හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට චෝදනා ඉදිරිපත් කිරීම සඳහා කල් අවශ්‍ය බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ කරුණු දැක්වීය.
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පැමිණ සිටියාය.
වත්කම් හෙළි නොකළැයි ඇයට එරෙහිව චෝදනා ගොනු කිරීමට පරිගණක සාක්කි ලබා ගැනීමට ඇති හෙයින් කල් දෙන්නැයි රත්නායක මහතා ඉල්ලා සිටියේය.
බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් අඩු ගණනේ නීතීඥවරු සියයක් පමණ පෙනී සිටියහ.
ඇගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා පැවසුවේ සත පහක මුදලක් නැති ගිනුමක් සම්බනධයෙන් ඇය වැරදි කාරිය වුවද දඩය රුපියල් දහසක් වනු ඇති බවයි. මෙය හුදෙක් පලි ගැනීමේ චේතනාවෙන් පවරන්නට යන නඩුවක් බව ද ලද්දුවහෙට්ටි මහතා කරුණු දැක්වීය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් එහි සභාපති උපුල් ජයසූරිය, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර ශ්‍රීනාත් පෙරේරා මහත්වරුන් පැවසුවේ පළිගැනීමේ චේතනාවෙන් පවරන්නට යන මේ නඩුවෙන් හිටපු අගවිනිසුරුවරියට යුක්තිය හා සාධාරණය ඉටුවේදැයි සොයා බැලීමට ජාත්‍යන්තර නීතිවේදීන් සමග ක්‍රියා කරන බවයි.
බණ්ඩාරනායක මහත්මියගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය ඇගේ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට ගත්තේය.
විදෙස් ගමන් අවශ්‍ය වුවහොත් අධිකරණයෙන් අවසර ගත යුතු යැයි ද ඇයට දැන්විණි.
ලබන පෙබරවාරි 19 වැනිදාට නඩුව කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන් සදාචාරෙ මකබෑවී ගියාදේන්// සංස්කෘතිය වල පල්ලට ගියාදේන් අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං// (දී)
පලි ගන්න කරන වැඩ වලට අපි සම්පුර්ණ විරුද්ධයි.ඒත් ඉතින් ඉල්ලන් පරිප්පු කන එකට කවුරුත් මොනවා කරන්නද ? (ස)
අනේ රටකට ගිය කලක්
මේ කාන්තාවට තෙරුනේවත් නෙද්ද රටින් යන්නවත් මීට ඉස්සෙල්ල. දැන් ඉතින් හිර බත් තමයි, අපේ මෝඩ මිනිස්සු තව මේ අයට චන්දෙ දීපල්ලා. (දී)
මෙවැනි අධාර්මිෂ්ටියන්ගෙන් පිරි සෑම නරක වැඩක්ම කරමින් තම මඩිය තර කර ගනිමින් අහිංසක රට වැසියන්ව මුලා කරමින් ඔවුන්ගේ ඡන්දය රැගෙන රට ආර්ථිකව හා සමාජීයව විනාශ කරන මෙවැනි රටක මමවත් මගේ දෙමාපියෝවත් දරුවන්වත් නැවත නොපිදේවා !!!! (ස)
රුපියල් 1000 ක් දඩයක් නියම කල හැකි නඩුවකට නීතිපතිම මැදිහත් වෙනවා ඇ? මේ අනුව එල්ලුම් ගහ නියම කල හැකි ලොකු කට්ටියට නඩු පවරන්න එක්සත් ජාතීන්ගෙන් නීතිපතිවරු කණ්ඩායමක් ඉල්ලන්න වෙයි නේද? "නීතිය ඔලු දෙකේ බුරුවෙකි". (ස)
මහ මුහුද නරි වලිගෙන් ඉහින්නද හදන්නේ කවදාවත් වෙන්නේ නැති වැඩක් අනේ පව් ....... (ස)
දොන් සරත්, ඔබ කියන්නෙ මූලික අයිතිවාසිකම් වලට පටහැනි ජන නැගුම පනතට එකඟව නඩු තීන්දුව දෙන්න තිබුනෙ කියලද? (දී)
ශ්‍රියානි මහත්මිය ගැන කනගාටුයි (දී)
මේ කන්දත් අපේ තමයි අර කන්දත් අපේ තමයි කඳු යායම අපේ තමයි අපේ රාජ්ජේ. (ස)
කවදද අපේ රටේ යහපතක් ඇතිවන්නේ? හැමදේම වචන වලට විතරක් සිමා වෙලා ..හැමතැනම යුක්තිය අසාදාරනය රජකරනවා.
මේවත් නඩුද? කෝටි ගණන් කුඩු ඇල්ලුවා. රත්තරන් ඇල්ලුවා. නඩු කෝ. (ස)
ශ්‍රියානි මහත්මිය අතිනුත් වැරැද්දක් වෙලා තියෙනවා. මොකද කවුරුත් ඒ ගැන කතා කරන්න අකමැති? තමන් වරදක් නොකර නම් කලින්ම තමන්ගේ වත්කම් හෙලි කරා නම් මේ මොන ප්‍රශ්නයක්වත් නැහැනේ. එයාගේ මහත්තයාගේ නඩුවට තමන් යටතින් නීතීඥ සහය ලබාදෙන එක වැරදි නේද? (ස)
සත පහක් වත් නැතේ ඊට කලින් සල්ලි ගත්ත නිසා නේ..එක නේ මේ ප්‍රස්නේ.. (දී)
මට දුක මගේ රට ගැන රටේ නම කැත වෙන එක විතරයි වෙන්නේ (දී)
හරිම දුප්පත් කාන්තාවක් නේ..එසැන පාඨකයනට ගිණුම අංකය දුන්න නම් කියක් හරි ගිණුමට දානවා නේ.. (දී)
අපි කියලා මොනවා කියන්නද නෝනා (දී)
මේ සිද්දියේ අවසානය මොකාක් වෙයිද කියලා තමයි අපි බලන් ඉන්නේ (දී)
ලාල් වගේ යන අපේ රටේ නොඉපදෙන එකම තම හොද.. (දී)
අග්‍ර විනිශ්ච කාර වරියට මෙහෙමනම් අනිත් මිනිස්සු ගැන මොන කතාද
මොනවා කීවත් වැඩේ නම් හරි නැ
අපේ රටට මොන විපතක්ද මේ වෙන්නේ??????? රටේ නීතිය නැති වෙලා
මේවා ගැන අපි කතා කිරීම වැඩක් නැති වැඩක්
රළු සැඩ පාරට හසු වුනු ගල තව ඔප මට්ටම් වී සිනිදු වී නොසැලී තියේවි. ඔබේ හිතත් මලක් නොවී ගලක්ම වේවා!ඔබේ විර්යට කාන්තාවක් වශයෙන් මගේ සුභ පැතුම්!! (ස)
ඕනෑම පුද්ගලයෙකුට ලබා ගත හැකි උත්තරීතර විනිශ්චය වනුයේ "තම හර්ද සාක්ෂියයි " (දී)
මේ නඩුවේ අවසානය කාට හරි කියන්න පුලුවන්ද (දී)
චෝදනා නැති නඩුවක් දාලා , චෝදනා කරන්න හදන අයම ඒ වලට කල් ඉල්ලනවා .. එතකම් චෝදනා නැති චුදිතයාට එක එක තහංචිත් පනවලා ... මොන විහිලුවක්ද මේ .. (ස)
කඩේ යන කල් සුර සැප නොයන කලට කස පහර... (ස)
බලය නැති වූ කල සිනාසුනත් එය වරදකි
කීං බෙනට් මම ඔබගේ අදහස අනුමත කරමි. චෝදනා පැහැදිලි නැත්නම් නඩු පවරන්නේ කෙසේද ? මම විදේශ සේවයේ නියුතු නිවාඩුවට ගෙදර ආපු අල්ලපු ගෙදර මනුස්සයා එක්ක තරහා නම් චෝදනා නැති නඩුවක් දමා චෝදනා ඉදිරිපත් කිරීමට කල් ඉල්ලා ඒ මනුසයා විදේශ ගතවෙන්න ඉඩ තිබෙන නිසා ගමන් බලපත්‍රය උසාවියට ගන්න කියලා නියෝගයක් අරගන්න පුළුවන් නේද ? මෙවැනි විකාර කවද හෝ ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවට ගියහම නරක වෙන්නේ අපේ රටේ නම . (ස)
දිරිය කාන්තවක් හැටියට ඔබ ඉදිරියටම යන්න. අපේ රටෙන් සාධාරණය නැති උනාට ලෝක අධිකරණයන් ඔබට යුක්තිය ඉටුවේවී. ඔබට ජය. (ස)
මැතිණිය බිය නොවන්න.. ඔබට ජය.. (දී)
නීතිය පොලිසිය වගේ ආයතන කාලාන්තරයක් පවත්වාගෙන එන මිල සුත්තරයක් තියෙනවා. කාටවත් එය ප්‍රශ්න කරන්න විදියක් නැහැ, දැන ගියොත් කතර ගම නොදැන ගියොත් අතර මග. මෙතුමියට උනේ පුදුම වියයුතු දෙයක් නොවෙයි. (දී)
බුදුහමදුරුවෝ කීවේ කලදෙය (කර්මය) පල දෙනවා කියල. කලින් දුන් වැරදි තීරණවල විපකේ. (දී)
අනේ අපි පව්......අපේ දරුවෝ ගොඩක්ම පව්........
මටත් තියෙනවා අඩුගානේ බැංකු ගිණුම් 6ක් වත් ඔය එකක වත් රුපියල් 100ක් වත් නැහැ මේවා හොද වැඩ නම් නොවේ (දී)
අපිට මොකද අනේ ඔය කාටවත් රට යන්න බැරි කළා කියලා (දී)
මේ ප්‍රශ්නයේදී හොදම දේ තමයි අපි මේ ගැන කතා නොකර ඉන්න එක (දී)
අර සුධර්මන් රදලියගොඩ මහත්තයව අධිකරණයට ඉදිරපත් කරන්න එයාගේ කාර්යාලයට යන පර ලංකාවේ පොලිසියට පෙන්නන්න කවුරුවත් නැද්ද හැබැටම (දී)
සැමදා නියං එකදා වැහි වලාවේ ..... !(දී)
රත්නායක ඔයාගේ කතාව හරි (දී)
බොහෝ දෙනෙකු රාජ්‍ය විරෝධී අදහස් දමන්නේ වැටහීමක් නොමැතිව . මෙම ශිරාණි බලයේ ඉන්න කාලයේ එයාගේ සැමියා මාර්ගයෙන් ඉමහත් මහජන මුදලක් සපයා ගෙන තිබෙනවා . මෙයා සුදනෙක් වෙන්න ගියාට එහෙම කෙනෙක් නෙමේ .නමුත් මෙවෙලේ මෙයාගේ පිටුපස රජය කඩා බිම දමනට අවශ්‍ය කොටස් සහ විදේශ රාජ්‍ය නොවන සංවිධාන සිටිනවා . එමෙන්ම සදාචාරාත්මක නොවන සමහර මාධ්‍ය මෙයාව පුම්බා විකෘති කරන ලද ප්‍රවෘත්ති දමනවා. මෙතන තිබෙන්නේ එකම කාසියේ දෙපැත්ත . රාජ්‍ය විරෝධී බවත් විපක්ෂයට ලැදී කමත්ය . මෙම රජය පෙරලා එජාපය ආවත් සිදුවන්නේ මෙවැනි ක්‍රමයක්ම තමා . බලයට තිබෙන අසාවල් මත අදහස් විකෘති කරන හොර මැරකම් කරන අයව සුද්ද කරනා කාලයක් අද (ස)
මෙයා නම් කලබල වෙන පාටක් නැහැ . නියම වෙලාව එනකම් බලා ඉදිවගෙයි (අ)
ලෙව කන්න දෙනවා නම් තොපිට, හොඳ හැටි බොන්න දෙනවා නම් අතේ සල්ලි වලට, මොන කෙන් ගෙඩියද තව ඕනේ කියන්නෙඑඑඑ ! (ස)
මොනවා උනත්.. මෙයා බබා වගේ හිටියට හොඳට සුද්දෙ දාලා තියෙනවා. මගෙත් බැංකු පොත් ගොඩක් තියෙනවා. ඒත් එක සතයක් වත් නැහැ. බයත් හිතෙනවා. (ස)
කාගේ කාගේ කිල්ලොටවලත් හුණු තියනව. (අ)
එතුමිය හිනා වෙනවා..අපේ සමහරු පපුව පැලිලා මැරෙන්න හදනවා.. (ස)
ඕක තමා කියන්නේ සල්ලි හම්බ උනාම පරෙස්සමෙන් වියදම් කරන්න කියලා.. (ස)
කඩේ ගියපු මනුසයෙක්ගේ ගිණුමේ සතයක් වත් නෑ කිවුවම ඒකත් ප්‍රශ්නයක් තමා. (ස)
රටේ පවතින නීතියට අනුව දෝෂාභියෝගයට මුහුණ දෙන්න බැහැ කියාපු එයා ගැන දැන්නම් අපිටත් නොයෙක් දේ හිතෙනවා (නි)
හුගත් උගත් නෝනා කෙනෙක් ටිකක් උගත් අපිටත් මෙහෙම කරන එකයි දුක. (නි)
නොබියව මුහුන දෙන්න. සත්‍යය ජයගනිවී. (නි)
මෙවර පොටෝ වලට දුවත් පුතාත් එක්වෙලා වගේ. මහත්තයා කෝ? පිරිවර ඉන්නකන් නම් කව්රුත් වීරයෝ. ඉහත අදහස් බලද්දී , හැමෝම හරි හොද අය. දුප්පත් ඡන්දදායකයා තමා හැමදාම වලේ. ඔහොම යමු...... (නි)
අපිට හරි ආඩම්බරයි රට යන අත ගැන (නි)
කණගාටුයි (නි)
දැන් තමා ජනතාව මතක් වෙන්නේ.. (නි)
මෙච්චර අපරාධ වෙන රටේ, ඔන්න ඔය බැංකු ගිණුම අල්ලලා දාන්න (නි)
මම උපාධිධාරියෙක් නොවෙයි .නිතිය පිළිබද සාමාන්‍ය දැනුමක් තිබෙන ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය හදාරලා තිබෙන කෙනෙක්.අගවිනිසුරුතුමියට එරෙහිව අදහස් දක්වා ඇති අය කරුණාකර මා සමග ඒ පිළිබදව විවාදයකට එන්න පුලුවන්ද ? (නි)
ආණ්ඩුවට විරුද්ධව යොදාගන්න පුළුවන් ඕනෑම සාධකයක් වටේ කුණු මස් ගොඩට වට වෙන ගිජුලිහිණි වගේ වටවෙන කොටසක් ඉන්නවා.ආණ්ඩුවට විරුද්ධව පාවිච්චි කරන්න පුලුවන් නම් කට්ටියට ඕනෑම කෙනෙක් ජාතික වීරයෙක් කරන්න පුළුවන්.මෙයාගේ රුපියල් 1000 දඩේ වටිනාකම් එන්නේ මෙයා දරපු තනතුරත් එක්ක.ඒක සාමාන්‍ය මිනිහෙකුට ගහපු දඩයක් එක්ක සංසන්දනය කරන්න බැහැ. (නි)
ශ්‍රීනාත් පෙරේරා කියලා මහත්මයෙක් ගැන අපි දන්නේ නැහැනේ. (නි)
ලාල් මහත්තයා ප්‍රාර්ථනා කළත් නොකළත් ඔයාට ආයෙත් මේ රටේ ඉපදෙන්න ලැබෙන්නේ නැහැ.බය වෙන්න එපා. (නි)
බන්දුල පෙරේරා ආණ්ඩුවට කඩේ යන කතා ලිව්වට සාධාරනව හිතලා බලන්න. ශ්‍රියානි මහත්මිය තමයි තාමත් මහාධිකරණ විනිසුරු. මොනවා කළත් සාධාරණය ඉටුවෙන දවසක් ඒවි. පහුගිය කාලේ වුණ දේවල් සහ වර්තමානයේ සිදුවෙන දේවල් පේනවා නේද? (නි)
නීතිය ඕනෑම තරාතිරමකට සම විය යුතුයි. (නි)
කෝ අපේ උගත් පිටිගල මහත්මයා මුකුත් දාලා නැහැනේ. (නි)
මර්සි ලංකා මහත්මිය, ඔබ කියන දෙය ඔප්පු කරන්න ඔබට සාක්ෂි තිබෙනවද ? (නි)
මටත් පෙනෙන්නේ මෙතන තිබෙන්නේ කිසියම් දේශපාලන වියවුලක් බව.මුදල් නැත්නම් මොකට ගිණුමක් තියාගෙන ඉන්නේ? (නි)
මර්සි මහත්මිය වැරදියි කියන්න ලෙස්ලි ලොව් මහත්මයාට තියන සාක්ෂි මොනවද? (නි)
ලෙස්ලි මහත්තයා, අපිට පොඩ්ඩක් කියනවද සත පහක් වත් නැතුව බැංකුවක ගිණුමක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. නිතිය පිළිබද නොදන්නාකමට ඇහුවේ. (නි)
මේක හරියට මැරෙන්න ගගට පැනල බේරගන කියනවා වගේ වැඩක් නේ.(අ)
මේවා ගැන කතා නොකරමු කියන අයට කියන්න තියෙන්නේ එක දෙයයි.එහෙම නිහඩව සිටියොත් ඔබලාට අසාධාරණයක් උන දාට කව්ද ඉන්නේ? (අ)
ආසියාවේ ආශ්චර්යය මේක තමයි (නි)
අහිංසක මිනිහෙක් උසාවි ගියා නම් නොමිලයේ කතා කරන්න එක් පෙරකදෝරුවෙක් එන්නේ නැහැ.මේකට සීයක්ම ඉදිරිපත් වෙලා.. (නි)
මෙච්චර කාලයක් හම්බ කරලත් අතේ සතයක් නැහැ.? පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා... (නි)
තව මාස පහක් කල් තිබෙනවානේ. (නි)
සාධාරණයද? බලමු (නි)
ලෝකයේ ඇති දූෂිතම රටක් ලංකාව. පාලකයාගේ වාර්ෂික වියදම රුපියල් කෝටි 800යි. මිලියන පහක් දරුවෝ ඉගෙන ගන්නවා. අධ්‍යාපනයට මිලියන 6000 යි. පාසල් 2000ක් වැහිලා, පන්සල් 2000ක් වැහිලා. මේක මන්ද බුද්ධික චින්තනයක්.කාපට් පාරවල් හදනවා. පාලකයන්ට සියයට 60ක් කොමිස් යනවා. (අ)
එංගලන්තයේ යකඩ ස්ත්‍රිය මාගරේට් තැචර් නම් ලංකාවේ යකඩ ස්ත්‍රිය ඔබයි. ඔබට ජයෙන් ජයම වේවා. (අ)
කළකම් පලදේ ,කරන කලට පව් මීරිය මීසේ ,විඳින කලට දුක් දෙඩි වෙයි ගිනිසේ (අ)
සමාවන්න මගේ පරතිචාරය ටෙනිසන් මහතාට නොව .ලෙස්ලි මහතාටය . (අ)
ලෙස්ලි ලෝර්ඩ් මහතයෝ දිකිරට බළලුත් සාක්කි , කියන්නේ ඇත්ත නේද? (අ)
මර්සි ලංකා ආණ්ඩුවට හොදට කඩේ යන කෙනෙක් වගෙඉ පෙන්නේ මොනවා උනත් සරත් ෆොන්සේකා මහත්මයට සිරනි බණ්ඩාරනායක මත්මියටි කරපු සහ කරන දේවල් ගැන අපි කම්පා වෙනවා ශ්‍රී ලාංකිකයන් විදියට බලමු ඉදිරියට අපේ රටට වෙන දේ එදාට මර්සි ලංකා තේරුම් ගනීවි (අ)
මෙයා වටේ අද ටයි කෝට් ගසා ඉන්න සමහර නීතිඥවරු එයට සුදුසු නැහැ. මොවුන් ඒවා පැළඳීමට සුදුසු අය නොවේ . මුදලට වාසියට තම ශරීරය උනත් දෙන ජාතියක් අද සිටින නීතීඥවරු . එහෙත් සියල්ලෝ නොවේ. අන්තිමට සරත් පොන්සේකාට වෙච්ච දේ වෙයි.(නදී)
මෙතුමියට කලින්ම ලොකු රටක තානාපතිකමක් දෙන්න ඇහැව්වා.(අ)
හැමෝගෙම හත්මුතු පරම්පරාවේ ගසා කෑම් ගැන හොයන කාලයකුත් කවදා හෝ දවසක එනවා. (නි)
සමහරු රටේ මුදල් ගසා කන විදිහට ශ්‍රී ලංකාව මෙහෙමවත් බේරිලා තිබීම ගැන අපි දෙවියන්ට ස්තුති කරන්න ඕනෑ. (නි)
එංගලන්තයේ යකඩ ස්ත්‍රිය මාගරේට් තැචර් නම් ලංකාවේ යකඩ ස්ත්‍රිය ඔබයි. ඔබට ජයෙන් ජයම වේවා. (නි)
මම කාටවත් කඩේ යන්නේ නැත . මම මගේ හැඟීම සහ පසුගිය කාලයේ අත්දුටු දේවල් මත කියන්නේ, මම සිටින්නේත් ලංකාවේ නොවේ. එහෙත් ලංකවේ කවුරුත් එකිනෙකාට 'කඩේ යන' බව වැටහෙනවා. මධ්‍යස්ථ බව පෙන්වමින් කඩේ යනවා. (නි)
කවදා දෝ දවසක රට වනසන පිළිල රටින් ඉවත් වූ විට මිනීමරු ප්‍රබාකරන් මැරුණාට වැඩිය අපි සතුටු වෙනවා.රටම රතිඤ්ඤා පත්තු කරලා සතුටු වෙනවා.බලන්න බොරුද කියලා. (නි)
සත පහක් වංචා නොකළ අයෙක්. අහෝ! ආශ්චර්යය... (නි)
සාක්ෂි තවම සොයාගෙන නැත. චෝදනා මොනවාදැයි දන්වා දන්වා නොමැත. එහෙත් ගමන් බලපත්‍රය තහනම් කරමින් දඬුවම් පමුණුවා තිබේ. සුද්දා ලංකාවට දැලිපිහිය හඳුන්වා දුන්නත් දැන් එය ඇත්තේ වැරදි පුද්ගලයන් අතේය. (නි)
ඒ කාලේ "අනේ නඩුකාර හාමුදුරුවනේ, මට යුක්තිය ඉෂ්ට කරලා දෙන්න" කියලා ඉල්ලපු අහිංසක මිනිස්සුන්ගේ වේදනාව මොන වගේද කියලා මේ නෝනට දැන් තේරෙනවා ඇති. එදා අගවිනිසුරු වෙලා ඉන්න කාලේ සාමාන්‍ය මනුස්සයෙක් මෙයාට කතා කළත් ඒ කතා කරපු කෙනාට හිරබත් කන්න වෙනවා.එහෙත් අද මෙහෙමවත් මෙයා ඉන්නේ ඒ අහිංසක මිනිස්සු නිසා... (නි)
පිල්ලෙ නෝනලා දහසක් රටට එන එක පුදුමයක්ද? හරි' අපි ජනතා අධිකරණයෙන් ශ්‍රියානි නෝනා වැරදිකාරයෙක් කරන්නම්.පුලුවන් නම් රටේ ඉහළම පුද්ගලයන්න්ගේ වත්කම් ප්‍රසිද්ධියේ හෙළි කරලා දෙන්න. (නි)
මම දන්නේ නැහැනේ මෙතුමියට මෙච්චර ලස්සන දුවෙක් ඉන්නවා කියලා. (නි)
මේකත් අන්තිමට ඩයස්පෝරාවේ වැඩක් කියයිද දන්නෙ නැහැ (නි)
ඔය සීයෙන් කීපදෙනෙකුටවත් බැරිද පෙරකදෝරු ගාස්තු ගෙවාගන්න බැරුව ඉන්න දුප්පත් කීප දෙනකුට උදව් කරන්න. ඇත්තටම පින්සිද්ද වෙනවා (නි)
අපි දැක්කනේ ගිණුම් වාර්තා පත්තරේ දාලා තිබුනා. (නි)
හිතවත් ශිරාණි මහත්මියනි, අප සෑම දෙනා අතින්ම වැරදි සිදුවේ. නමුත් එම වැරදි වලට සමාව දීම උතුම් ගුණාංගයකි. මිනිස්කමට වඩා උතුම් තනතුරක් මේ ලෝකේ නැත. මා කියන්නේ මොනවාදැයි ඔබතුමිය දනී. ඒ නිසා ඒ අහිංසක මව ගැන සොයා බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබතුමියට තෙරුවන් සරණයි. (නි)
ජනතාව දෙපිලක් බෙදී වාද කළාට කමක් නැහැ. නමුත් තරමකින් හෝ සත්‍ය වටහා දෙන්න එක පිලක අයෙක් උත්සාහ කළ විට, තමන් පවතින දුෂිත ක්‍රමයට ඇති සම්බන්ධය නිසාම අර කී පුද්ගලයාගේ මතය හාස්‍යයට ලක්කොට ගර්හා කිරීමෙන් මෙහිදී ප්‍රකාශ කරන්නේ තමන්ගේ නිරුවත් බවයි. මොනම ආගමක් විසින් හෝ අනුමත නොකරන අන්දමේ පහත් සිතුවිලි වලින් මනස පුරවා ගත් මිනිසුන්ගෙන් සමාජය පිරී ඇත. ශිරානි බණ්ඩාරනායක රට නොගියාට කමක් නැත. (නි)
රාජකාරි නිල ඇදුම ගලවා දැමු පසු සහ තමන්ගේ තනතුර අත්හැරුණු පසු අප කාහටත් වෙන්නේ මේ ටිකමය. තමන් කළ හොද තමන් පසුපස එනවා සේම , කළ නරක ඊටත් වඩා ඉක්මනට තමා පසුපස හඹා එයි. (නි)
එදා කරපුදේ හරි කියල අද ඔබතුමියට තිතෙනවද (එදා සෙනහෙන් නොබැදුනනම් මෙදා වියෝවක් නැ..) (අ)
ටිකිරි මහත්තයා කියන විදියට කොමිස් නොගහා සල්ලි ඉතුරු කරලා බැංකු පුරවලා ගිය ආණ්ඩු තිබුන කාලය පහුකරගෙන තමා අපි මේ අවේ... (නි)
පෙරකදෝරුවෝ 100 තියා 1000 පිරිවරා ගෙන ආවත් වැරදි කළහම දඩුවම් විදින්න වෙනවා.ඕවා ගැන හිතන්න තිබුනේ වැරදි කරන්න කලින් (නි)
රටේ නීතිය සෑම පුරවැසියකුටම සමාන විය යුතුයි.යුරෝපයේ ඇමෙරිකාවේ හිගන්නාටත් ජනාතිපතිගේ දරුවන්ටත් එකම ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ. (නි)
පුංචි ටිකිරිගේ හිතේ තියෙන කුහකකම කුඩු කේඩුකම වෛරය අදහස් වලින් බේරෙනවා. (නි)
සත්‍යා, ඔබට මල් මිටක්. (නි)
ඔයා ළග ඉන්න ගැහැණු ළමයා කවුද? (නි)
පල්ලුවේ මල් මෝස්තරේ ලස්සනයි. ඒත් මොකද මේ කළු ඇඳගෙන? (නි)
කරන කලට පව් මීරිය මී සේ,විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ... මේ තත්වය උදා වුණේ ඔබතුමියගේම වරදින්ය (නි)
වැරදී කරේ නැතිනම් බය වන්න උවමනාවක් නැත . එහෙත් නීතීඥවරු සියගානක් සමග සහභාගි වීමේ රහසක් තිබෙයි කියා මගේ හැගිම . ශිරාණි මහත්මිය හිටපු අග විනිසුරු නිසා නිතිය හොඳින් දන්නවා ඇත .අනාගතය මෙයට පිළිතුරක් සපයාවිය කියා මන් සිතන්නේ (අ)
මෙතන වැරදි මෙම හිටපු අගවිනිසුරිය නෙමේ . මේ වටේ සිටින ටයි කෝට් දාපු කට්ටිය . තමන්ගේ බඩගෝස්තරය රැක ගන්න අහිංසකයන් හිරේ යවන . කුඩු කාරයන්, හොරුන්, ලිංගික අපචාර කරන උන්ගේ සල්ලි වලට උන්ව එලියට ගන්න උන් වෙනුවෙන් ඕනෙම බොරුවක් ගොතා බඩ වඩා ගැනීම (ස)
මම දන්නා විදිහට නම් වත්කම් ප්‍රකාශනයේදී ගිණුමේ ශේෂය අදාල නැහැ. ගිණුමක් ඇති බව ප්‍රකාශ කිරීමයි වැදගත් (නි)
නෝනා මහත්වරැ දැනගන්න දුප්පත් ජනතාව වෙනුවෙන් නොමිලේ පෙනී සිටින්න නීති සහන සේවයක් තියෙන බව මර්සි නමි නියෙමට කටු කනව (අ)