IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ශිරාණිට නීතීඥවරු 100ක්

හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට චෝදනා ඉදිරිපත් කිරීම සඳහා කල් අවශ්‍ය බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ කරුණු දැක්වීය.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පැමිණ සිටියාය.

වත්කම් හෙළි නොකළැයි ඇයට එරෙහිව චෝදනා ගොනු කිරීමට පරිගණක සාක්කි ලබා ගැනීමට ඇති හෙයින් කල් දෙන්නැයි රත්නායක මහතා ඉල්ලා සිටියේය.

බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් අඩු ගණනේ නීතීඥවරු සියයක් පමණ පෙනී සිටියහ.

ඇගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා පැවසුවේ සත පහක මුදලක් නැති ගිනුමක් සම්බනධයෙන් ඇය වැරදි කාරිය වුවද දඩය රුපියල් දහසක් වනු ඇති බවයි. මෙය හුදෙක් පලි ගැනීමේ චේතනාවෙන් පවරන්නට යන නඩුවක් බව ද ලද්දුවහෙට්ටි මහතා කරුණු දැක්වීය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් එහි සභාපති උපුල් ජයසූරිය, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර ශ්‍රීනාත් පෙරේරා මහත්වරුන් පැවසුවේ පළිගැනීමේ චේතනාවෙන් පවරන්නට යන මේ නඩුවෙන් හිටපු අගවිනිසුරුවරියට යුක්තිය හා සාධාරණය ඉටුවේදැයි සොයා බැලීමට ජාත්‍යන්තර නීතිවේදීන් සමග ක්‍රියා කරන බවයි.

බණ්ඩාරනායක මහත්මියගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය ඇගේ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට ගත්තේය.

විදෙස් ගමන් අවශ්‍ය වුවහොත් අධිකරණයෙන් අවසර ගත යුතු යැයි ද ඇයට දැන්විණි.

ලබන පෙබරවාරි 19 වැනිදාට නඩුව කල් තැබිණි.

 



අදහස් (0)

ශිරාණිට නීතීඥවරු 100ක්

ප්‍රසාද් Monday, 16 September 2013 02:15 PM

මටත් තියෙනවා අඩුගානේ බැංකු ගිණුම් 6ක් වත් ඔය එකක වත් රුපියල් 100ක් වත් නැහැ මේවා හොද වැඩ නම් නොවේ (දී)

:       0       0

කපිල Tuesday, 17 September 2013 08:46 AM

එදා කරපුදේ හරි කියල අද ඔබතුමියට තිතෙනවද (එදා සෙනහෙන් නොබැදුනනම් මෙදා වියෝවක් නැ..) (අ)

:       0       0

තාරක Monday, 16 September 2013 02:15 PM

අපිට මොකද අනේ ඔය කාටවත් රට යන්න බැරි කළා කියලා (දී)

:       0       0

වරුණ Monday, 16 September 2013 07:35 PM

කෝ අපේ උගත් පිටිගල මහත්මයා මුකුත් දාලා නැහැනේ. (නි)

:       0       0

සජිත් පුෂ්ප කුමාර් Monday, 16 September 2013 02:16 PM

මේ ප්‍රශ්නයේදී හොදම දේ තමයි අපි මේ ගැන කතා නොකර ඉන්න එක (දී)

:       0       0

ලෙස්ලි ලෝව් Monday, 16 September 2013 07:52 PM

මර්සි ලංකා මහත්මිය, ඔබ කියන දෙය ඔප්පු කරන්න ඔබට සාක්ෂි තිබෙනවද ? (නි)

:       0       0

කුමාර Monday, 16 September 2013 07:55 PM

මටත් පෙනෙන්නේ මෙතන තිබෙන්නේ කිසියම් දේශපාලන වියවුලක් බව.මුදල් නැත්නම් මොකට ගිණුමක් තියාගෙන ඉන්නේ? (නි)

:       0       0

ටෙනිසන් Monday, 16 September 2013 08:02 PM

මර්සි මහත්මිය වැරදියි කියන්න ලෙස්ලි ලොව් මහත්මයාට තියන සාක්ෂි මොනවද? (නි)

:       0       0

ශාන් Monday, 16 September 2013 02:30 PM

අර සුධර්මන් රදලියගොඩ මහත්තයව අධිකරණයට ඉදිරපත් කරන්න එයාගේ කාර්යාලයට යන පර ලංකාවේ පොලිසියට පෙන්නන්න කවුරුවත් නැද්ද හැබැටම (දී)

:       0       0

සුනෙත් Monday, 16 September 2013 08:05 PM

ලෙස්ලි මහත්තයා, අපිට පොඩ්ඩක් කියනවද සත පහක් වත් නැතුව බැංකුවක ගිණුමක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. නිතිය පිළිබද නොදන්නාකමට ඇහුවේ. (නි)

:       0       0

ශිරෝමි Monday, 16 September 2013 02:39 PM

සැමදා නියං එකදා වැහි වලාවේ ..... !(දී)

:       0       0

සනත් Monday, 16 September 2013 08:15 PM

මේක හරියට මැරෙන්න ගගට පැනල බේරගන කියනවා වගේ වැඩක් නේ.(අ)

:       0       0

චන්දිමාල් Monday, 16 September 2013 08:19 PM

මේවා ගැන කතා නොකරමු කියන අයට කියන්න තියෙන්නේ එක දෙයයි.එහෙම නිහඩව සිටියොත් ඔබලාට අසාධාරණයක් උන දාට කව්ද ඉන්නේ? (අ)

:       0       0

සුනෙත් Tuesday, 17 September 2013 10:08 AM

ටිකිරි මහත්තයා කියන විදියට කොමිස් නොගහා සල්ලි ඉතුරු කරලා බැංකු පුරවලා ගිය ආණ්ඩු තිබුන කාලය පහුකරගෙන තමා අපි මේ අවේ... (නි)

:       0       0

ආසිරි Tuesday, 17 September 2013 10:15 AM

පෙරකදෝරුවෝ 100 තියා 1000 පිරිවරා ගෙන ආවත් වැරදි කළහම දඩුවම් විදින්න වෙනවා.ඕවා ගැන හිතන්න තිබුනේ වැරදි කරන්න කලින් (නි)

:       0       0

දර්ශන් Monday, 16 September 2013 08:54 PM

ආසියාවේ ආශ්චර්යය මේක තමයි (නි)

:       0       0

ප්‍රේමලාල් Monday, 16 September 2013 08:58 PM

අහිංසක මිනිහෙක් උසාවි ගියා නම් නොමිලයේ කතා කරන්න එක් පෙරකදෝරුවෙක් එන්නේ නැහැ.මේකට සීයක්ම ඉදිරිපත් වෙලා.. (නි)

:       0       0

අනුර නාවලපිටිය Monday, 16 September 2013 03:04 PM

රත්නායක ඔයාගේ කතාව හරි (දී)

:       0       0

කුමාරිහාමි Tuesday, 17 September 2013 04:08 PM

ඔයා ළග ඉන්න ගැහැණු ළමයා කවුද? (නි)

:       0       0

මර්සි ලංකා Monday, 16 September 2013 03:06 PM

බොහෝ දෙනෙකු රාජ්‍ය විරෝධී අදහස් දමන්නේ වැටහීමක් නොමැතිව . මෙම ශිරාණි බලයේ ඉන්න කාලයේ එයාගේ සැමියා මාර්ගයෙන් ඉමහත් මහජන මුදලක් සපයා ගෙන තිබෙනවා . මෙයා සුදනෙක් වෙන්න ගියාට එහෙම කෙනෙක් නෙමේ .නමුත් මෙවෙලේ මෙයාගේ පිටුපස රජය කඩා බිම දමනට අවශ්‍ය කොටස් සහ විදේශ රාජ්‍ය නොවන සංවිධාන සිටිනවා . එමෙන්ම සදාචාරාත්මක නොවන සමහර මාධ්‍ය මෙයාව පුම්බා විකෘති කරන ලද ප්‍රවෘත්ති දමනවා. මෙතන තිබෙන්නේ එකම කාසියේ දෙපැත්ත . රාජ්‍ය විරෝධී බවත් විපක්ෂයට ලැදී කමත්ය . මෙම රජය පෙරලා එජාපය ආවත් සිදුවන්නේ මෙවැනි ක්‍රමයක්ම තමා . බලයට තිබෙන අසාවල් මත අදහස් විකෘති කරන හොර මැරකම් කරන අයව සුද්ද කරනා කාලයක් අද (ස)

:       0       0

කමල් Monday, 16 September 2013 09:14 PM

මෙච්චර කාලයක් හම්බ කරලත් අතේ සතයක් නැහැ.? පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා... (නි)

:       0       0

සෙනෙවි Tuesday, 17 September 2013 10:51 AM

රටේ නීතිය සෑම පුරවැසියකුටම සමාන විය යුතුයි.යුරෝපයේ ඇමෙරිකාවේ හිගන්නාටත් ජනාතිපතිගේ දරුවන්ටත් එකම ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ. (නි)

:       0       0

රොෂාන් Monday, 16 September 2013 10:47 AM

සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන් සදාචාරෙ මකබෑවී ගියාදේන්// සංස්කෘ‍ති‍ය‍ වල පල්ලට ගියාදේන් අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං// (දී)

:       0       0

මොහාන් Monday, 16 September 2013 03:14 PM

මෙයා නම් කලබල වෙන පාටක් නැහැ . නියම වෙලාව එනකම් බලා ඉදිවගෙයි (අ)

:       0       0

සෙන්තිල් Monday, 16 September 2013 09:20 PM

තව මාස පහක් කල් තිබෙනවානේ. (නි)

:       0       0

ලාල් Monday, 16 September 2013 09:20 PM

සාධාරණයද? බලමු (නි)

:       0       0

චානක Monday, 16 September 2013 03:17 PM

ලෙව කන්න දෙනවා නම් තොපිට, හොඳ හැටි බොන්න දෙනවා නම් අතේ සල්ලි වලට, මොන කෙන් ගෙඩියද තව ඕනේ කියන්නෙඑඑඑ ! (ස)

:       0       0

රනා Monday, 16 September 2013 03:20 PM

මොනවා උනත්.. මෙයා බබා වගේ හිටියට හොඳට සුද්දෙ දාලා තියෙනවා. මගෙත් බැංකු පොත් ගොඩක් තියෙනවා. ඒත් එක සතයක් වත් නැහැ. බයත් හිතෙනවා. (ස)

:       0       0

ජීවා Monday, 16 September 2013 03:24 PM

කාගේ කාගේ කිල්ලොටවලත් හුණු තියනව. (අ)

:       0       0

දොන් සරත් Monday, 16 September 2013 11:11 AM

පලි ගන්න කරන වැඩ වලට අපි සම්පුර්ණ විරුද්ධයි.ඒත් ඉතින් ඉල්ලන් පරිප්පු කන එකට කවුරුත් මොනවා කරන්නද ? (ස)

:       0       0

හ.ප්.බ.රන්ජිත් Monday, 16 September 2013 11:13 AM

අනේ රටකට ගිය කලක්

:       0       0

කලන Monday, 16 September 2013 11:13 AM

මේ කාන්තාවට තෙරුනේවත් නෙද්ද රටින් යන්නවත් මීට ඉස්සෙල්ල. දැන් ඉතින් හිර බත් තමයි, අපේ මෝඩ මිනිස්සු තව මේ අයට චන්දෙ දීපල්ලා. (දී)

:       0       0

ලාල් සුරන්ජිත් Monday, 16 September 2013 11:14 AM

මෙවැනි අධාර්මිෂ්ටියන්ගෙන් පිරි සෑම නරක වැඩක්ම කරමින් තම මඩිය තර කර ගනිමින් අහිංසක රට වැසියන්ව මුලා කරමින් ඔවුන්ගේ ඡන්දය රැගෙන රට ආර්ථිකව හා සමාජීයව විනාශ කරන මෙවැනි රටක මමවත් මගේ දෙමාපියෝවත් දරුවන්වත් නැවත නොපිදේවා !!!! (ස)

:       0       0

ටිකිරි බණ්ඩාර Monday, 16 September 2013 10:10 PM

ලෝකයේ ඇති දූෂිතම රටක් ලංකාව. පාලකයාගේ වාර්ෂික වියදම රුපියල් කෝටි 800යි. මිලියන පහක් දරුවෝ ඉගෙන ගන්නවා. අධ්‍යාපනයට මිලියන 6000 යි. පාසල් 2000ක් වැහිලා, පන්සල් 2000ක් වැහිලා. මේක මන්ද බුද්ධික චින්තනයක්.කාපට් පාරවල් හදනවා. පාලකයන්ට සියයට 60ක් කොමිස් යනවා. (අ)

:       0       0

උපාලි Monday, 16 September 2013 11:18 AM

රුපියල් 1000 ක් දඩයක් නියම කල හැකි නඩුවකට නීතිපතිම මැදිහත් වෙනවා ඇ? මේ අනුව එල්ලුම් ගහ නියම කල හැකි ලොකු කට්ටියට නඩු පවරන්න එක්සත් ජාතීන්ගෙන් නීතිපතිවරු කණ්ඩායමක් ඉල්ලන්න වෙයි නේද? "නීතිය ඔලු දෙකේ බුරුවෙකි". (ස)

:       0       0

නසාර් Monday, 16 September 2013 11:19 AM

මහ මුහුද නරි වලිගෙන් ඉහින්නද හදන්නේ කවදාවත් වෙන්නේ නැති වැඩක් අනේ පව් ....... (ස)

:       0       0

ජගත් liyanage Monday, 16 September 2013 10:20 PM

එංගලන්තයේ යකඩ ස්ත්‍රිය මාගරේට් තැචර් නම් ලංකාවේ යකඩ ස්ත්‍රිය ඔබයි. ඔබට ජයෙන් ජයම වේවා. (අ)

:       0       0

සුනිල් Monday, 16 September 2013 10:26 PM

කළකම් පලදේ ,කරන කලට පව් මීරිය මීසේ ,විඳින කලට දුක් දෙඩි වෙයි ගිනිසේ (අ)

:       0       0

වසන්ත Thursday, 19 September 2013 07:53 AM

මම දන්නා විදිහට නම් වත්කම් ප්‍රකාශනයේදී ගිණුමේ ශේෂය අදාල නැහැ. ගිණුමක් ඇති බව ප්‍රකාශ කිරීමයි වැදගත් (නි)

:       0       0

රොෂාන් Monday, 16 September 2013 11:25 AM

දොන් සරත්, ඔබ කියන්නෙ මූලික අයිතිවාසිකම් වලට පටහැනි ජන නැගුම පනතට එකඟව නඩු තීන්දුව දෙන්න තිබුනෙ කියලද? (දී)

:       0       0

මර්සි ලංකා Monday, 16 September 2013 10:35 PM

සමාවන්න මගේ පරතිචාරය ටෙනිසන් මහතාට නොව .ලෙස්ලි මහතාටය . (අ)

:       0       0

කුමාරිහාමි Tuesday, 17 September 2013 04:54 PM

පල්ලුවේ මල් මෝස්තරේ ලස්සනයි. ඒත් මොකද මේ කළු ඇඳගෙන? (නි)

:       0       0

යමුනා Monday, 16 September 2013 11:35 AM

ශ්‍රියානි මහත්මිය ගැන කනගාටුයි (දී)

:       0       0

චානා Monday, 16 September 2013 10:36 PM

ලෙස්ලි ලෝර්ඩ් මහතයෝ දිකිරට බළලුත් සාක්කි , කියන්නේ ඇත්ත නේද? (අ)

:       0       0

ලුම්බිණි Monday, 16 September 2013 11:36 AM

මේ කන්දත් අපේ තමයි අර කන්දත් අපේ තමයි කඳු යායම අපේ තමයි අපේ රාජ්ජේ. (ස)

:       0       0

කසුන් Monday, 16 September 2013 04:07 PM

එතුමිය හිනා වෙනවා..අපේ සමහරු පපුව පැලිලා මැරෙන්න හදනවා.. (ස)

:       0       0

සිංහලයා Monday, 16 September 2013 10:45 PM

මර්සි ලංකා ආණ්ඩුවට හොදට කඩේ යන කෙනෙක් වගෙඉ පෙන්නේ මොනවා උනත් සරත් ෆොන්සේකා මහත්මයට සිරනි බණ්ඩාරනායක මත්මියටි කරපු සහ කරන දේවල් ගැන අපි කම්පා වෙනවා ශ්‍රී ලාංකිකයන් විදියට බලමු ඉදිරියට අපේ රටට වෙන දේ එදාට මර්සි ලංකා තේරුම් ගනීවි (අ)

:       0       0

ගමගේ Tuesday, 17 September 2013 05:03 PM

කරන කලට පව් මීරිය මී සේ,විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ... මේ තත්වය උදා වුණේ ඔබතුමියගේම වරදින්ය (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 16 September 2013 11:41 AM

කවදද අපේ රටේ යහපතක් ඇතිවන්නේ? හැමදේම වචන වලට විතරක් සිමා වෙලා ..හැමතැනම යුක්තිය අසාදාරනය රජකරනවා.

:       0       0

සමන්ත Monday, 16 September 2013 04:14 PM

ඕක තමා කියන්නේ සල්ලි හම්බ උනාම පරෙස්සමෙන් වියදම් කරන්න කියලා.. (ස)

:       0       0

හේමන්ත Monday, 16 September 2013 11:56 AM

මේවත් නඩුද? කෝටි ගණන් කුඩු ඇල්ලුවා. රත්තරන් ඇල්ලුවා. නඩු කෝ. (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 17 September 2013 12:25 PM

පුංචි ටිකිරිගේ හිතේ තියෙන කුහකකම කුඩු කේඩුකම වෛරය අදහස් වලින් බේරෙනවා. (නි)

:       0       0

සුමිත් Monday, 16 September 2013 04:27 PM

කඩේ ගියපු මනුසයෙක්ගේ ගිණුමේ සතයක් වත් නෑ කිවුවම ඒකත් ප්‍රශ්නයක් තමා. (ස)

:       0       0

කුමුදු ඉතාලිය Monday, 16 September 2013 11:08 PM

මෙයා වටේ අද ටයි කෝට් ගසා ඉන්න සමහර නීතිඥවරු එයට සුදුසු නැහැ. මොවුන් ඒවා පැළඳීමට සුදුසු අය නොවේ . මුදලට වාසියට තම ශරීරය උනත් දෙන ජාතියක් අද සිටින නීතීඥවරු . එහෙත් සියල්ලෝ නොවේ. අන්තිමට සරත් පොන්සේකාට වෙච්ච දේ වෙයි.(නදී)

:       0       0

මාගරී Monday, 16 September 2013 04:44 PM

රටේ පවතින නීතියට අනුව දෝෂාභියෝගයට මුහුණ දෙන්න බැහැ කියාපු එයා ගැන දැන්නම් අපිටත් නොයෙක් දේ හිතෙනවා (නි)

:       0       0

ටෙනිසන් Monday, 16 September 2013 04:46 PM

හුගත් උගත් නෝනා කෙනෙක් ටිකක් උගත් අපිටත් මෙහෙම කරන එකයි දුක. (නි)

:       0       0

දිනේෂ් Monday, 16 September 2013 12:27 PM

ශ්‍රියානි මහත්මිය අතිනුත් වැරැද්දක් වෙලා තියෙනවා. මොකද කවුරුත් ඒ ගැන කතා කරන්න අකමැති? තමන් වරදක් නොකර නම් කලින්ම තමන්ගේ වත්කම් හෙලි කරා නම් මේ මොන ප්‍රශ්නයක්වත් නැහැනේ. එයාගේ මහත්තයාගේ නඩුවට තමන් යටතින් නීතීඥ සහය ලබාදෙන එක වැරදි නේද? (ස)

:       0       0

සුනෙත් Monday, 16 September 2013 12:31 PM

සත පහක් වත් නැතේ ඊට කලින් සල්ලි ගත්ත නිසා නේ..එක නේ මේ ප්‍රස්නේ.. (දී)

:       0       0

සමීර Monday, 16 September 2013 12:33 PM

මට දුක මගේ රට ගැන රටේ නම කැත වෙන එක විතරයි වෙන්නේ (දී)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 17 September 2013 12:08 AM

මෙතුමියට කලින්ම ලොකු රටක තානාපතිකමක් දෙන්න ඇහැව්වා.(අ)

:       0       0

සෙනදීර Monday, 16 September 2013 12:34 PM

හරිම දුප්පත් කාන්තාවක් නේ..එසැන පාඨකයනට ගිණුම අංකය දුන්න නම් කියක් හරි ගිණුමට දානවා නේ.. (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 17 September 2013 12:13 AM

හැමෝගෙම හත්මුතු පරම්පරාවේ ගසා කෑම් ගැන හොයන කාලයකුත් කවදා හෝ දවසක එනවා. (නි)

:       0       0

පසිඳු Monday, 16 September 2013 12:36 PM

අපි කියලා මොනවා කියන්නද නෝනා (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 17 September 2013 12:14 AM

සමහරු රටේ මුදල් ගසා කන විදිහට ශ්‍රී ලංකාව මෙහෙමවත් බේරිලා තිබීම ගැන අපි දෙවියන්ට ස්තුති කරන්න ඕනෑ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 17 September 2013 12:17 AM

එංගලන්තයේ යකඩ ස්ත්‍රිය මාගරේට් තැචර් නම් ලංකාවේ යකඩ ස්ත්‍රිය ඔබයි. ඔබට ජයෙන් ජයම වේවා. (නි)

:       0       0

බණ්ඩාර කුමාරි හාමි Monday, 16 September 2013 12:38 PM

මේ සිද්දියේ අවසානය මොකාක් වෙයිද කියලා තමයි අපි බලන් ඉන්නේ (දී)

:       0       0

මර්සි ලංකා Tuesday, 17 September 2013 12:18 AM

මම කාටවත් කඩේ යන්නේ නැත . මම මගේ හැඟීම සහ පසුගිය කාලයේ අත්දුටු දේවල් මත කියන්නේ, මම සිටින්නේත් ලංකාවේ නොවේ. එහෙත් ලංකවේ කවුරුත් එකිනෙකාට 'කඩේ යන' බව වැටහෙනවා. මධ්‍යස්ථ බව පෙන්වමින් කඩේ යනවා. (නි)

:       0       0

සරත් Monday, 16 September 2013 12:38 PM

ලාල් වගේ යන අපේ රටේ නොඉපදෙන එකම තම හොද.. (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 17 September 2013 12:19 AM

කවදා දෝ දවසක රට වනසන පිළිල රටින් ඉවත් වූ විට මිනීමරු ප්‍රබාකරන් මැරුණාට වැඩිය අපි සතුටු වෙනවා.රටම රතිඤ්ඤා පත්තු කරලා සතුටු වෙනවා.බලන්න බොරුද කියලා. (නි)

:       0       0

සුනිල් Tuesday, 17 September 2013 12:38 AM

සත පහක් වංචා නොකළ අයෙක්. අහෝ! ආශ්චර්යය... (නි)

:       0       0

ගයා Monday, 16 September 2013 05:26 PM

නොබියව මුහුන දෙන්න. සත්‍යය ජයගනිවී. (නි)

:       0       0

ජනිතා Monday, 16 September 2013 12:44 PM

අග්‍ර විනිශ්ච කාර වරියට මෙහෙමනම් අනිත් මිනිස්සු ගැන මොන කතාද

:       0       0

ජසිම් Monday, 16 September 2013 12:47 PM

මොනවා කීවත් වැඩේ නම් හරි නැ

:       0       0

චාන් Monday, 16 September 2013 05:42 PM

මෙවර පොටෝ වලට දුවත් පුතාත් එක්වෙලා වගේ. මහත්තයා කෝ? පිරිවර ඉන්නකන් නම් කව්රුත් වීරයෝ. ඉහත අදහස් බලද්දී , හැමෝම හරි හොද අය. දුප්පත් ඡන්දදායකයා තමා හැමදාම වලේ. ඔහොම යමු...... (නි)

:       0       0

නිරාන් Monday, 16 September 2013 05:43 PM

අපිට හරි ආඩම්බරයි රට යන අත ගැන (නි)

:       0       0

නාමල් Sunday, 22 September 2013 01:00 AM

නෝනා මහත්වරැ දැනගන්න දුප්පත් ජනතාව වෙනුවෙන් නොමිලේ පෙනී සිටින්න නීති සහන සේවයක් තියෙන බව මර්සි නමි නියෙමට කටු කනව (අ)

:       0       0

සිසිර Monday, 16 September 2013 05:44 PM

කණගාටුයි (නි)

:       0       0

ලලිත් Tuesday, 17 September 2013 01:23 AM

සාක්ෂි තවම සොයාගෙන නැත. චෝදනා මොනවාදැයි දන්වා දන්වා නොමැත. එහෙත් ගමන් බලපත්‍රය තහනම් කරමින් දඬුවම් පමුණුවා තිබේ. සුද්දා ලංකාවට දැලිපිහිය හඳුන්වා දුන්නත් දැන් එය ඇත්තේ වැරදි පුද්ගලයන් අතේය. (නි)

:       0       0

තුසිත Tuesday, 17 September 2013 01:26 AM

ඒ කාලේ "අනේ නඩුකාර හාමුදුරුවනේ, මට යුක්තිය ඉෂ්ට කරලා දෙන්න" කියලා ඉල්ලපු අහිංසක මිනිස්සුන්ගේ වේදනාව මොන වගේද කියලා මේ නෝනට දැන් තේරෙනවා ඇති. එදා අගවිනිසුරු වෙලා ඉන්න කාලේ සාමාන්‍ය මනුස්සයෙක් මෙයාට කතා කළත් ඒ කතා කරපු කෙනාට හිරබත් කන්න වෙනවා.එහෙත් අද මෙහෙමවත් මෙයා ඉන්නේ ඒ අහිංසක මිනිස්සු නිසා... (නි)

:       0       0

විමුක්ති Monday, 16 September 2013 01:08 PM

අපේ රටට මොන විපතක්ද මේ වෙන්නේ??????? රටේ නීතිය නැති වෙලා

:       0       0

මංගල කොලොන්නාව Tuesday, 17 September 2013 06:43 PM

වැරදී කරේ නැතිනම් බය වන්න උවමනාවක් නැත . එහෙත් නීතීඥවරු සියගානක් සමග සහභාගි වීමේ රහසක් තිබෙයි කියා මගේ හැගිම . ශිරාණි මහත්මිය හිටපු අග විනිසුරු නිසා නිතිය හොඳින් දන්නවා ඇත .අනාගතය මෙයට පිළිතුරක් සපයාවිය කියා මන් සිතන්නේ (අ)

:       0       0

අජන්ත Monday, 16 September 2013 01:12 PM

මේවා ගැන අපි කතා කිරීම වැඩක් නැති වැඩක්

:       0       0

සුනිල් රණසිංහ Monday, 16 September 2013 06:03 PM

දැන් තමා ජනතාව මතක් වෙන්නේ.. (නි)

:       0       0

ගමගේ Monday, 16 September 2013 06:15 PM

මෙච්චර අපරාධ වෙන රටේ, ඔන්න ඔය බැංකු ගිණුම අල්ලලා දාන්න (නි)

:       0       0

අතුල Wednesday, 18 September 2013 02:26 PM

මෙතන වැරදි මෙම හිටපු අගවිනිසුරිය නෙමේ . මේ වටේ සිටින ටයි කෝට් දාපු කට්ටිය . තමන්ගේ බඩගෝස්තරය රැක ගන්න අහිංසකයන් හිරේ යවන . කුඩු කාරයන්, හොරුන්, ලිංගික අපචාර කරන උන්ගේ සල්ලි වලට උන්ව එලියට ගන්න උන් වෙනුවෙන් ඕනෙම බොරුවක් ගොතා බඩ වඩා ගැනීම (ස)

:       0       0

පද්මිණි Monday, 16 September 2013 01:26 PM

රළු සැඩ පාරට හසු වුනු ගල තව ඔප මට්ටම් වී සිනිදු වී නොසැලී තියේවි. ඔබේ හිතත් මලක් නොවී ගලක්ම වේවා!ඔබේ විර්යට කාන්තාවක් වශයෙන් මගේ සුභ පැතුම්!! (ස)

:       0       0

දුරන්ග් Monday, 16 September 2013 01:29 PM

ඕනෑම පුද්ගලයෙකුට ලබා ගත හැකි උත්තරීතර විනිශ්චය වනුයේ "තම හර්ද සාක්ෂියයි " (දී)

:       0       0

ඩෙන්සිල් Tuesday, 17 September 2013 03:54 AM

පිල්ලෙ නෝනලා දහසක් රටට එන එක පුදුමයක්ද? හරි' අපි ජනතා අධිකරණයෙන් ශ්‍රියානි නෝනා වැරදිකාරයෙක් කරන්නම්.පුලුවන් නම් රටේ ඉහළම පුද්ගලයන්න්ගේ වත්කම් ප්‍රසිද්ධියේ හෙළි කරලා දෙන්න. (නි)

:       0       0

ශාන්ත Monday, 16 September 2013 01:29 PM

මේ නඩුවේ අවසානය කාට හරි කියන්න පුලුවන්ද (දී)

:       0       0

ලෙස්ලි ලෝව් Monday, 16 September 2013 06:26 PM

මම උපාධිධාරියෙක් නොවෙයි .නිතිය පිළිබද සාමාන්‍ය දැනුමක් තිබෙන ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය හදාරලා තිබෙන කෙනෙක්.අගවිනිසුරුතුමියට එරෙහිව අදහස් දක්වා ඇති අය කරුණාකර මා සමග ඒ පිළිබදව විවාදයකට එන්න පුලුවන්ද ? (නි)

:       0       0

කුෂන් Tuesday, 17 September 2013 04:45 AM

මම දන්නේ නැහැනේ මෙතුමියට මෙච්චර ලස්සන දුවෙක් ඉන්නවා කියලා. (නි)

:       0       0

ප්‍රියංග Tuesday, 17 September 2013 04:58 AM

මේකත් අන්තිමට ඩයස්පෝරාවේ වැඩක් කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

කින් බෙනට් Monday, 16 September 2013 01:35 PM

චෝදනා නැති නඩුවක් දාලා , චෝදනා කරන්න හදන අයම ඒ වලට කල් ඉල්ලනවා .. එතකම් චෝදනා නැති චුදිතයාට එක එක තහංචිත් පනවලා ... මොන විහිලුවක්ද මේ .. (ස)

:       0       0

රත්නායක Monday, 16 September 2013 01:35 PM

කඩේ යන කල් සුර සැප නොයන කලට කස පහර... (ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 16 September 2013 06:30 PM

ආණ්ඩුවට විරුද්ධව යොදාගන්න පුළුවන් ඕනෑම සාධකයක් වටේ කුණු මස් ගොඩට වට වෙන ගිජුලිහිණි වගේ වටවෙන කොටසක් ඉන්නවා.ආණ්ඩුවට විරුද්ධව පාවිච්චි කරන්න පුලුවන් නම් කට්ටියට ඕනෑම කෙනෙක් ජාතික වීරයෙක් කරන්න පුළුවන්.මෙයාගේ රුපියල් 1000 දඩේ වටිනාකම් එන්නේ මෙයා දරපු තනතුරත් එක්ක.ඒක සාමාන්‍ය මිනිහෙකුට ගහපු දඩයක් එක්ක සංසන්දනය කරන්න බැහැ. (නි)

:       0       0

රනිල් Monday, 16 September 2013 06:37 PM

ශ්‍රීනාත් පෙරේරා කියලා මහත්මයෙක් ගැන අපි දන්නේ නැහැනේ. (නි)

:       0       0

ජෙරාඩ් Tuesday, 17 September 2013 06:44 AM

ඔය සීයෙන් කීපදෙනෙකුටවත් බැරිද පෙරකදෝරු ගාස්තු ගෙවාගන්න බැරුව ඉන්න දුප්පත් කීප දෙනකුට උදව් කරන්න. ඇත්තටම පින්සිද්ද වෙනවා (නි)

:       0       0

සමන් Tuesday, 17 September 2013 07:11 AM

අපි දැක්කනේ ගිණුම් වාර්තා පත්තරේ දාලා තිබුනා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 16 September 2013 06:53 PM

ලාල් මහත්තයා ප්‍රාර්ථනා කළත් නොකළත් ඔයාට ආයෙත් මේ රටේ ඉපදෙන්න ලැබෙන්නේ නැහැ.බය වෙන්න එපා. (නි)

:       0       0

සේනානායක Monday, 16 September 2013 01:52 PM

බලය නැති වූ කල සිනාසුනත් එය වරදකි

:       0       0

රකිත් Tuesday, 17 September 2013 07:32 AM

හිතවත් ශිරාණි මහත්මියනි, අප සෑම දෙනා අතින්ම වැරදි සිදුවේ. නමුත් එම වැරදි වලට සමාව දීම උතුම් ගුණාංගයකි. මිනිස්කමට වඩා උතුම් තනතුරක් මේ ලෝකේ නැත. මා කියන්නේ මොනවාදැයි ඔබතුමිය දනී. ඒ නිසා ඒ අහිංසක මව ගැන සොයා බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබතුමියට තෙරුවන් සරණයි. (නි)

:       0       0

මාලා Tuesday, 17 September 2013 02:45 PM

සත්‍යා, ඔබට මල් මිටක්. (නි)

:       0       0

ද සිල්වා Monday, 16 September 2013 01:57 PM

කීං බෙනට් මම ඔබගේ අදහස අනුමත කරමි. චෝදනා පැහැදිලි නැත්නම් නඩු පවරන්නේ කෙසේද ? මම විදේශ සේවයේ නියුතු නිවාඩුවට ගෙදර ආපු අල්ලපු ගෙදර මනුස්සයා එක්ක තරහා නම් චෝදනා නැති නඩුවක් දමා චෝදනා ඉදිරිපත් කිරීමට කල් ඉල්ලා ඒ මනුසයා විදේශ ගතවෙන්න ඉඩ තිබෙන නිසා ගමන් බලපත්‍රය උසාවියට ගන්න කියලා නියෝගයක් අරගන්න පුළුවන් නේද ? මෙවැනි විකාර කවද හෝ ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවට ගියහම නරක වෙන්නේ අපේ රටේ නම . (ස)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 16 September 2013 07:04 PM

බන්දුල පෙරේරා ආණ්ඩුවට කඩේ යන කතා ලිව්වට සාධාරනව හිතලා බලන්න. ශ්‍රියානි මහත්මිය තමයි තාමත් මහාධිකරණ විනිසුරු. මොනවා කළත් සාධාරණය ඉටුවෙන දවසක් ඒවි. පහුගිය කාලේ වුණ දේවල් සහ වර්තමානයේ සිදුවෙන දේවල් පේනවා නේද? (නි)

:       0       0

සරත් ආතාවුද Monday, 16 September 2013 02:00 PM

දිරිය කාන්තවක් හැටියට ඔබ ඉදිරියටම යන්න. අපේ රටෙන් සාධාරණය නැති උනාට ලෝක අධිකරණයන් ඔබට යුක්තිය ඉටුවේවී. ඔබට ජය. (ස)

:       0       0

චමීන්ද වීරමණි Monday, 16 September 2013 07:06 PM

නීතිය ඕනෑම තරාතිරමකට සම විය යුතු‍යි. (නි)

:       0       0

තිලක් ගාලේවත්ත Monday, 16 September 2013 02:03 PM

මැතිණිය බිය නොවන්න.. ඔබට ජය.. (දී)

:       0       0

කටා මාමා Monday, 16 September 2013 02:03 PM

නීතිය පොලිසිය වගේ ආයතන කාලාන්තරයක් පවත්වාගෙන එන මිල සුත්තරයක් තියෙනවා. කාටවත් එය ප්‍රශ්න කරන්න විදියක් නැහැ, දැන ගියොත් කතර ගම නොදැන ගියොත් අතර මග. මෙතුමියට උනේ පුදුම වියයුතු දෙයක් නොවෙයි. (දී)

:       0       0

සත්‍යයා Tuesday, 17 September 2013 08:18 AM

ජනතාව දෙපිලක් බෙදී වාද කළාට කමක් නැහැ. නමුත් තරමකින් හෝ සත්‍ය වටහා දෙන්න එක පිලක අයෙක් උත්සාහ කළ විට, තමන් පවතින දුෂිත ක්‍රමයට ඇති සම්බන්ධය නිසාම අර කී පුද්ගලයාගේ මතය හාස්‍යයට ලක්කොට ගර්හා කිරීමෙන් මෙහිදී ප්‍රකාශ කරන්නේ තමන්ගේ නිරුවත් බවයි. මොනම ආගමක් විසින් හෝ අනුමත නොකරන අන්දමේ පහත් සිතුවිලි වලින් මනස පුරවා ගත් මිනිසුන්ගෙන් සමාජය පිරී ඇත. ශිරානි බණ්ඩාරනායක රට නොගියාට කමක් නැත. (නි)

:       0       0

පරාක්‍රම Monday, 16 September 2013 02:05 PM

බුදුහමදුරුවෝ කීවේ කලදෙය (කර්මය) පල දෙනවා කියල. කලින් දුන් වැරදි තීරණවල විපකේ. (දී)

:       0       0

අශිකා Monday, 16 September 2013 02:09 PM

අනේ අපි පව්......අපේ දරුවෝ ගොඩක්ම පව්........

:       0       0

සම්පත් Tuesday, 17 September 2013 08:32 AM

රාජකාරි නිල ඇදුම ගලවා දැමු පසු සහ තමන්ගේ තනතුර අත්හැරුණු පසු අප කාහටත් වෙන්නේ මේ ටිකමය. තමන් කළ හොද තමන් පසුපස එනවා සේම , කළ නරක ඊටත් වඩා ඉක්මනට තමා පසුපස හඹා එයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 988 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6105 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3411 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 289 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1482 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1595 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28507 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site