
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අක්ෂි ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටින හෙයින් එම කටයුතු නිමවා ලංකාවට පැමිණි වහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින බව ඇයගේ නීතිඥවරයෙකු එම කොට්ඨාශයට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් කැඳවීමක් කර ඇතත් ඇය සිටින තත්වය අනුව පැමිණිය නොහැකි බවද නීතිඥවරයා වැඩිදුරටත් දන්වා ඇත.
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගිය සිරිලිය සවිය සංවිධානයේ ගනුදෙනුවලට අදාළව පැවැත්වෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය 16 වැනිදා ඇයට දැනුම් දී තිබිණ.
ඇය සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණේද 16 වැනිදාය.
මේ සම්බන්ධයෙන් අප හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අසනීප තත්වයෙන් පසුවන හෙයින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බවයි.
ඇය ලංකාවට පැමිණි වහා එම කොට්ඨාශයට ඉදිරිපත් වන බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම දේශපාලන රැකවරණ දෙන රටක් හම්බවෙලා නැතුව වගේ?
උප්පරවැට්ටියක් දාල එලියට එන්න පුලුවන් දවසකට සෙට් වෙයි.
ඔන්න වැඩ !!! හොර රන් අම්මණ්ඩි ලස්සනට සියලුදෙනාගේම ඇස් වහලා ,හොරාකාපු සල්ලිත් සෑහෙන්න අරගෙන හෙමින් සැරේ මාරුවුනා. '' ඇය යන්න ගියා මැකිලා ..." ගම්කබරයාගේ මරනේටවත් ඔය හෙර එන්නේ නැත !!! දැන් ඒකිට ගම්කබරයාගෙන් වැඩක් නැත.දැන් කබරයා අවලන්ගුවුන කාසියක් නොහොත් මළමිනියක් පමණයි.