IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ශ්‍රී ලංකාවේ මට තැනක් නැති නිසා ක‍්‍රීඩා කරන්න ඕස්ටේ‍්‍රලියාවට යනවා

ශී‍්‍ර ලංකාවේ පළමු පෙළ ක‍්‍රිකට් තරග බිමේදී දස්කම් දක්වන ක‍්‍රීඩකයාට සුදුසු ස්ථානය නොලැබෙන බව වටහාගත් හෙයින් තමන් අන්තර් ක‍්‍රීඩා සමාජ තරගවලින් සමුගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දේශීය ක‍්‍රිකට් පිටියේ ප‍්‍රවේගකාරී පිතිකරුවකු සහ තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන චින්තක ජයසිංහ පවසයි. කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රිකට් සමාජයේදී පෙරේදා (7) සවස පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් චින්තක කියා සිටියේ තමන් දේශීය තරග බිම අතහැර  ඕස්ටේ‍්‍රලියාව බලා අද පිටත්ව යන බවයි. පන්නිපිටිය ධර්මපාල විදුහලෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පිවිසි 34 හැවිරිදි චින්තක, පළමු පෙළ තරගවල අවස්ථා කිහිපයකදීම දක්‍ෂතම ක‍්‍රීඩකයා වී තිබේ. ඔහු පළමු පෙළ තරග 142 කට සහභාගිවී ලකුණු 6417 ක්ද, පන්දු යැවීමේදී කඩුලූ 104 ක් ද ලබා තිබේ. ”2010 වසරේ සහ පසුගිය වසරේ ලංකාවේ පළමු පෙළ තරගවල දස්කම් දැක් වු පළමු පිතිකරුවන් පස් දෙනා අතර මමත් සිටියා. එම වසර දෙකේදීම ලකුණු 750 බැගින් ලබා ගත්තා. පසුගිය වසරේ ලංකාවේ වේගවත්ම ශතකය ලබා ගත්තේ මමයි” ”ගෙවුණු තරගාවලි දෙකේදීම වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවා වුණෙත් මම. ඒත් මට ශ්‍රී ලංකා පිලේ කිසිම තැනක් ලැබුණේ නැහැ” යයිද චින්තක ජයසිංහ මෙම මාධ්‍ය හමුවේදී පැවසීය. ”අඩුම තරමින් මෑතක නිමා වු හොං කොං සය සාමාජික ක‍්‍රිකට් තරගාවලියටවත් මා ඇතුළත්ව නොසිටියේ කුමන කරුණක් නිසාදැයි අදහාගන්න බැහැ” යයිද චින්තත මාධ්‍ය හමුවේදී පැවසීය. ඕස්ටේ‍්‍රලියාව බලා අද යෑමට සුදානම්වන චින්තක ඒ පිළිබඳව මෙසේ පැවසීය. මම  ඕස්ටේ‍්‍රලියාවට යන්නේ ලීග් ක‍්‍රිකට් තරගවලට සහභාගිවෙන්න.  ඕස්ටේ‍්‍රලියාවේ ක‍්‍රීඩා කිරීමට මාස හයක ගිවිසුමකට එළැඹ සිටිනවා. ගිවිසුමේ කාලයට අනුව මම ලංකාවට ඇවිත් අපේ‍්‍රල් මාසයේදී ගිවිසුමකට අනුව එංගලන්තයටත් යනවා. පුළුවන් කාලයක් මම මේ රටවල් දෙකේ ක‍්‍රීඩා කිරීමයි අපේක්‍ෂාව. වාර්ෂික ගිවිසුමටවත් ඇතුළත් නොවන තමන්ට ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා කිරීමෙන් කළකිරීම මිස සිදුවන යහපතක් නැතැයි ද පැවසීය. ”දේශීය වාර්ෂික ගිවිසුමට ඇතුළත් ක‍්‍රීඩකයන් 60 දෙනා අතරවත් මම නැහැ. ඒත් ලකුණු 200, 300 ලබාගත් පිතිකරුවෝත් එම ගිවිසුම්වලට ඇතුළත්වෙලා ඉන්නවා” ”මේ කරුණු නිසා මම ගොඩක් ලංකාවේ ක‍්‍රිකට් ගැන කලකිරුණා. ඒ නිසාම තමයි තීරණය කළේ ලංකාවේ ක‍්‍රිකට් අතහැරලා මට පුළුවන් කාලයක් විදෙස් රටකදී ක‍්‍රීඩාවේ නිරතවෙන්න” යැයි චින්තක කීය. ”හොං කොං තරගාවලියට සහභාගි වු ක‍්‍රීඩකයන් හත්දෙනා ගත්තොත් ඔවුන්ට වැඩිය මම ඉදිරියෙන් ඉන්නවා. මම දන්නේ නැහැ තේරීම් කමිටු නිලධාරීන් කොහොම තේරීම් කරනවද කියලා” ”මේ අසාධාරණය සිදු වු එකම ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා මම නොවෙයි” යයිද චින්තක ජයසිංහ පැවසීය. මම මාධ්‍ය හමුවක් පැවැත්වීමට තීරණය කළෙත් ඉදිරියේදීවත් ක‍්‍රීඩකයකුට මගේ මේ වචනෙකින් හෝ හොඳක් වේ සිතා යැයි’’ වසර කිහිපයකදීම හොං කොං සය සාමාජික තරගාවලියට සහභාගිවු ක‍්‍රීඩකයකු වූ චින්තක පැවසීය. ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නොසිටිය යුතු නිලධාරීන් කිහිප දෙනකු වසර 10 ක් තිස්සේ තේරීම් කමිටුවේ සිටින බව පවසන චින්තක ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ විනාශයට හේතුව එයම බවද පෙන්වා දෙයි. ”බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රිකට් සමාජයේ පසුගිය වසරේ නායකයා ලෙස කටයුතු කළේ මමයි. තරග පැවැත්වෙන කාලයේදී එක තේරීම් නිලධාරියකු හැමදාම වගේ ආවා. ඉතිං ඔහු මගේ දස්කම් දැකලා තියෙනවා. මට සාධාරණයක් ලැබෙන්න තිබුණා” යැයි චින්තක පැවසීය. එස්. එල්. පී. එල්. තරගාවලියේ වසර තුනක ගිවිසුමකට තමන් ඇතුළත් බවත්, එස්. එල්. පී. එල්. තරගාවලිය විස්සයි20 තරගාවලියක් නිසා ඉදිරි වසර දෙකේදී ක‍්‍රීඩා කිරීමට අදහසක් තිබෙන බවත් පැවසීය. කෙසේ වෙතත් එම අවස්ථාව තමන්ට හිමිවේ යැයි නිශ්චිතව කිව නොහැකි බවද ඔහු පවසයි. වාර්ෂික ගිවිසුමට ක‍්‍රීඩකයන් තේරීම සහ විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩකයන් තේරීම සම්බන්‍ධයෙන් චින්තක මෙසේ අදහස් දැක්වීය. ”මෙම තේරීම් කරද්දී මම සිටියේ අයර්ලන්තයේ. එරට සිට ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරීන් දෙදෙනකුට දුරකතනයෙන් ඇමතුමක් දී මගේ දස්කම් පිළිබඳව පැවසුවා. ඔවුන්ට ස්ථිර වචනයක් කියන්න සතියක කාලයක් ලබා දෙන්න යැයි පැවසුවත් අද වෙනකම් එම තීරණය මට දැනුම් දුන්නේ නැහැ යැයි” යයිද චින්තක පවසයි. 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න වාසනාව හිමිවුවත්, ඊට වසර දෙකකට ඉහතදී තමන්ට එම අවස්ථාව හිමිවීමට තිබු බවත් ඔහු පෙන්වා දෙයි.  ඉදිරි දින කිහිපය තුළ සිදුවු අසාධාරණය දන්වලා පළමු පෙළ ක‍්‍රිකට් තරගවලින් සමුගැනීම පිළිබඳව ලිඛිතව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයට දැන්වීමට චින්තක කටයුතු යොදා තිබේ. වසරකට ආසන්න කාලයක්  ඕස්ටේ‍්‍රලියාවේ සහ එංගලන්තයේ ලීග් ක‍්‍රිකට් තරග සඳහා චින්තක සහභාගිවීමට නියමිතය. චින්තක ජයසිංහ මාධ්‍ය හමුවේදී.... (ඡායාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (0)

ශ්‍රී ලංකාවේ මට තැනක් නැති නිසා ක‍්‍රීඩා කරන්න ඕස්ටේ‍්‍රලියාවට යනවා

අපෝන්සු Friday, 09 November 2012 02:41 PM

ඔබට ජය වේවා (ස)

:       0       0

රසික Friday, 09 November 2012 03:42 PM

මාත් හදවතින්ම සුබ පතනවා. යන්න යාළුවා සුබ පැතුම් (ස)

:       0       0

දනුෂ්ක Friday, 09 November 2012 03:57 PM

ලංකාවට වෙලා තියෙන්නේ ඕක තමයි (දී)

:       0       0

චතූ Friday, 09 November 2012 04:02 PM

ඔබගේ සෑම පිති ප‍්‍රහාරයක්ම, සෑම කඩුලූ ගැනීමක්ම සිංහ ක‍්‍රීඩකයෙකුගේ වැඩක් විදිහට ඉතිහාස ගතවෙයි. එය ඔබ සෑම මාධ්‍ය හමුවකදීම කියන්න. - ඔබට ජය පතනවා චින්තක අයියේ..(ස)

:       0       0

ජනක Friday, 09 November 2012 04:27 PM

ඔබට ජය සොයුර! (ස)

:       0       0

ඉන්දි Friday, 09 November 2012 11:44 AM

චින්තක ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත්තේ කලුතර විද්‍යාලයෙන් ලෙස නිවැරදි විය යුතුයි නේද. මක් නිසාද ධර්මපාලෙට යන්න කලින් ඔහු ක්‍රිකට් ආරම්භ කර තිබු බැවිනි. (ස)

:       0       0

නලීන් Friday, 09 November 2012 04:39 PM

මල්ලි, අපිට හැමදාම ලැබුණේ කුඩම්මාගේ සැළකිළි. ඔයා ඔය ගමන යන්න. (නි)

:       0       0

ගීත් Friday, 09 November 2012 04:59 PM

ලංකාවේ හැමතැනම අසාධාරණය. ඔබ යන්න යාලුවා. (නි)

:       0       0

අමිත් Monday, 12 November 2012 12:06 PM

ඇති දැන්වත් තේරුම් ගත්තා‍. මේක ලංකාව (ස)

:       0       0

චන්දන Friday, 09 November 2012 05:14 PM

චින්තක, ඔබට ජය වේවා! (නි)

:       0       0

දිල්රුක් Friday, 09 November 2012 05:42 PM

ඔබ ගත් තීරණය හරි. ඔබට ජය! (නි)

:       0       0

සෝමපාල Friday, 09 November 2012 12:21 PM

සුදුස්සාට සුදුසු තැන ලංකාවේ නැත

:       0       0

ඩිලාන් Friday, 09 November 2012 12:15 PM

ඔයත් බෝට්ටුවෙන්ද යන්න හිතන් ඉන්නේ (ස)

:       0       0

බණ්ඩාර Friday, 09 November 2012 01:04 PM

දක්ෂයාට ලංකාවේ තැනක් නැහැ (දී)

:       0       0

සංජිව Friday, 09 November 2012 01:24 PM

ඔබට සුභ අනාගතයක්

:       0       0

කුෂාන් Friday, 09 November 2012 02:07 PM

වැදගත් විදිය‍ට ඕස්ට්‍රේලියා යන්න බෝට්ටු ඕනි නෑ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1335 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1505 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 929 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 405 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1341 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site