43 අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පසුගිය රජයෙන් ඉවත් කළ ආකාරය නීති විරෝධී හෙයින් ද, 44 වැනි අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් පත් වීම ද ඒ නිසා නීති විරෝධී වන හෙයින් ද ස්වාධීන අධිකරණයක ආලෝකය දැල්වීම සඳහා නීති විරෝධී පදවියෙන් ඉවත්ව යන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැති මොහාන් පීරිස් අගවිනිසුරුට ලිපියක් යවා ඇතැයි නීතීඥ එකමුතුවේ කැඳවුම්කරු ජේ සී වැලිඅමුණ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු කුටිය ඉදිරිපිට දී ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ ශිරාණි බණ්ඩාරනායක 43 වැනි අගවිනිසුරුවරිය වැඩ භාර ගෙන අදම විශ්‍රාම යෑම සඳහා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණෙන බවයි.
පසුගිය රජය ඇය සේවයෙන් පහ කළේය.
නීතීඥවරු සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු ද ඇය පිළි ගැනීම සඳහා අලුත්කඩේ උපරිමාධිකරණයේ රැස්වී සිටිති.
අලුත්කඩේ අද උද්ඝෝෂණයක් පැවැතිය ද අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදු විය. අගවිනිසුරු මොහාන් පීරිස් පැමිණ සිටි බවක් දක්නට නොලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා මැතිනියනි. (නදී)
අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් තියෙද්දී නිත්‍යානුකුලව විධායකය හා වයවස්තාදායකය මගින් ඉවත් කර තියෙද්දී මෙයා කොහොමද දවසකටවත් අග විනිසුරු වෙන්නේ. හරි හරි මේ යහ පාලනයනේ. අමතක උනා යහපාලනේදී එහෙම තමයි වෙන්න ඕනා. (නදී)
එතකොට මොහාන් පීරිස් මහත්තයා දීපු තීන්දුත් නීති විරොදියි නේද එතකොට ඒවට මොකද වෙන්නේ (නදී)
මම නම් මේවාට මොකුත්ම කියන්නේ නැහැ ඔන්න (නි)
මෙහෙම අගවිනිසුරු කෙනෙක් ගෙදර යවන ක්‍රමවේදයක් ව්‍යවස්ථාවේ තිබෙනවද? (නි)
අනේ අපේ රටේ නීතිය! (නි)
කවුරු මොනවා කළත් අන්තිමේදී මේ රටේ නීතිය බුලත් හපයක් වගේ වෙලා අවසානයි (නි)