මහින්ද රාජපක්ෂ මහතා සැලුන්දොර ඉබේම වැසී ඇතැයි ද ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලුන්දොර විවෘත කර ඇතැයි ද සමාජ සේවා සුබසාධන හා පංශු සම්පත් ඇමැති පි.හැරිසන් මහතා අනුරාධපුරයේ අද (05) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබාදෙන බවට එජානිස කිව්වත් එය ස්ථිරවම ප්‍රකාශ වී නැතැයි ද ඒ ගැන සැකයක් පවතින බව ඇමැතිවරයා කීවේය.
ළඟදීම ශ්‍රිලනිපයේ ප්‍රබලයන් විසිදෙනෙකු වැඩි ගණනක් එජාපයට එකතුවන බවත් ඉදිරි මහ මැතිවරණයෙන් එජාපයට ස්ථිරවම ජය ගෙන ශ්‍රිලනිපය සහ තවත් පක්ෂ කිහිපයක් එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටවන බව ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතා අපට අභියෝගයක් නොවන බවත් ඔහු ජනතාව ප්‍රතික්ෂේප කළ නායකයෙකු වන අතර නැවත බලයට පැමිණිමට නොහැකි බව තවදුරටත් හැරිසන් මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තය පරාද වෙන නිසා තමා කට්ටිය දතකට පූට්ටුකරගෙන එතුමාව වලක්වන්න බලන්නේ. දැන් තමා භීෂණය මතුවෙලා තියෙන්නේ. කට්ටිය බැලුවේ ජනාධිපති තුමා ලවා හිටපු ජනාධිපති තුමාව දේශපාලනයෙන් ඉවත් කරන්න. එ්ත් ලක් මාතාව එතරම්ම පව් කරලා නෑ වගේ. රට ගිලගන්න බලන් ඉන්න අයට හොඳ කනේ පාරක්. (නදී)
බලන් ඉන්න. මේක රනිල්ගේ ගැටයක්. (බ)
එන අයව ගන්න එපා.(හේ)
මහින්ද පෙරදුනේ එක පාරය්.එත් අනිත් කෙනා පැරදුන වාර ගණන මටවත් හිතාගන්න බැහැ.(හේ)
මහින්ද මෙදා පාරත් පරාජය කරලා දේශපාලනයෙන් සමු ගන්න දෙමු (හේ)
කුමක් සිදුවේද අවසානය.(හේ)
"අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී" කියල පැරණි පිරුලක් තිබුනා. (නදී)
අන්න නියමයි! (නි)
ජයවේවා ! (නි)
නිලාන්,මහින්දට මේ පාර ඇපත් නැතිවෙනවා (නි)
මහින්දගේ නෙමෙයි මෛත්‍රීගේ වැඩ නිසා පක්ෂයේ අය යනවා දාලා මහින්ද ළඟට (බ)
තුෂාර, ඔයා හරි. (නි)
හේමන්ත, ශ්‍රිමන්, ඔයාලා ඔය හිතට එකඟවද ලියන්නේ? මුළු ලෝකෙම දන්නවා මහින්ද කොහොමද ඡන්ද තිබ්බේ කියලා. අනික මහින්ද ඡන්ද කළ හැටිත් මුළු ලෝකෙම දන්නවා ඔයාලා නොදන්නවා වුණාට.රාජ්‍ය බලයයි, මැර බලයයි, හමුදා බලයයි, ආණ්ඩුවේ සල්ලි වලින් දන්සැලුයි, මිනිසුන්ට අල්ලසුයි නැතුව පරදින එකද, මේ ඔක්කොම තියාගෙන පරදින එකද හොඳ? මොළය පාවිච්චි කරලා හිතන්න. (නි)
දුෂිතයන් ගෙදර යවමු! (නි)
මහින්ද ප්‍රතික්ෂේපවුණේ එක්වරයි. ඒත් සෑහෙන වාර ගණනක් ප්‍රතික්ෂේප වූ අයත් ඉන්නවා (නි)
මහින්දට කැමති කට්ටිකුත් ඉන්නවා (නි)
මහින්දට කැමති නියම සිංහල ලේ තිබෙන අය විතරයි (නි)
පුළුවන් නම් ඡන්ද ලක්ෂ 62 ට වැඩිය අරගෙන පෙන්වන්න (නි)
සරත් -සවුදි 2015-07-05 07:47:47 මහින්දගේ ජය පිළිගෙන ඇත. (නදී)
අනිවාර්යයෙන්ම මහින්ද ජයග්‍රහණය කළ යුතුයි (ම)
අලි ගාලට කුරුමිණීයෝ ආවම මල් හතයි. (ම)
මහින්ද දිනන එක ඔයාලාට නතර කරන්න බෑ මහත්තයෝ (ම)
සරත් සෞදි ඔයා එහෙම හිතනවද පව්නේ (ම)
ශ්‍රීලංකා සන්ධානය දැන් පිරිසුදුයි. මහින්ද සමග රජයක් පිහිටවමු. (ම)
කොයි පැත්තෙන් ආවත් ඇමතිතුමෝ ගෙම්බෝ ගෙම්බෝමයි. හිටපු ලොක්කට වැරදුනේ ඔතනයි. (නදී)
අැයි අපි ගිය පාර දිනෙව්වේ. (නදී)
ජයා පිරිසිදුයි. කුනු ටික මහින්ද එක්ක සෙට් වෙලා ඉතුරු කට්ටිය තමයි අනිත් පක්ෂෙට යන්නේ. (නදී)
එක අත්තේ වහන්නේ එක ජාතියේම කුරුල්ලොනේ. නොගැලපෙන කුරුල්ලෝ ගැලපෙන තැන්වලට යාම ස්වාභාවිකයි. (නදී)
මහින්ද ප්‍රතික්ෂේප වුණේ එකවරයි එත් ඊට වඩා ප්‍රතික්ෂේප වුණ අය ඉන්නේ දේශපාලනයේ (ම)
මහින්දගේ ජය පිළිගෙන ඇත විරුද්ධවාදීන් විසින් (ම)
විස්සක් එනවා කියලා විශ්වාසද?(හේ)
ඡන්දයක් ලං වෙන කොට කට්ටිය පනින එක ලොකු දෙයක් නෙමෙයි.(හේ)
මහින්දට වෙන්නේ මොකක්ක්ද කියලා එයාවත් දන්නේ නැහැ (ම)
ලක්ෂ 57 කෝ දැන් ලක්ෂ 25 ට බැහැලා වග ...! (ම)
කවුරු නොහොම ගියත් මහින්ද මහත්තයා අනිවාර්යයෙන්ම මෙවර ඡන්දයෙන් ජය ගනී.(හේ)
මේ ඇමතිතුමා තමන්ගේ ආසනයවත් දිනාගන්න බැරි වුන කෙනෙක් නේද?(හේ)
අභියෝගය මහින්ද නෙමෙයි අපේ රටේ ජනතාව.(හේ)
එහෙන් මෙහෙට පැන්නම මෙහෙන් එහෙට පනින්නේ කවුද?(හේ)