ආසියා කලාපයේ ශ‍්‍රමිකයින් විදේශ ගත කරන රටවල් හා ශ‍්‍රමිකයින් ලබා ගන්නා රටවල් අතර විදේශ රැකියා කර්මාන්තයේ කටයුතු මනා සම්බන්ධීකරණයෙන් 2030 ද අපේක්ෂිත තිරසාර සංවර්ධන අරමුණු කරා ළඟා වීමට, ශ්‍රී ලංකාව කටයුතු කරන බව කොළඹ කි‍්‍රයාදාමයේ වත්මන් සභාපතිනි විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ පවසයි. ඇය මෙම අදහස් ප‍්‍රකාශ කළේ 13 ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි නුවර දී පැවති කලාපීය සහයෝගීතාවයන්ගේ ජාත්‍යන්තර සමුළුවේදීය.
කොළඹ කි‍්‍රයාදාමය ශක්තිමත් ලෙස ඉදිරියට ගෙනයාම සඳහා ශ‍්‍රී ලංකාව ඇප කැප වී කි‍්‍රයා කරන බවත්, 2030 අපේක්ෂිත තිරසාර සංවර්ධන අරමුණු වල ශ‍්‍රමික විගමනය සම්බන්ධයෙන් යෝජිත අරමුණු ළඟා කර ගැනීමට සකී‍්‍රීය පදනමක් මත කටයුතු කිරීමට කොළඹ කි‍්‍රයාදාමය වෙනුවෙන් නායකත්වය ලබා දෙන බවත් ඇය පැවසුවාය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි හරි වැඩපලක් කරන කෙනෙකුගෙන් අහන්න අද ලංකාවෙ වැඩකට ශ්‍රමිකයන් හොයාගන්න හරිම අමාරුයි.... එ්ත් විරැකියාවෙන් පෙලෙන ප්‍රතිශතය හරිම ඉහලයි. කාටහරි මේකට හේතුව කියන්න පුලුවන්ද ? මම දන්න තරමින් හේතුව වැටුප නෙමේ පුද්ගලික අායතනවල ගෙවන වැටුප ඉහලයි. (ර)
එකත් 2030 දී ද.? (ර)
අපේ රට නම් හැමදාම තුන්වන ලෝකයේ හිරකරගෙන ඉන්නටයි හැමෝම මාන බලන්නේ... (ර)
ශ්‍රම සැපයුමෙන් මුල් තැන නමුත් රට ඉන්න මිනුස්සුන්ට කිසිම සෙතක් නැහැ. (ර)
ඊට වඩා වෙනි දෙයක් ගැන හිතුවොත් හොඳයි නේද?(හේ)
විදෙස විනිමය උපයන ප්‍රමාණයේ ප්‍රතිශතය සළකාබලා, බදු නිදහස් කර කුඩා කර්මාන්ත කිරීමට පහසුකම් හදා දෙන්න. ඔහේ වැඩ නිමවෙලා ලංකාවට එන්නේ ඉතාමත් ක්‍රමානුකූලව වැඩ දන්නා හොඳ පුහුණු ශ්‍රමිකයන්. මේ අයට බදු නිදහස දුන්නම ඇති. ඒ අයට පුළුවන් නිෂ්පාදනයට දායක වන්න (නි)
වහල් සේවය අතින් මුල් තැනට.(අ)
කුස්සි වල වළං සේදීමටත්, වැසිකිළි සේදීමටත් ගැහැණුන් වැඩි කොටසක් රට පටවා, මෙහේ දරු පවුල් අනාථ කරගෙන ආඩම්බර වන ජාතියක් තමයි අපි. වහල් සේවයෙන් විනිමය එනතුරු සමහර කම්මැලි, බේබදු සැමියෝ ගෙදරට වී බලාසිටිති. රටේ අය වැය පිරිමසාගන්නත් වහල් සේවය ගැන බලාසිටිති (නි)
ඒ වුණාට සමහර ලොක්කො දුක්විඳින ශ්‍රමිකයන්ට කතාකරන හැටිත් අපි දන්නවා (නි)
නමුත් අපිට රටක් වශයෙන් ආඩම්බර වෙන්න පුලුවන්ද අපේ කාන්තාවන් වහල් සේවයේ යෙදෙන එක ගැන? (නි)
කොහොමද ආසියාවෙන් මුල්තැන වෙන්නේ? මැදපෙරදිග ඉන්න ඉන්දියන් ශ්‍රමිකයන් ඔක්කොම එකතු කළොත්, ලංකාවේ ජනගහණයට වැඩිය වැඩි. (නි)
විලි ලැජ්ජයි. හරි ලොකු දෙයක් වගේ කියලා තියෙන්නේ (හේ)
ඇමතිතුමිය එසේ කීවාට “ අපි ශ්‍රමිකයන්ව අතින් අල්ලා ගෙන ගොස් ගුවන් තොටුපලට ඇරලවන්නෙ නැහැ“ කියලා එක්තරා ලොක්කෙක් කියලා තිබුනා ප්‍රසිද්ධ මාධ්‍යයේ. (හේ)
මෙතන ප්‍රතිචාර දාල තියෙන හැමෝම තමන්ගේ රට ගැන ලජ්ජාවෙන් සහ කලකිරීමෙන් ඉන්නේ....වහල් සේවය මදිවාට වහල් ඇමති කෙනෙකුත් පත්කරලා...කාටද ආඩම්බරේ. (අ)
කාන්තාවන් වහල් සේවයේ යෙදවීම නවත්වන්න නේද මේ අය බලයට ආවේ. ලැජ්ජාවක් නැතිව සමුලුත් පවත්වනවනේ. (ම)
මේ රටේ කාන්තාවන් වහල් වැඩට පිට රට යවලා මැති ඇමැතිලට ඩියුටිෆි වාහන ගන්න..? ඒ කාන්තාවන්ගේ දරු පවුල් කඩා ඉහිරිලා දරුවන් අනාත වෙලා .. ඒ වාර්තා තමයි ලංකාවේ කප් එක ගහල තියෙන්නේ..?(හේ)