ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඛෙදා වෙන්කිරීම බැසිල් රාජපක්ෂ මහතා දකින සිහිනයක් පමණක් බවත්, ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එවන් උවමනාවක් නොමැති බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
පක්ෂය ඒකරාශී කර ඉදිරියට ගෙන යාම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් සමඟ මේ දිනවල සාකච්ඡා කරගෙන යන බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා මේ බව පැවසුවේ කොළඹ 07, ශ්‍රාවස්තියේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී අද (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ආබාධිත රණවිරුවන් පාරට ඇදදමා දේශපාලන වාසි ලබාගැනීමට කිසියම් පාර්ශ්වයක් මේ දිනවල උත්සාහ ගනිමින් සිටින බව කී ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඉදිරි අයවැයෙන් එම රණවිරුවන්ගේ ගැටළුව විසදීමට ජනාධිපතිවරයා මේ වන විටත් පියවර ගෙන ඇතැයි ද සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙ තව මොනවා කඩන්නද? (නි)
පසුගිය ආණ්ඩුව කාලේ මොකද ඔබලාත් කලේ දේශපාලන වාසිගනීම් නොකළාද? රතුපස්, මීගමු ධීවරයෝ ඔය තියෙන්නෙ තවත් ඒවා? (ම)
අරුමය නම් සිහිනය සැබෑවී ඇති බවයි. (නි)
අපෙත් ප්‍රාර්ථනාව ඕක තමයි. (නි)
සිහින සැබෑවෙන දින ළඟ ළඟ... (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළේ බැසිල් නෙමෙයි. දැන් පේනවනේ අනාගෙන ඉන්න හැටි (නි)
මේගොල්ලෝ කියන කතාවල කිසිම යථාර්ථයක් නැහැ. ඇත්ත කතාව තමයි පක්ෂය දැනටම දෙකට බෙදිලා ඉවරයි කියන එකනේ. කොටසක් ආණ්ඩු පක්ෂයේ. අනිත් කොටස විරුද්ධ පක්ෂයේ (නි)
ඕකෙ ආයේ මොනවා කඩන්නද? ඔබතුමාලා ඉන්නෙත් දෙකට කැඩුණු පක්ෂයක. හා බොරුද? (නි)
හැබැයි මහින්ද මහතා සිටිනතුරු රට නම් දෙකඩ කරන්න ලැබෙන්නෙ නැහැ (නි)
කඩන්න දෙයක් නැහැ. කැඩිලා ඉවරයි. අපි නම් අලුත් පෙරමුණට... (නි)
ඒ කතාව නම් සහතික ඇත්ත (නි)
ඊළඟ ඡන්දෙ එනකන් ඔය පම්පෝරි ගහන්න. ඊටපස්සේ තමුන්ගේ තරම තේරේවි. (නි)
සිහිනෙන් තමයි කියවන්නේ මෙයත්! (නි)
සිහිනය සැබෑවෙන්නත් පුළුවන් (නි)
ගිය පාර කඩාගත් ඡන්ද ටිකත් එන පාර හම්බවෙන්නේ නැහැ කියලා මතක් වුණාම ඔක්කොම අමතකයි නේද. ඕක කැඩිලා ඉවරයි. තව කැඩෙන්න දෙයක් නැහැ. 2014 අන්තිමේදී නිදහස් පක්ෂයේ හංස ගීතය ගයලා ඉවර කළා මතක නැද්ද. (නි)
ඇයි මහලේකම්තුමා පොරොන්දුවුණා මතකද මාස තුනෙන් අාබාධිත සෙබලුන්ගේ ප්‍රශ්නය විසඳනවා කියලා. මම හිතන්නෙ තාම ඒ මාස තුන ඉවර නැතුව ඇති (නි)
ඕකේ තව දෙකඩ කරන්න දෙයක් ඉතුරු නැහැ. මුලින්ම අනුර කැඩුවා විතරක් නොවෙයි නඩුත් දැම්මා. ඊටපසු චන්ද්‍රිකා කැඩුවා. තුන්වෙනි වරට 2014 මෛත්‍රී මහතා කැඩුවා. කැඩුනේ නැහැ කියන උදවිය තමයි සිහින දකින්නේ (නි)
ලැබෙන කොමිස් මුදල ලොකු නම් සමහරුන්ට රට දෙකට නොවේ 3 ට වුණත් කඩා පෙන්විය හැක (නි)
යන්න යන්න, තව කඩේ යන්න. (නි)
ඔබට ජයවේවා! (නි)