ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සිරිකොත මැණික රකින නාගයන් නොවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (3) බොරැල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මව වන සිරිමාවෝ මැතිනියගේ සොහොන ළඟදී ඊට ගෞරව දැක්වූ පිරිසෙන් යමකු පක්ෂ කාර්යාලයට හූ කීවා නම් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ නායකයන් අභ්‍යන්තර සාකච්ඡාවක් කළ යුතු බව ද ඔහු කීය.
මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස කිරීම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන බව කී අලහප්පෙරුම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂය සමඟ දීග කෑමට සදාචාරාත්මක අයිතියක් නැතැයි ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පැවැත්මට පක්ෂය ආරක්ෂා වෙලා රටට හෙණ ගැහැව්වත් කමක් නැ, එ්ක තමා මගේ න්‍යාය (බ)
ඒ කියන්නේ සිරිකොත තියෙනවා මැණිකක්. එයාලා ගාව නෑ. (බ)
තම තමන්ගේ පක්ෂ ගැන ආලයෙන් කතා කරන අයට රටට ආලයක් තිබේදැයි මුලින්ම ජනතාව තේරුම් ගත යුතුයි මොවුන් වගේ බොහෝ අය බඩ ගොස්තර වාදීන් මිස ජනතා වාදීන් නොවේ. නොඑසේනම් ජනතාවත් රටත් මෙතරම් ප්‍රශ්න වැලක අද නොපැටලෙනු ඇත. (බ)
උඩබලාගෙන කෙල ගැහුවම මූනට වැටෙන බව ගුරුවරයෙකු වූ ඔබතුමා දන්නේ නැද්ද?තමන්ගේ මහගෙදරට හූකියනකොට ඔය නායකයොයි කියන කිසිවෙක් එය නවත්වන්න උත්සහ කළේ නැහැ නේද? (බ)
එතකොට රාජපක්ෂ දිග කනකොට සදාරාත්මකද? නින්දෙන් පිබිදුනාද? (අ)
හූ කීම අනුමත නොකරමි. මේක ඉල්ලාගෙන කෑමක්. මේ යන විදියට ගියොත් මීට එහා දෙයකටත් වැඩි දුර නැහැ වගේ (නි)
යමෙක් අසූචි වළක බැහැලා අපිට කිවුවොත් ඒවා රසයි, සුවඳයි කියලා, අපි එය පිළිගත යුතුද? (නි)
අද අපේ රටට ස්ථිර නායකයෙක් නැහැ එකී මේ ප්‍රශ්න (ම)
තවකෙනෙකුගේ පක්ෂයකින් රටට හොද දෙයක් කරනවානම් එකට විරුද්දයි.තමන්ගේ පක්ෂයෙන් නරකක් කලත් එකට පක්ෂයි.මිනිසුනේ වෙනස් කල යුත්තේ නායකයන් නොවේ ඔබයි.පක්ෂ දේශපාලනය පසුපස නොයන්න රටට සේවය කරන්නන් පාර්ලිමේන්තුවට එවන්න.(ම)