ලෝකයේ වඩාත් සාමකාමී රට අයිස්ලන්තය බව 2015 ආර්ථික සහ සාමය පිළිබඳ ලාභ නොලබන ආයතනය පවසයි. අයිස්ලන්තය උතුරු අත්ලන්තික් සාගරයේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටි දිවයිනකි.
එම ආයතනය මගින් 2015 වර්ෂය සඳහා සම්පාදනය කැර ඇති වාර්තාවක් උපුටා දක්වන සීඑන්එන් පුත් සේවය පවසන්නේ ලෝකයේ රටවල් 162ක් එහිදී ඇගයීමට ලක්කැර ඇති බවයි.
සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවට ලොව 114 වැනි තැන හිමිව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව සාමාන්‍ය තරමේ සාමකාමී රටක් ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකාව මේ ස්ථානයට පත්ව ඇත්තේ පසුගිය 2014 සමීක්ෂණයට වඩා ලකුණු 0.073ක් එක්කැර ගනිමිනි. එසේ වුව ද ශ්‍රී ලංකාව පසුගිය 2014 සිටි 105 වැනි ස්ථානයෙන් පියවර නමයක් පසුපසට පැමිණ ඇත්තේ අනෙක් රටවල් ශ්‍රී ලංකාවට වඩා සාමකාමී තත්ත්වයට පත්වීම හේතුවෙනි. ඒ ඒ රටවල ප්‍රචණ්ඩත්වය, අපරාධ, ගැටුම්වලට මැදිවීම සහ හමුදාව යෙදවීමේ තත්ත්වය ගැන දත්ත් උපයෝගී කරගනිමින් අදාල වාර්තාව සකස් කරයි.
අදාල දත්ත අනුව ලොව වඩාත් සාමකාමී රටවල් 10 අතරින් හයක් යුරෝපා රටවල්ය. සාමය වඩාත් වේගයෙන් පිරිහීගිය රට ලෙස හඳුන්වා ඇත්තේ සිරියාවයි.
මේ ලේඛණයේ ඇමෙරිකාවට හිමිව ඇත්තේ 94 වැනි ස්ථානයයි.
දකුණු ආසියා කලාපයේ රටවල් අතර ශ්‍රී ලංකාව හතරවැනි ස්ථානයට පත්ව සිටියි. ලෝකයේ සාමකාමි රටවල් අතර 18 වැනි ස්ථානයේ සිටින භූතානය දකුණු ආසියාවේ පළමු ස්ථානයේ රැඳී සිටින අතර නේපාලය දෙවැනි තැනටත්, බංග්ලාදේශය තුන්වැනි තැනටත් පත්ව සිටියි. දකුණු ආසියාවේ පස්වැනි තැන සිටින ඉන්දියාව ලෝකයේ 143 තැන සිටියි. පකිස්ථානය ලොව 154 වැනි ස්ථානයත් දකුණු ආසියාවේ හයවැනි තැනත් ලබා සිටින අතර දකුණු ආසියානු රටවල් අතර අවසන් ස්ථානයේ රැඳී සිටින ඇෆ්ගනිස්ථානය ලෝකයේ 160 වැනි ස්ථානයට පත්ව සිටින්නේ ඉරාකයටත් සිරියාවටත් පමණක් ඉදිරියෙන් සිටිමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංගලාදේශය අපිට වඩා සාමකාමී වුණේ කොහොමද? මම ජීවත් වෙන්නේ බංගලාදේශයේ. (අ)
හැමෝගෙම වැරදි හොයන ඇමෙරිකාවට ඇයි පළමු තැනට එන්න බැරි.ඔන්න ඇමෙරිකාවේ කෙරුවාව.(අ)
මං හිතාගෙන හිටියේ පලවෙනි රට සෝමාලියාව කියලයි. (අ)
රටවල් වලට ලේබල් ගහන අයට තවම රට රටවල් ගැන හරි අවභෝදයක් නැතුව වගේ (නදී)
බොරු මේවා ! හිනායන වැඩ !(නදී)
වල්ශා ඉන්නේ ඇමෙරිකාවේද ? දුකයි නේද? (නදී)
හිනා සමීක්ෂණ, නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ. හරියට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වගෙයි...(නදී)
අපේ රටේ දේශපාලකයින්ගේ ක්‍රියාකාරකම් නිසා තමා අපි මෙතන ඉන්නේ නැතිනම් අපිට මීට වඩා ඉහලට යන්න පුළුවන් රටේ මිනිසුන් කොහොමටත් සාමකාමියි (බ)
බංගලිදේශය අපේ රටට වඩා සාමකාමිලු? (නි)
මහින්ද මැතිතුමා තව අවුරුදු 10ක් බලයේ හිටියා නම් අපිටත් භූතානයට වගේ රජ පවුලකුත් ආසියාවේ පළමුවෙනි තැනත් ලබාගන්න තිබුනා. (නි)
ඇමරිකාව සුදුද කලුද කියලැ දන්නෙ නැතුව සමහරු ඇමරිකාවට බනිනවා. ඇමරිකාව 1ට නැත්තේ අන්තවාදීන්ගෙන් ඇමරිකාවට තර්ජන ඇති නිසා. ඇමරිකානු හමුදාව මෙහෙයුම් කරන නිසා.එහෙම නැතුව ඇමරිකාව ඇතුළේ යුද්ධ තිබෙන නිසා නෙමෙයි. (නි)
මම ඉන්න රට ආඩම්බරයි කියන්න, අංක 4 ලබල තියෙන්නේ ඔය ලැයිස්තුවේ. (නි)
මෙවන් තීරණ වලට ගන්න තොරතුරුවල, දත්තවල සැකයක් තිබෙනවා. උදාහරණය නම් බංගලා දේශය (නදී)
ඇමරිකාවේ කලු සුදු වාර්ගික ප්‍රශ්න තදින් ම තියෙන්වා.ආයුධ සන්නද්ධ ඒක පුද්ගල හා කණ්ඩායම් කල්ලි ගැහිලා (ම)