
(අංජුල මහික වීරරත්න)
ශිරන්ති රාජපක්ෂ මහත්මියට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට එන්නැයි දැනුම් දෙන ලිපිය බාර දී ඇත්තේ ඇය විදේශගත වීමට ගුවන් තොටුපළට පැමිණීමෙන් පසුව බව රාජපක්ෂ පවුල උපුටා දක්වමින් ප්‍රකාශකයෙක් පැවසීය.
ගුවන් යානය අද (16) අලුයම 12.50ට පිටත්වීමට නියමිතව තිබියදී ගුවන් තොටුපළේ ගේට්ටුව ආසන්නයේදී ගුවන් තොටුපළ නිලධාරියකු අදාල ලිපිය ඇයට බාරදී තිබෙන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෛද්‍ය පරීක්ෂණ කිහිපයකින් අනතුරුව ලබන 19 වැනිදා නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයිද එම ප්‍රකාශකයා කීය.
රාජපක්ෂ මහත්මිය පෞද්ගලික රෝහලක සිට සෘජුවම ගුවන් තොටුපළ වෙත පැමිණි බවද ප්‍රකාශකයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි. සිංගප්පූරු චැංගියෙන් බහින කොටම කවුද වඩා ගන්න ආවේ. අර්ජුන මහෙන්ද්‍රන්.
රනිලගෙ යාළුවා මගුල් ගෙදර ගියා වගේ වෙයිද දන්නෑ.
හරි අපි පිළිගත්තා. උඹලා කලින්ම දැනගෙන හිටියනම් අනිවාර්යයෙන්ම එදාට එනවා කියලා :)
ආපහු ඒම අර ලොක්කගෙ වෙඩිම වගේ වේවිද මංදා…!
අර්ජුන මහේන්ද්‍රන් සිද්ධිය වගේ වෙයිද?
බොරුව සදාකාලික නෑ.
නිලධාරීන් මීට වඩා වගකීම සහිතව වැඩ කරලා තිබුණා නම් හොඳයි. යම් කෙනෙකුට අසනීපයක් තියෙනවා නම්, අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ඕනෑම රටක ලබා ගැනීමට තිබෙන අයිතියට අපි ගරු කළ යුතුයි. වෛද්‍ය ප්‍රතිකාර සඳහා යාමට පිටත් වීමට ඔන්න මෙන්න කියා තිබියදී එම ලිපිය ඔහුට භාරදීමේ යටි අරමුණ කුමක්ද?
මැදමූලන චෞර රාජ-පස්ස පරම්පරාවේ මංඤං හැතිකරය හොරු, බොරු බෙගල් ඇද බාමින් උන් ගේ වත්කම් අනීතික විදියට තර කර ගන්නා බව පැහැදිලිවම පෙනෙනවා, ඒවා නොදන්නා කිසි කෙනෙක් මුළු රටේම නැත. මෙම හෙරලිය රටෙන් මහ රෑ පැනලා ගියා, ඒකිගේ ගොට්ඨ මචං කරා වගේම... ඒකි ගියාට පස්සෙ තව පොහොට්ටු ගොබෙල්ස් කෙනෙක් මාධ්‍ය හරහා කිව්වා, FCID, CID නොතීසි භාර දුන්නේ ගුවන් තොටුපොළේ ගෙට්ටුවෙදී කියා. නමුත් පොලීසිය එය තරයේ ප්‍රතික්ෂේප කරා. නොතීසි තංගල්ල කාල්ටන් නිවසට යැවූ බව ඔවුන් පැහැදිලිවම ප්‍රකාශ කරා. මුන්ට රට පුරා ගෙවල් දොරවල් තිබෙන නිසා, සර්පයින් මෙන් තැනින් තැනට හිටපු ගමන් මාරුවීමට පුළුවන් කියා මගේ ආච්චි කියනවා. කොහොම උනත් යළිත් වරක් පොහොට්ටුව ගල් පැලෙන බොරු බෙගල් කන්දක්ම ඇද බාලා තිබෙනවා. ඒවා හිස් මුදුනින් පිළිගන්නා තණකොළ, පිදුරු ගිලින, පුන්නක්කු බොන මී හරක් රංචු පිටින් මැදමූලන පමණක් නොව මුළු රටෙම ඉන්නා බව පැහැදිලිවම පෙනෙනවා ...