බටහිර ඉන්දීය කොදෙව් සමූහයේදී පැවැත්වෙන සෙල්කොන් කුසලාන තුන්කොන් තරගාවලියේදී ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර ඊයේ (2 වැනිදා) කිංග්ස්ටන්හි සබීනා පිටියේදී පැවැති තරගයේදී ලකුණු 161 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුල්ලක් දැවී ලකුණු 348 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු වශයෙන් ඕවර 44.5 කදී ඉන්දීය පිලට ලබාගත හැකිවූයේ සියලූ දෙනා දැවී ලකුණු 187 ක් පමණි.
ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම ජයග‍්‍රහණය ලබාගත්තේ ඉන්දියාව හමුවේ එක දිගට එක්දින තරග 4 ක් පරාජය වීමෙන් පසුවය. මෙම තරගයට පෙර, ශී‍්‍ර ලංකා කණ්ඩායම විසින් ඉන්දියාව අවසන් වරට පරාජය කරන ලද්දේ පසුගිය වසරේ ජූලි 24 වැනිදා හම්බන්තොටදීය.
ලකුණු 349 ක ඉලක්කයක් සොයා ගිය ඉන්දීය පිලේ, නායක විරාට් කෝලිද ඇතුළුව, පළමු පිතිකරුවන් තිදෙනාම ලකුණු 32 ක් තුළදී ආපසු කී‍්‍රඩාගාරයට යැවීමට නුවන් කුලසේකර, රංගන හේරත් සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් වූහ. ලකුණු 65 දී ලසිත් මාලිංග විසින් මුරලි විජේ දවාගනු ලැබීමත් සමගම ශී‍්‍ර ලංකාවට සටනක් දීමේ ඉන්දීය බලාපොරොත්තු බිඳී ගියේ කණ්ඩායමේ පළපුරුදුම පිතිකරුවා වන මහේන්ද්‍ර සිං දෝනිද මෙම තරගයට කී‍්‍රඩා නොකළ බැවිනි.
දිනේෂ් කාර්තික් සහ සුරේෂ් රයිනා එක්ව ලකුණු සංඛ්‍යාව 118 දක්වා ඉහළ දැමූ නමුත් ඒ වන විට ඉතිරිව තිබූ අවසන් ඕවර 22 දී ලකුණු 231 ක් තරම ලබාගත යුතු විය. එවන් තත්ත්වයකදී නොතිබූ ලකුණක් සොයා ගිය සුරේෂ් රයිනා ලකුණු 33 කට දවාගැනීමට ලසිත් මාලිංග, මහේල ජයවර්ධන සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් වූහ.
ඒ වන විටත් තරගයේ ඉරණම කුමක්ද යන්න ලියැවී අවසන්ව තිබුණු නමුත් එය නිවේදනය කිරීම කාලය මෙන්ම ඉන්දීය පිතිකරුවන්ගේ ධෛර්යය මතද රඳා පැවතිණ.
සුපුරුදු තැන්පත් විලාසයෙන් පන්දු යැවූ රංගන හේරත් වැඩි සද්දයක් නොකරම කඩුලූ 3 ක් දවාගත්තේ ඔහු විසින් යවන ලද පන්දු 60 න් ලකුණු 37 ක් පමණක් ලබාගැනීමට ඉන්දියානුවන්ට අවසර දෙමිනි. ලසිත් මාලිංග සහ සචිත‍්‍ර සේනානායකද කඩුලූ දෙකක් බැගින් දවාගත්හ.
ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ උපුල් තරංග පන්දු 159 කදී නොදැවී, ලකුණු 174 ක් ලබාගත් අතර මහේල ජයවර්ධනද ලකුණු 107 ක් රැුස්කළේය. මෙම පිතිකරුවන් දෙදෙනා අතර පැවැති පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 213 කි.
ලකුණු 25 ක් ලබා සිටියදී මහේල ගැසූ රිවර්ස් ස්වීප් පහරකින් ලැබුණු උඩපන්දුවක් ෂෝට් තර්ඞ්මෑන් හි සිටි කී‍්‍රඩකයා අතින් ගිළිහී ගියේය. එයින් නිසි ප‍්‍රයෝජන ලබාගත් ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා පන්දු 112 කට මුහුණ දෙමින් අලංකාර හයේ පහර දෙකක් සහ හතරේ පහර 9 ක් සිය ඉනිමට ඇතුළත් කළේ ලෝකයේ විශිෂ්ටතම ශ්‍රේණියේ පිතිකරුවකු වශයෙන් තමන් සතු කුසලතාව මැනවින් ප‍්‍රදර්ශනය කරමිනි.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානය අහිමි වුවද තිලකරත්න ඩිල්ෂාන් තුවාල ලැබීම නිසා කොදෙව් සංචාරයට එක්වූ තරංග, සිය තරග 165 ක එක්දින තරග දිවියේ හොඳම ඉනිම කී‍්‍රඩා කරමින් පළමු වතාවට ලකුණු 150 සීමාව පසුකර ගියේය.
එක්දින තරගයකදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ලකුණු 150 සීමාව පසුකර ඇත්තේ සනත් ජයසූරිය (සිවු වතාවක්), තිලකරත්න ඩිල්ෂාන් (දෙවරක්) සහ උපුල් තරංග පමණි. මෙම ඉනිමත් සමගින් කිංග්ස්ටන්හි සබීනා පිටියේදී පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවටද හිමිකම් කී උපුල් තරංග සනත් ජයසූරියට (වසර 2000 දී ඉන්දියාවට එරෙහිව සාජාහිදී ලකුණු 189 යි) පසු ශී‍්‍ර ලංකාව වෙනුවෙන් දෙවැනි හොඳම එක්දින ඉනිම කී‍්‍රඩා කළ කී‍්‍රඩකයා බවටද පත්විය.
මහේල පිටියෙන් ඉවත් වීමෙන් පසුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් පන්දු 29 කට පමණක් මුහුණ දෙමින් ලකුණු 44 ක් ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සරසමිනි. උපුල් තරංග සහ මැතිව්ස් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 135 ක සම්බන්ධතාව සඳහා වැයවූයේ පන්දු 66 ක් පමණි.
ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම
ශ‍්‍රී ලංකාව
උපුල් තරංග - නොදැවී 174
මහේල ජයවර්ධන - ඇ. යාදව් ප. අශ්වින් 107
ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී 44
අතිරේක 23
එකතුව ඕවර 50 කදී කඩුලූ 1ක් දැවී 348
කඩුලු වැටීම : 1-213
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ : කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, නුවන් කුලසේකර, රංගන හේරත්, ලසිත් මාලිංග, කුසල් ජනිත්, සචිත‍්‍ර සේනානායක
පන්දු යැවීම : ෂාමී අහමඞ් : 10-0-68-0, උමේෂ් යාදව් : 8-0-65-0, ඉෂාන්ත් ශර්මා : 9-0-68-0, රවින්ද්‍ර ජදේජා : 9-0-55-0, රවිචන්ද්‍රන් අශ්වින් : 10-0-66-1, විරාට් කෝලි : 2-0-9-0, සුරේෂ් රයිනා : 2-0-10-0
ඉන්දිය කණ්ඩායම් ඉනිම
රෝහිත් ශර්මා - ඇ. මැතිව්ස් ප. කුලසේකර 5
ශීකාර් ධාවන් - ඇ. තරංග ප. හේරත් 24
මුරලි විජේ - ප. මාලිංග 30
විරාට් කෝලි - ඇ. මැතිව්ස් ප. මාලිංග 2
දිනේශ් කාර්තික් - ස්ට. සංගක්කාර ප. හේරත් 22
සුරේෂ් රයිනා - දුවද්දී දැවී ගියා 33
රවින්ද්‍ර ජදේජා - නොදැවී 49
රවිචන්ද්‍රන් අශ්වින් - ඇ. මාලිංග ප. සේනානායක 4
ෂාමී අහමඞ් - ප. සේනානායක 0
ඉෂාන්ත් ශර්මා - ඇ. සංගක්කාර ප. හේරත් 2
උමේෂ් යාදව් - ප. මාලිංග 0
අතිරේක 16
එකතුව ඕවර 44.5 කදී සියළු දෙනා දැවී 187
කඩුලු වැටීම: 1-12, 2-52, 3-57, 4-65, 5-118, 6-142, 7-153, 8-153, 9-166, 10-187
පන්දු යැවීම:
නුවන් කුලසේකර : 9-0-37-1, ඇන්ජලෝ මැතිව්ස් : 8-2-23-1, සචිත‍්‍ර සේනානායක : 10-0-46-2, රංගන හේරත් : 10-0-37-3, ලසිත් මාලිංග : 7.5-0-40-2

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපුල් තරංග අනිවාර්යයෙන් තරඟ සඳහා හිටිය යුතු ක්‍රීඩකයෙකි! දේශපාලනය ක්‍රිකට් ක්‍රීඩාවට අත නොදා ඉන්නවනම් හොඳයි! (ත)
රුවන් කියන තැනැත්තා ගැන කියන්න ලැජ්ජයි. හේතුව තමුන්ගේ මවු බිම ගොඩක් හෑල්ලුවට ලක්කරන ප්‍රතිචාර ඉදිරිපත් කරන නිසා. ඔය වගේ අයට කියන්න වචන තියනවා. රට නිතරම උතුම්, රටේ මිනිස්සුත් උතුම් කියලා හිතන්න. ලංකාවේ ඉදගෙන ලංකාවට නිගරු කරන්න එපා. අපේ කොල්ලෝ නිතරම මහන්සි වෙලා ක්‍රීඩා කරන්නේ. දිනුවත් පැරදුනත් අපේ කොල්ලෝ අපේ. ඒ නිසා ප්‍රතිචාර දානකොට රටේ නම්බුවත් රටවැසියන්ගේ නම්බුවත් ආරක්ෂා වෙන විදියට ප්‍රතිචාර කරන්න මනුස්සයෙකු විදියට.(නදී)
තරංග හා මහේල, ඔබට සුබ පැතුම්! (නි)
අපේ කොල්ලෝ වැඩකාරයෝ (නි)
මෙතන අදහස් දාන අය දිනනකොට හොදයි කියනවා, පරදිනකොට බනිනවා. මොලේ ඇතුව කතා කරන්නෙම නැහැ (නි)
රුවන් , ඔය කන්නේ පුන්නක්කුද?(නදී)
අසේල ,නසමි, රුවන් ඔය ගොල්ලෝ ක්‍රිකට් තියා ඇට බෝලවත් සෙල්ලම් කාලද කියන්න මට නම් සැකයි. හොදම දේ නොදන්නා දේවල් ගැන කතා කරලා මෝඩ කම ලෝකයට පෙන්නන් නැතිව නිස්සබ්දව ඉන්න. අපේ කොල්ලෝ පැරදුන වෙලේ බලු බැනුම් බැන්නා මහදැන මුත්තලත් අද පූස් පැටව් වගේ. දැන්වත් දනාත්මකව හිතන්න.(නදී)
කලින් තරග ටිකේ සෙල්ලම් කරපු විදිහ දැක්කම මැච් එපා වුනා (නි)
මුල් පිතිකරුවන් දෙදෙනා ලකුණු අතරට ගියොත් අපේ කණ්ඩායම ගොඩක් වෙලාවට දිනනවා. එහෙම නුන දවසට පරාද වෙන පොඩි ලෙඩක් තියෙනවා. කලුවිතාරනලා වගේ කොල්ලෝ තව ඇති සොයල බලන්න. දේශපාලනය ක්‍රීඩාව එක්ක පටලන්නෙ නැතුව.(නදී)
අනේ( රුවන්) ඔයා ක්‍රිකට් ගැන මොනාද දන්නේ ඉන්දියාව උවමනාවෙන් පැරදුනා කියන්නේ. ඔය හරියට ඉන්දීය කණ්ඩායමේ කළමනාකරු වගේ නේ. රුවන් කියලා නම තිබ්බට ඔයා ලංකාවට ආදරේ කෙනෙක් නෙමේ. ඔයා ඉන්දියාවට ආදරේ කෙනෙක්.(නදී)
රුවන් ඉන්දියාවට ආවඩන කෙනෙක්.(නදී)
සුභපැතුම්
අසංක ඔයා හරියට හරි. රුවන් නම් ලංකාවේ කෙනෙක් කියල මම හිතන්නේ නෑ. තරංග තමා හොදම ආරම්බක පිතිකරුවා. එයාගේ ක්‍රිකට් ඉතිහාසය බලන්න.(නදී)
ලංකා කණ්ඩායමට සුභපතනවා (දී)
නියමි කොල්ලෝ ඔහොම යන් අපේ උණුසුම් සුබ පතුම්. (ත)
රුවන් ඔයා ලංකාවේද......? (නි)
ශ්රී ලංකා කණ්ඩායමට අපගේ උණුසුම් සුබ පැතුම්...! ඉදිරි තරග ජයගැනීමට ශක්තිය ලැබේවා! (නි)
ජයවේවා අපේ කට්ටියට (දී)
අපේ කොල්ලන්ට සුභපතනවා
එතකොට ICC කප් එක ඉන්දියාවට කීයටද වික්කේ? (දී)
අපගේ සුබ පැතුම් ඉන්දික, ඔබ හරි (නි)
ගාමිණී, ලංකා කණ්ඩායමත් සමග ICC පැරදුනු වෙලාවෙත් හිටියා කියන්නේ එයා එංගලන්තෙ කෙනෙක් ද (අ)
අනේ මේ බොරු කියන්න එපා.(නදී)
හොද වැඩේ. ඒ ගොල්ලා දිනුවානම් වසලා හමාරයි මෙහෙ අපි.(නදී)
හොද තරගයක් බැලුවා කාලෙකින්.නියමයි. (නි)
එදා අයි සී සී පැරදුන වෙලාවෙත් කණ්ඩායම සමග හිටි අයකු ලෙස අපේ කණ්ඩායමට පළමුවෙන්ම ශුභ පැතුම්! අවසානයේදී මැතිව්ස් පැරදීමට හේතුව සොයාගෙන ඉන්දියාව පැරදුවා වගේම බටහිර ඉන්දියාවත් පරදන්න අද සිටම සැලසුම් කලොත් දින්නන්න පුළුවන් කියන ස්ථිර අධිෂ්ටානයෙන් ක්‍රියා කලොත් දිනන්න පුළුවන්. හැබැයි මේ දෙන්නා ඊලග එකෙත් මේ විදියටම ගහයි කියලා නොසිතා කණ්ඩායමේ අනෙක් අයත් තම යුතුකම විශේෂයෙන් නවකයන් ඉටු කලයුතුයි. අපි 96 ලෝක ශුරයෝ වෙද්දී එකොලොස් දෙනාම එකවගේ ක්‍රීඩා කලා කැපවීමෙන්. අද නවකයන්ට තම හැකියාව පෙන්වීමට මෙය හොඳම අවස්ථාවක් කර ගත යුතුමය. නැතිනම් සනත් ජයසුරියල, අර්ජුනලා, අරවින්දලා නැවත කැඳවන්න වෙයි මීළඟ ලෝක කුසලානෙට. (නි)
සනත් වැනි පිතිකරුවක් තාමත් නැ.උපුල් ඔබේවෑයම සර්තකයි නමුත් සනත් වැනි දැවන්තයෙක් විය නොහැකියි. සමාවන්න මට ඔබට ශක්තිය ලැබේවා (අ)
මේ ශක්තිය හැමදාම තියා ගන්න බලන්න ඔබට ජය වේවා!(නදී)
මම උදේ තුනහමාර වෙනකන් හිටිය අපි ඉන්දියාව පරද්දනකන්. අපේ කොල්ලෝ දැන් පස්සට යන්න එපා. (ත)
දෝනි හිටියේ නැති එක අපිට වාසියක් වුණා. (ත)
අනේ තරංග පළමු බෝලේටම දැවී ගියානම් මම සතුටුයි. දැන් ඉතින් අනිත් තරග වලටත් දමයි. මෙයා අන්තිමට ගැහුවට මුලදී හොඳට බෝල කනවා. තව මම හිතන්නේ ඉන්දියාව වුවමනාවෙන්ම මැච් එක පරාද වුනා කියලා. මොකද ඉන්දීය ටීම් එක ඇතුලේ ප්‍රශ්න ගොඩයි (නි)
මෙයාලව වර්නනා කරන්න බැහැ. කපප් 1 ගන්නකම් වර්නනා කරන්න නරකයි. නැත්නම් මෙයාලා මානසිකව වැටෙනවා (නි)
උපුල් තරංග සමග කුසල් ජනිත් ඕපන් කරලා මැතිව්ස් , සංගා,මහේල ,දිල්ෂාන් තිසර, කුලසේකර ,සචිත්‍ර,හේරත් .සහ මාලිංග ,කොහොමද? මේ ටීම් එක එක් දින තරගය සදහා හොදනම් ජයසුරිය මහත්මයට අපි දෙමු ,තිරිමාන්න සහ චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමට විතරක් තියන්න ඕනා කියලා.(නදී)
දිනපු එකට සුභ පැතුම්, ඒ වුනාට ඉදිරි දවස් ටිකේ ජීවිතය හරියට තියාගෙන හිටියොත් ඉතිරි තරඟ ටිකත් දිනාගන්න පුළුවන්, අර අපේ ඒ ටීම් එකේ අයවගේ බීල කාලා පිස්සු නටයිද දන්නේ නැහැ (නි)
අසංග, මම ඉන්නවා. මට තියන ප්‍රශ්නේ, මේ ගොල්ලෝ මේ විදිහට සෙල්ලම් කලේ නැත්තේ ඇයි කියලා. (නි)
අපට ඉන්දියාව පරදවන්න බැරි ඇයි කියලා හිතාගන්න බැහැ කියපු මැතිව්ස් දැන් මොකද කියන්නේ? මහේලව අයි සී සී තරඟ වලදීත් මුලින් නොඑවීම. මොකද මහේල කියන්නේ ප්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කල හැකි එඩිතර ක්‍රීඩකයෙක්.එය අද නැවත ඔප්පු කලා. ඉන්දියාව පරදවන්න පුලුවන් වුනානම් බටහිර ඉන්දියාව පරදන්න බැරි ඇයි කියලා මැතිව්ස් හිතුවොත් අපට ඒකත් දිනන්න පුළුවනි. (නි)
ඊලග මැච් එකේදී බඩ පූරා කන්න ලැබේවි. කලබල නැතුව ඉන්න ... (නි)
මැච් දිනුවට පස්සෙත් අවලාද කියන අයනේ ඉන්නේ. සංගා 3 ට නොඑවිමත්, මාලිංග 2 ට පන්දු නොයැවීමත් ජයට වැඩිපුර හේතු වුනා. (නි)
අපේ සිංහයෝ ඉන්දියාවට දුන්නා අවුරුදු ගානකට අමතක නොවෙන්න. ඉතිරි තරග පැරදුනත් කමක් නැහැ සෝබන ඉන්දියාවට ගහලා (නි)
අපේ තරිඳු මැච් 1 බලනවද දන්නෙ නැහැ (නි)
උපුල් තරංගට බැනපු අය අද ඔහුව අගයන්න එපා ලැජ්ජයි (දී)
මහේල, තරංග ඇතුළු සමස්ත ශ්‍රී ලංකා පිළට මගේ උණුසුම් සුභ පැතුම්! කලාතුරකින් දකින විශිෂ්ට පිති හරඹයක්. (නි)
අපේ කොල්ලෝ දුන්නා ඉන්දියාවට දුවන්න (නි)
ඉන්දියාවට දුවන්න දුන්නා (නි)
ලංකා තරංග ඉන්දියා තරංගට වඩා ප්‍රභලයි (නි)
උපුල් තරංග දක්ෂ පිතිකරුවෙක්. ඒ බව ඔහු එක් දින තරඟවල ලබා තිබෙන ශතක 13න් ඔප්පු වෙනවා. කාලයක් ඔහු ලකුණු අතර නොසිටි බව ඇත්ත. නමුත්, නියම පිතිකරුවකුගේ ස්වභාවය විය යුත්තේ පිටියේ සැලකිය යුතු වෙලාවක් රැඳී සිටියේ නම් ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමයි. නැතුව, පන්දු අපතේ යවමින් 30 ට 40 ට දැවී යාම නෙමෙයි. (නි)
ඉන්දියාවට කාලෙකින් හොද තරගයක් (නි)
මහේල ,තරංග, ඔබ දෙපලගේ ක්‍රීඩා ඉනිම නිසා ශ්‍රී ලංකාවට නිසැක ජය! (නි)
ඉන්දියාවට රිදෙන්න ගහපු එක නියමයි (නි)
සුපුරුදු තැන්පත් විලාශයෙන් පන්දු යැවූ රංගන හේරත් වැඩි සද්දයක් නොකරම කඩුලූ 3 ක් දවාගත්තේ ඔහු විසින් යවන ලද පන්දු 60 න් ලකුණු 37 ක් පමණක් ලබාගැනීමට ඉන්දියානුවන්ට අවසර දෙමිනි. ලසිත් මාලිංග සහ සචිත‍්‍ර සේනානායකද කඩුලූ දෙකක් බැගින් දවාගත්හ. (නි)
උපුල් තරංග ඉතා දක්ෂ ලෙස තේරීම් කමිටුවට උත්තරයක් දුන්නා. මෙයයි සිදුවිය යුත්තේ.(අ)
අපීට සනත් ජයසුරිය කොපී කැට් අවශෂ නැත, ඕනේ තමන්ගේම අනන්‍යතාවයක් ඇතී උපුල් තරංග වැනි ක්‍රීඩකයන් ය.(අ)
ඔය එක තරගයකදී දෙකකදී දක්ෂතා දක්වලා පුම්බගෙන ඉන්න අලුත් ක්‍රීඩකයන්ට මේවා හොද පාඩම්. (නි)
උපුල් තරංග අයි.සී.සී ශුරයන්ගේ කුසලානයට දැම්මම නම් කියන අයට කියන්න තියෙන්නේ එකම දෙයයි.උපුල් තරංග ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක් බව ඇත්ත. ඒත් තම දක්ෂතා එක දිගට තියාගන්න බැරි වුණාම, තරගවලදී දිගින් දිගින් දිගටම අසාර්ථක වෙනකොට තේරීම් කමිටුවටත් කරන්න දෙයක් නැහැ. ඔය දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, කුසල් ජනිත්ලාටත් ඕක වෙන්න වැඩි කාලයක් නැහැ. (නි)
එතකොට ICC කප් එක උඹලා ඉන්දියාවට කීයටද වික්කේ?(අ)
උපුල් තරංග කාලයක් හොදටම අසාර්ථක වුනා. දැන් ආයිත් හොදින් ක්‍රීඩා කරන ආකාරයයි පෙනෙන්නේ. (නි)
තරංග, තවත් ඉදිරියට යාමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
නිමන්ති ,2006 උපුල් තරංග අදවත් බලා ගන්න.174 නොට් අවුට්.ඔන්න දැන් තරංගට බැන්න උදවිය ඒවා අමතක ගානට අදහස් දේවි. ශූරයන්ගේ කුසලානේටත් තරංග ගියා නම් තත්වේ මීට වඩා වෙනස්. තරංග ගැන නොදන්නා කට්ටිය අද බලා ගන්න ඇති.මහේලත් දුන්නා උණ ගැනෙන්න. මම හිතනවා අපි අද දිනයි කියලා.ඒත් බලමු. අනාවැකි කියන්න බැහැනේ.අපේ කොල්ලන්ට වැටුන ඕනෑ වෙලාවක ඉක්මනට නැගිටින්න පුළුවන්. ඒක දැනට ඔප්පු කරලා ඉවරයි.අපේ කොල්ලන්ට ජය වේවා! (නි)
ඉතා උසස් ගනයේ ජයග්‍රහණයක් ,ලෝකයේ සිටින ප්‍රබලම කණ්ඩායම අපේ කණ්ඩායමයි.ජයවේවා! (නි)
ආයිත් ලංකාව ඉන්දියාවට පරාජය වෙන්නේ නැහැ. දැන් ඉතින් දිගටම ලංකාව හමුවේ ඔය ටික තමයි ඉන්දියාවට වෙන්නේ (නි)
මේ දවස්ටිකේ මුන්ට තිබුණු විසේ...(අ)
උපුල් ට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.(අ)
සෙමින් ඉපිලිනු කෙටි තරංග වලින් පසුව ඉපිලිනු ප්‍රචණ්ඩ තරංගයෙන් මුළු භාරතයටම බරපතල හානි ගෙන එන ලදී (නි).
නියමයි (නි)
ඉන්දියාවේ අය දැන් කියාවි දෝනි නැති නිසා පැරදුනා කියලා..... (නි)
කට්ටිය මොකද කියන්නේ, ඊයේ මැච් එක අපි ගැහුවේ නියම විදියට (අ)
ඉන්දියාව සල්ලි අඩුවෙන් දීල තියෙන්නේ මේ පාර ....(අ)
කෝ දැන් අපේ කොල්ලන්ට දොස් කියපු අය. ඒක තමයි කියන්නේ ජය පැරදුම දෙකම බාරගන්න ඕනෑ කියලා.අසේල නිකන් බුරන්න එපා. අපේ කොල්ලෝ කවමදාවත් තරඟ පාවා දෙන්නේ නැහැ ඉන්දියාවේ ක්‍රීඩකයෝ වගේ. දෙයක් අගය කරන්න පුරුදුවෙන්න.අපේ කොල්ලන්ට ජයවේවා. (නි)
2006 දී දැක්ක උපුල් තරංග නම් කාලෙකින් දැක්කේ න. දැන් ඉන්න තරංග නිකන් එලියට යන බෝලෙට බැට් එක දානවා විතරයි (අ)
ශ්රී ලංකා කණ්ඩායමට අපි මුළු හදවතින්ම සුබ පතමු (නි)
ඉන්දියාවට කොච්චර පරාද වුණත් අපේ අය ගහන දවසට වාර්තා පිට වාර්තා තියලා තමයි ගහන්නේ (නි)
උපුල් තරංග නිශ්ශබ්ද දක්ෂයෙක් (නි)
රට ගැන හිතුවම සතුටුයි. ඒත් තව අවුරුදු 2-3 එන වර්ල්ඩ් කප් එක ගැන හිතනකොට නම් කනගාටුයි. අපේ අය තම හිතන්නේ අද ගැන විතරයි. ඇයි අපිට බැරී ඉදිරි අවුරුදු 2-3 ගැන හිතලා තරුණ කණ්ඩායමක් හදන්න. (නි)
දෝනිගේ අඩුව හොදටම දැනුනා. කණ්ඩායමක් දිනන්න හොද නායකත්වයක් ඕනෑ. අපි ගොඩක් තරග පරදින්න හේතුවත් එයයි (නි)
අපේ කට්ටිය නම් හැදෙන්නේ නැහැ. ඉන්දියාව 348 ගහනකල් මැතිව්ස් ඔහේ බලාගෙන හිටියා. කෝලි 174 ගහනකල් මාලිංග පොල් ගෑවා .පිතිකරණ අංශය ඉතාම දුර්වලයි .අපි 187 ට ඉවරයි.ඉන්දියාව එක්ක අපිට නම් කවදාවත් දිනන්න බැහැ (දී)
ගහන්නගහන්න දුවන එකා මෝඩයනේ, ආපහු හැරිලා අපේ උන් දුන්නා දුවන්නම (නි)
එදා සංගා, තිරිමාන්න ක්‍රිකට් එපා කලා. අද උපුලුයි මහේලයි ආයෙත් අපිට ක්‍රිකෙට් ඕනෑ කෙරෙව්වා..ලංකාවට සුබ පැතුම්! බොරුවට කකුල් වෙව්ලවා ගන්නේ නැතුව බය නැතුව අත දිග ඇරලා ගහන්න, එදා සනත්ලා ගැහුවා වගේ..එහෙම ගහලා පරාද වුනත් කමක් නැහැ (නි)