(තිළිණි ද සිල්වා)
පළමු වරට ශ්‍රී ලංකාව සඳහා නවසීලන්ත මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1955 දී ආරම්භ කළද මෙතෙක් මෙරටට නවසීලන්ත මහකොමසාරිස්වරයෙකු පත් කර නොතිබුණි
ඒ අනුව ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයෙන් යුතුව නවසීලන්ත රජය විසින් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා මෙරට පළමු නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස පත් කරනු ලැබූ බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ලෙස පත්වීම ලැබූ එඩ්වඩ් ඇපල්ටන් මහතා ඊයේ(22) ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූ බවද විදේශ අමාත්‍යාංශ පවසයි.මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතාද එක්විණි.
තවද මේ වසර අග භාගයේ දී කොළඹ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීමට නියමිතව ඇත.
මෙරටට නවසීලන්ත මහකොමසාරිස්වරයකු පත් කිරීම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් වන බවත් එමඟින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අන්තර්ක්‍රියා සැලකිය යුතු අන්දමින් පුළුල් කෙරෙනු ඇතැයි විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාවට නවසීලන්ත මහ කොමසාරිස්වරයෙක්
karu Friday, 23 July 2021 11:31 PM
ඔය ඉන්නේ දෙන්නා දෙපැත්තේ.