මේ අයවැය රජයේ සේවකයින්ට කිසිම සහනයක් නැති එකක් බවත් දීමනා මූලික වැටුපට එකතු කරන ලෙස ඉල්ලුවත් එය ඉටු කර නොමැති බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතා පැවසීය.
බොරැල්ල මුද්‍රණ සේවක සංගමයේ 12 වැනි වාර්ෂික සම්මේලනය අමතමින් මේ බව කී ලාල්කාන්ත මහතා මේ ආණ්ඩුවේ ඇමැතිකම් ගත් ශ්‍රීලනිප අය මේ අයවැයට ඡන්දේ දීලා ගමට යන්නේ කොහොමදැයි ඇසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව නම් ඇත්ත. (ර)
මොකක්ද ප්‍රශ්නය. උදව් කලානම් දැන් වැලපෙන්න එපා. (ර)
සරත්, ඔව් පාලනය වෙනස් කරන්න ජවිපෙ උදව් කළා තමයි. ඒත් හරි දේට හරි කියන්නත් වැරැද්ද ඒ විදියට දකින්නත් ජවිපෙට උගන්නන්න කලින් ඔයා තව ගොඩක් දේශපාලනය ඉගෙන ගන්න වෙයි. (අ)
කඩේ ගියේ ඕකට නේද. ඔහොම යන බොරු කියා කියා ප්‍රශ්නේ ඉවරයි. නැත්නම් උද්ඝෝෂණයක් මෙහෙයවල බිල්ලක් දෙමු ඇදගෙන යන්න පුළුවන්. (අ)
එයාල කොහොමත් ගමට යන්නේ නැහැ. දේශපාලනේ මේ අවුරුදු පහෙන් පස්සේ හමාර කරන අය තමයි ඔය අමතිකටු සුප්පු කරන්නේ..ආයේ ඡන්දෙකින්නම් ඒම වානා . (අ)
එයාලා ගමේ යනවා කියලා මම නම් හිතන්නේ නැහැ (නි)
ඇයි මෙයාලට අගෝස්තු 17 ට කලින් තේරුම් ගන්න බැරිවුණාද ආණ්ඩුව යන දිශාව? මෙයාලා කළේ උදේ සිට රාත්‍රී වෙනතුරු මහින්දට බැනපු එක. අන්තිමට මොකද වුණේ? (නි)
දැන් එතකොට ගමට යනවද? (නි)
ඕක එයාලට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ (නි)
ලාල් කාන්ත මහත්තයා රජයේ සේවකයන්ගේ වැටුපට දීමනා ඇතුළත් කර නැති බවට මොරදෙන්නේ, දේශපාලඥයෙකු වශයෙන් කිසිම ආදායම් මාර්ගයක් නොමැතිව දුක්විඳින දුප්පත් ජනතාවගේ ප්‍රශ්න අමතකකර දමාද? නැතහොත් තැනට ඔබින ප්‍රශ්නයක්ද? (නි)
බලාපොරොත්තු නොවුණ තරම් විශාල වැටුප් වැඩිවීමක් රජයෙන් ලැබුනා. මේ අයට සත පහක් වැඩිකරන්න හොඳ නැහැ. පඩි වැඩි වුණාට වැඩ නැහැ. කන්තෝරුවකට ලියුමක් ඇරියොත් උත්තරයක් ලැබෙන්නේ නැහැ. අද තරම් රජයේ සේවය පරිහානියට ගිය කාලයක් අපිට හිතන්නවත් බැහැ. (නි)
අපි ගන්න පඩිය වෙනුවෙන් හොඳට වැඩකරමු කියලා තමන්ගේ සාමාජිකයන්ට කියන්න මේ වෘත්තීය සංගම් නායකයින්ට බැරිද? (නි)
මහත්තයෝ, සන්ධානයෙන් තරඟකර ඇමතිකම් ගත් මිනිසුන්ට අයවැයට ඡන්දය දීලා ගමට යන එක මොන කජ්ජක්ද? මහත්ම දේශපාලනය් කියන එක දන්නවා නම් කළයුතුව තිබුනේ විපක්ෂයේ ඉඳගෙන රජය කරන හොඳ වැඩ වලට පමණක් ඡන්දය දීමනේ. (නි)
ලැබෙන දීමනා වැටුපට එකතු කරන්න ඕනෑමද? මෙතන තියෙන්නේ අතිකාල මුදල වැඩිකර ගැනීමේ යටි අදහසක් නේද ? (ම)