IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ ආගමන විගමන දියුණුවට සිංගප්පූරුවේ සහාය

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ආගමන විගමන පද්ධිතිය සම්බන්ධයෙන් සොයා බැලීමට සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ විශේෂඥයන්  හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ  සංචාරයක නිරතව සිටියි.

සිංගප්පූරුවට සමාන ප්‍රමිතීන් සාක්ෂාත් කරගැනීම සහ දියුණු තාක්ෂණය ඒකාබද්ධ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආගමන විගමන  පද්ධතිය වැඩිදියුණු කිරීමට  සහයෝගීතාවය ලබාදීම  මෙම සංචාරයේ අරමුණ වන අතර ආගමන විගමන, වීසා නිකුත් කිරීම සහ පුරවැසිභාවය සම්බන්ධ සියලු  ක්‍රියාවලීන් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට මෙය හොඳ අවස්ථාවක් වී තිබේ.

ගුවන්තොටුපල සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියලු පද්ධතිවල ක්‍රියාකාරිත්වය පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව සිංගප්පූරුවේ පවතින උසස් මට්ටමට ගෙන ඒම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් දෙන ලෙස අමාත්‍ය ටිරාන් අලස් මහතා එම කණණ්ඩායමෙන්ඉල්ලීමක් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය  ටිරාන් අලස් මහතා  සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු හා නීතිය පිළිබඳ අමාත්‍ය කේ. ෂන්මුගම් මහතාගෙන්  කළ ඉල්ලීමකට අනුව එම කණ්ඩායම සතියක කාලයක්  සඳහා මෙරටට පැමිණ තිබේ.



අදහස් (5)

ශ්‍රී ලංකාවේ ආගමන විගමන දියුණුවට සිංගප්පූරුවේ සහාය

අරවින්ද මොනරවිල Wednesday, 29 May 2024 03:35 PM

රටේ මුල් පූටු වල ඉන්නේ හොරුන් අපරාධකරුවන් හෝ දූෂිතයන් ලෙස චෝදනා ලැබුවන්ය. එකෙක් මහ බැංකු වංචාවට හවුල්ය, තවත් එකෙක් සූනාමි ආධාර ගසා කෑ එකෙකි. තවත් එකෙක් කප්පං කාරයෙකි.ඒ නිසා මෙවැනි අපරාධකරුවන් මුල්වෙලා කරන සංවර්ධන ව්‍යාපෘති හො වෙනයම් කාර්ය්‍යයක් වුවද අවංකව හා රටට හිතකර ආකාරයෙන් කෙරුනු ඇත්දැයි සැක සහිතය. එබැවින් ජනතාවගේ වරමින් නව රජයක් පැමිණ රටේ සංවර්ධනයට හා අනෙක් කාර්ය්‍යන්ට මුල පුරන තෙක් ජනවරමක් නැතුව දැනට ව්‍යවස්ථා ගැට මගින් බලය ඩැහැගෙන සිටින කල්ලි වලට මෙවැනි භාරදුර්ය්‍ය කාර්ය්‍යන්ට මුල පුරන්න ඉඩ නොදිය යුතුය.

:       7       28

යෝගා Wednesday, 29 May 2024 04:10 PM

එතකොට අර VFSලා අකුල් ගිහින්ද නැත්නං තවත් අටමරාලයක්ද??

:       1       22

saman Wednesday, 29 May 2024 11:27 PM

සිංගප්පූරුවේ වැඩ කරන්නෙත් ලංකාවේ ඉන්දියාවේ බංග්ලාදේශයේ එවුන් තමයි.

:       0       0

Asanga samantha Thursday, 30 May 2024 10:18 AM

පගා ගුවාව

:       0       2

Bunny Preena Thursday, 30 May 2024 10:32 AM

මොන සිස්ටම් ගෙනාවත් වැඩක් වෙන්නේ නැහැ .ස්ථානවල වැඩ කරන්නේ හොරුයි,තක්කඩියොයි ,දූෂිතයිනුයි නම්

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 13 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1827 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2218 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2924 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1289 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 276 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24963 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site