලතා ඉක්මනින් නැතිකර ගත්තේ නැතිනම් " අදර් වර්ල්ඩ්" එකට යන්න තමා ගුවන් සේවාවට සිද්ධ වෙන්නේ. දැන් මේ විවෘත කරන්න කළ වියදමින් අර අබලන් තත්ත්වයෙන් ගමන් කරන ගුවන් යානාවක් පිළිසකර කර ගත්තා නම් මොකද? (නි)
පිට රටවල මොන අවස්ථාවක වත් මේ වගේ අසීමිත් උත්සව වියදම් නැහැ. ඒ රටවල් දියුණු ඒකයි. අනේ මන්දා අපේ රටේ හැමදේටම උත්සවයක්. (ස)
" චිරන් ජයතු වන් වල්ඩ් ශ්‍රී ලන්කන් එයා ලයින්." (ස)
උඩින් යන්න උත්සව වලට මෙච්චර වියදම් කරන එකේ පිටිසර ගමක පාරක් පිළිසකර කර දුන්නොත් මොකද ?(ස)
මෙහෙමනේ මාලි, අපේ රටේ මිනිස්සුන්ට බඩට නැතත් පිට ඔපේට ඉන්න තියනවා නම් ඒ ඇති. රටක දියුණුව කියන්නේ ප්‍රයෝජනවත් වැඩකට යොදවන්න තිබුන මහජන මුදල් උත්සව වලට නාස්ති කරන එක නෙමෙයි. චාම්ව උත්සවයක් ගත්තට වරදක් නැහැ. අපේ රටේ කෙරෙන්නෙම පිට ඔපේට කරන අසීමිත වියදම් (නි)
මාලිගේ කතාව තමයි මටත් කියන්න තියෙන්නේ. (නි)
හොඳයි ! (නදී)
අපේ ජනාධිපතිතුමා ගිහින් නැද්ද? (නි)
මේ වගේ සූත්තර වලින් තවත් බන්කොලොත් වෙයිද? (නදී)
ගුවන් සමාගම් පරිපාලනය ගැන දැනුමක් සහ පළපුරුද්දක් ඇති කළමණාකරුවෙකුට මේක භාර දෙන්න. නැත්නම් මේ අවුරුද්දෙදිත් රුපියල් කොටි 2000 කට වඩා පාඩුවක් ලැබෙයි. එමිරේට්ස් පාලනය කරන කාලේ ලාභ ලබන්නත් දැන් යුධයෙන් පසුව වාර්තාගත සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට එන විට පාඩු ලබන්නත් හේතුව දුර්වල කළමනාකරණය මිස වෙන දෙයක් නොවේ.(නදී)
වැඩේ හොඳයි. නමුත් මේ විදියට කරන උත්සව වියදම් රටේ අනෙකුත් සංවර්දන වැඩකට යොදා ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ අලුතින් විවෘත කිරීමකට ආපු කාර්ය භාර ඇමතියා තමාම මොටෝර් රථය පදවා ගෙන ඇවිත් කාර්යාල සේවකයන් ට සුහදව කතාකොට පැමිණි අමුත්තන් දෙතුන් දෙනා ට ස්තුති කොට පිටව ගියා. වැඩෙත් කෙරුනා. රටේ සල්ලිත් ඉතිරියි. (නදී)
අනිත් දියුණු රටවල් වල මෙවැනි දේවල් වලට උත්සව තියන්න කවදාවත් මුදල් නාස්ති කරන්නේ නැහැ. වැඩේ කොච්ච්චර හොඳ වුනත් අසීමිත වියදම් කියන්නේ අපේ රටට හරියන දෙයක් නෙවෙයි. (නදී)
ජීවන්, ඔහේ තවම ඉන්නේ ගල් යුගයේ වගෙයි අපිට හිතෙන්නේ (නි)
රත්න මහත්මයා, ඔහෙලට තියෙන්නේ කන බණේ විතරයි. අපේ රට දියුණු වෙනවට කැමති නැද්ද? (නි)
දැන් සමහර ගුවන් සේවා වලට යන එන මං නැතුව, වෙන ඒවට මුක්කුවක් ගහන්න වෙයි (නි)
අද සිට ඉදිරිය ගැන අපි බලාසිටිමු. (නි)
අවුරුදු 24 ක් පමණ පරණ ගුවන් යානා වලට 'වන් වල්ඩ්' කියල නම ගැහුවට ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ. (නදී)